Ads 468x60px

.

කිලෝ මීටරයකට රු: 2 යි ‘නිසාන් ලීෆ්’ විදුලි කාරය දැන් ලංකාවේ (වීඩියෝ)

චාජ් කල පසු, කිලෝ මීටර් 160 ක දුරක්...

චාජ් කර ගැනීමට වැය වන්නේ රුපියල් 350 යි...

චාජ් කරන්න යන්නේ 
විනාඩි 15 යි...  

ලොව වැඩිම අලෙවියක් ඇති, ඉන්ධන පිරිමසින, විදුලි බලයෙන් පණගැන්වෙන, දුම් පිටනොකරන පරිසර හිතකාමී, අංක එකේ පවුලේ මෝටර් රථය ලෙස සැලකෙන ‘නිසාන් ලීෆ්’ තව නොබෝ දිනකින් මෙරටට ද පැමිණීමට නියමිතය.

නිසාන් ලීෆ් මෝටර් රථයේ ඇති සුවිශේෂත්වය, එය නිවසේදීම චාජ් (ආරෝපණය) කර ගැනීමට හැකිවීමය. මෝටර් රථයේ බැටරිය සම්පූර්ණයෙන් චාජ් කර ගැනීමට ගත වන්නේ විනාඩි 15 ක් පමණය. ‘නිසාන් ලීෆ්’, අශ්ව බල 107 කින් යුක්තය. ඊට සවි කර ඇත්තේ ලිතියම් අයන් බැටරියකි.

බැටරිය වරක් චාජ් කර ගැනීමට වැය වන්නේ රුපියල් 350 ක් වන අතර ඞීසල් සහ පෙට‍්‍රල් වැනි ඉන්ධන හා සසඳා බැලීමේදී එය ඉතා සහනදායීය. කිලෝ මීටරයක් සඳහා වැය වන්නේ රුපියල් 2 ක් වැනි සුළු මුදලකි. බැටරිය සම්පූර්ණ චාජ් කර ගතවිට, කිලෝ මීටර් 160 ක දුරක් ධාවනය කිරීමට ද හැකියාව ලැබේ.

ප‍්‍රංශයේ ‘රෙනෝල්’ සමාගම සහ ජපානයේ ‘නිසාන්’ මෝටර් රථ සමාගම සමඟ එක් වී, ‘නිසාන් ලීෆ්’ මෝටර් රථය නිර්මාණය කළේ වඩාත් හොඳ සහනදායී, ඉන්ධන පිරිමසින, පරිසරයට හිතැති දෙමුහුන් රථ අභිබවා යන නව මෝටර් රථයක් වෙළෙඳ පොළට හඳුන්වාදීමේ අරමුණින්ය.

මෝටර් රථයේ නිෂ්පාදන කටයුතු ඇරැඹුණේ 2010 වසරේදීය. 2011 වසරේ ලොව අංක එකේ මෝටර් රථය ලෙස කාගේත් තේරීම වූයේ ද ‘නිසාන් ලීෆ්’ ය. මේ වන විට ඇමෙරිකාවේ අංක එකේ ඉලෙක්ට්‍රොනික කාර්එක වන්නේ ද මෙයයි.

පස් දෙනකුට පහසුවෙන් ගමන් කළ හැකි නිසාන් ලීෆ් මෝටර් රථයේ පසුපස භාණ්ඩ පැටවුමට සඳහා ද ප‍්‍රමාණවත් ඉඩක් ඇත.

අනතුරකදී කි‍්‍රයාත්මක වන ‘එයාර් බෑග්ස්’ එසේත් නැතිනම් වා මලූ 6 ක් සහ විශේෂ තිරිංග පද්ධතියකින් ද ‘නිසාන් ලීෆ්’ සමන්විතය. එපමණක් නොව, ‘නිසාන් ලීෆ්’ මෝටර් රථයට සම්බන්ධ කර ඇත්තේ සාම්ප‍්‍රදායික ඇන්ජිමක් නොවේ. එහෙයින් මෝටර් රථය අතිශයින් නිහඬය. එය ධාවනය වන හඬ නොඇසේ.

‘නිසාන් ලීෆ්’ මෝටර් රථයට කොතරම් නිහඬව ගමන් කළ හැකි දැයි කිවහොත් මහ මඟ ධාවන වෙද්දී, පදිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එය හඬක් නැෙඟන ආකාරයට නිර්මාණය කිරීමට ද නිර්මාණකරුවන්ට සිදු විය.

‘නිසාන් ලීෆ්’ මෝටර් කාරය ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන්නේ ‘ඊ.වී. ලංකා’ පෞද්ගලික සමාගමය. එම සමාගම මේ වනවිටත් පළමුවෙන් වෙළෙඳ පොළට නිකුත් කෙරෙන ‘නිසාන් ලීෆ්’ මෝටර් රථ අතරින් මෝටර් රථ පහක් මෙරටට ගෙන්වීමට ද කටයුතු යොදා ඇත.

‘නිසාන් ලීෆ්’ කාරය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට නිකුත් කෙරෙන්නේ රුපියල් මිලියන 4.2 ක මුදලක සිට යැයි ‘ඊ.වී. ලංකා’ සමාගමේ සභාපති බී පේ‍්‍රමනාද් කියා සිටී.

එම වීඩියෝව පහතින් 

 
Related Posts with Thumbnails