Ads 468x60px

.

රාවණා බලය මෝඩ සිංහල ග්‍රාමීය බෞද්ධයන් අන්දයි.

ඕස්ට්‍රේලියානු කැසිනෝ රජෙකු වන ජේම්ස් පැකර් ගේ සූදු සංකීර්ණ හෝටල් ව්‍යාපෘතිය ගැන අවධානය වෙනතකට යොමු කොට මෝඩ සිංහල ග්‍රාමීය බෞද්ධයන් ඇන්දීම සඳහා "සීතා මං ආවා" චිත්‍රපටයට එරෙහිව රාවණ බලය යුධ ප‍්‍රකාශ  කොට තිබේ.

බුදුන් වෙනුවට රාවනා අදහන තලිබාන් නිකායේ කොන්ත්‍රාත්කරුවන් පිරිසක් විසින් ප්‍රවීණ සිනමාකරුවකු වන ජයසේකර අපොන්සු මහතාගේ ‘සීතා මං ආවා’ චිත්‍රපටයේ මංගල දර්ශනය බොරැල්ලේ ‘රිට්ස්’ සිනමා ශාලාවේ දී  පැවැත් වූ ස්ථානයට කඩා වැදී කොට තිබේ.


රාම – රාවණා – සීතා නම් තුන ඉවත් නොකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන්නේ යැයි රාවණා බළකාය පවසයි. එය ගණනකට නොගෙන චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ නම් ඊට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ යැයි ද රාවණා බළකාය තවදුරටත් කියා සිටී.  

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාවණා බලයේ මහලේකම් ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස  ඕස්ට්‍රේලියානු කැසිනෝ රජා වන ජේම්ස් පැකර්ද ගැන මුනිවත රකිමින් කිසිදු පුරා විද්‍යත්මක සාධක නැති ඉන්දියානු සුරංගනා කතා වල එන රාම සීතා රාවණා ගැන මෙසේ කියයි. 


රාවණා රජතුමා ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාල අද්විතීය වෙනස්කම් කරනු ලැබූ රජතුමෙකි. එතුමාගේ චරිතයට විශාල හානියක් හා අපහාසයක් මේ චිත්‍රපටයෙන් සිදු කරනවා. ඉදිරියේදී අප මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර හා තීන්දු තීරණ ගන්නවා. මේ අසහාය රජතුමාට කිසිවෙකුට අපහාස කිරීමට ඉඩදිය නොහැකියි.  

තලිබාන් නිකායේ පිස්සුන් වහන්සේලාගේ ක්‍රියාව ගැන අදහස් දැක්වූ චිත්‍රපටයේ නිෂ්පාදක චමින්ද රණසිංහ මහතා ….  “මා රුපියල් කෝටියකට වඩා චිත්‍රපටයට වියදම් කළා. මෙසේ කළේ ණය වෙමින් හොඳ බෞද්ධයෙකු ලෙස රාවණා රජතුමාගේත් බෞද්ධ භික්‍ෂුන් වහන්සේගේත් ඇති බලය තවදුරටත් ලොවට ඉස්මතු කිරීමටයි.”  


මම දහදුක් විඳ නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට රාවණා බලය ඉඩ නොදුන්නොත් මා රාවණා බලය ඉදිරිපිටට ගොස් දිවි නසාගන්න ගිනි තියා ගන්නවා. මා උත්සාහ කළේ අපේ අභාවයට යන සංස්කෘතියත් පැරණි පුරාවෘතාන්තත් ඉදිරියට ගෙන ඒමටයි. ඒවා අලුත් පරම්පරාවට දායාද කිරීමටයි.

එලෙසම මම හොඳ බෞද්ධයෙක්. මට අවශ්‍ය සියලු ආගමික සහජීවනය ඇතිවන ආකාරයෙන් නිර්මාණ කිරීමටයි. මේ චිත්‍රපටය සඳහා චිත්‍රපට සංස්ථාවෙනුත් රැඟුම් පාලක මණ්ඩලයෙනුත් අනුමැතිය ලැබී තිබෙනවා. එසේ තිබියදීත් රාවණා බලය මේ සඳහා විරෝධය පෑම දරාගත නොහැකියි.   

රාවණා මිථ්‍යාව ගැන මෝඩ සිංහල ග්‍රාමීය බෞද්ධයන් අන්දන රාවණා බලය ජෝන් කීල්ස් සමාගම් සමූහය සහ ඕස්ට්‍රේලියානු කැසිනෝ රජෙකු වන ජේම්ස් පැකර්ද කොටස් කරුවෙකු වන ලේක් ලෙෂර් සමාගම විසින් කොළඹ සිදුකිරීමට යන කැසිනෝ පහසුකම් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා සහන සැලසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබීම ගැන   වචනයකින් හෝ විරෝධය දක්වා නැත​. 


මේ අනුව තලිබාන් නිකාය බුරන්නේ උගේ හාම්පුතා උසි උසි කියන ඉලක්ක වලට බව පෙනේ. ඒ බුරන්නෙත් මෝඩ සිංහල ග්‍රාමීය  බෞද්ධයන් ගේ අවධානය වෙනතකට යොමු කරවීම සඳහාය​.

උද්ඝෝශනය කරනවා නම් රාවණා බලයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්සට මෙන්න බඩු.

කොළඹ 02, ග්ලෙනි වීදියේ විනිසුරු අක්බාර් මාවතේ පිහිටි වෝටර් ෆ‍්‍රන්ට් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගම යටතේ ස්ථාපිත කිරීමට යෝජිත ඒකාබද්ධ සංචාරක කර්මාන්තය ආශ‍්‍රිතව ජොන් කීල්ස් හෝල්ඩිඞ්ස් පී.එල්.සී. සමාගම විසින් සිදු කරන ව්‍යාපෘති සඳහා 2008 අංක 14 දරණ ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධිත පනත ප‍්‍රකාරව) සහන සැලසීමට, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.  


සුඛෝපභොභෝගී හෝටලයක්, සම්මේලන මධ්‍යස්ථානයක්, විනෝදාස්වාදය මෙන්ම සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම්, සාප්පු සංකීර්ණයක්, සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්, කාර්‍යාලීය ඉඩපහසුකම් ආදීන්ගෙන් සමන්විත මෙම ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මි. 650 ක ආයෝජනයක් කිරීමට නියමිතය.

මීට අමතරව, දේශීය ව්‍යාපාරික රවී විජේරත්න හා ජේම්ස් පැකර් විසින් ඒකාබද්ධව පිහිටුවාගෙන තිබෙන ලේක් ලෙෂර් හෝල්ඩිඞ්ස් සමාගමේ ව්‍යාපෘතිය යටතේ ඇ.ඩො. මි. 350 ක ආයෝජනයෙන් යුත් අවම වශයෙන් කාමර 400 ක් රැස්වීම් හා සම්මේලන මධ්‍යස්ථානයක් , සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම්, අලංකාර යෝජිත ශාලා හා වෙනත් ආශ‍්‍රිත පහසුකම් ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉදිකිරීමට නියමිතය.  

මෙම ව්‍යාපෘතිය 2008 අංක 14 දරණ ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධිත පනත යටතේ) ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඒ යටතේ සහන ලබාදීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails