Ads 468x60px

.

බෙල්ලන්විල විමලරතන මුදල් විශෝදනය කරලා.

ආදායම් බදු වංචාවක්...

රහස් පොලිසිය විසින් ගෝල්ඩන් කී මුල්‍ය ආයතනයේ මුදල් තැන්පතු කරුවන් පිළිබඳව කරන ලද පරීක්ෂණයකට අනුව බෙල්ලන්විල විමලරතන භික්ෂුව විසින් මෙම මුල්‍ය ආයතනයේ රුපියල් මිලියන 200 කට අසන්න මුදලක් තැන්පත් කොට ඇති බවට සොයාගෙන ඇත.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ මහාභාරකාර දෙපාර්තමේන්තුවේ නීති උල්ලංඝනය කරමින් මේ සා මුදල් තොගයක් පුද්ගලික මුල්‍ය තැන්පතු ආයතනයක තමන්ගේ නමින් තැන්පත් කිරීම ආදායම් බදු වංචාවක් මෙන්ම ලංකාවේ මුදල් නීති රීති බරපතල ලෙස බිඳ දැමීමකි. 

සිදු කරනලද පරීක්ෂණ අනුව බෙල්ලන්විල විමලරතන කාලයක් පුරා විවිධ දුෂිත ව්‍යාපාරිකයන්ගේ කළු සල්ලි සේදීම (Money Laundering) සිදු කල බව හෙළි වී තිබේ.

ලංකාවේ දේශීය ආදායම් නීති රීති අනුව මෙවැනි වංචනික මුදල් තැන්පතු සහ සඳහා කළු සල්ලි සේදීම සිර දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම භික්ෂුවට අයත් දෙහිවල මුවර්ස් පාරේ සුපිරි නිවසක්ද තිබෙන බව රහස් පොලිස් පරීක්ෂණයේදී හෙළිවී තිබේ.

- සමන්ත කෝනාර
 
Related Posts with Thumbnails