Ads 468x60px

.

මීරිගම ජී‍‍‍ෆි ප්‍රොඩක්ට්ස් සමාගමට අපහාස වන පරිදි විද්‍යුත් පුවත් පලකලැයි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට වාරණ නියෝගයක්

කොහුබත්, පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන කරන මීරිගම අපනයන සැකසුම් කලාපයේ පිහිටි නෝර්වේ සමාගමක් සම්බන්ධයෙන් අපහාස වන පරිදි ‍විද්‍යුත් පුවත් පිටු පළ කිරීම වළක් වමින් "ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවියට" වාරණ නියෝගයක් කොළඹ දිසා අධි කරණය ඊයේ (18) නිකුත් කර තිබුණා.

මේ හේතුවෙන්
පෙරේදා (17) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබු අතර ඊයේ (18) දවස පුරා මිරර් වෙබ් අඩවියට පිවිසීමට නොහැකි වන පරිදි විවිධ බාධා කිරීම් එල්ල කර තිබුනා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි කර්තෘ කැලුම් ශිවන්ත පවසා සිටියේ මෙම සයිබර් ප්‍රහාරයකට ලක්වූ පළමු වතාවද නොවන බවයි. මෙම
මිරර් වෙබ් අඩවිය වෙත දිගින් දිගටම සයිබර් ප්‍රහාර එල්ල වන බවද ඔහු පැවසුවා.

අදාල වෙබ් අඩවිය පරිශීලනය කරන තිස් දහසකට ආසන්න පාඨකයින්ට තොරතුරු දැනගැනීමට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කනගාටුව පළ කළ එහි කර්තෘවරයා හැකි ඉක්මනින් නැවත තම පාඨකයා වෙත මිරර් වෙබ් අඩවිය වෙත පිවිසීමේ හැකියාව ලබාදීමට කටයුතු කරමින් සිටින බවද
පැවසුවා

කෙසේ වෙතත් මීරිගම ජී‍‍‍ෆි ප්‍රොඩක්ට්ස් එස් එල් සමාගම විසින් පැවරූ නඩුව සළකා බැලු කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරචිචි මහතා මේ වාරණය ඔක්තෝම්බර් 2 දින දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කලා.

"පොල් ලෙලි සෝදන විස දැදුරු ඔයට " ශිර්ශය යටතේ 2013 ජුනි 27 දින පළකරන ලද ප්‍රවෘත්තිටය විරුද්දව මේ නඩුව, ද තික්ක් ටැන්ක් පුද්ගලික සමාගමට විරුද්ධව පැවරූ අතර මිරර් වෙබ් අඩවියෙන් සිදුවු අගතියට රුපියල් මිලියන 750ක වන්දියක් අයකර දෙන ලෙසද අධි කරණයෙන් ඉල්ලා තිබුණා.


ජීෆී සමාගම 2003 වසරේ ආරම්භ කළ බවත් එතැන්සි‍ට අදාළ අමාත්‍යාංශ වල අනුමැතිය පරිදි පාරිසරික බලපත්‍ර සහිතව සමාගමේ පොල් ලෙලි කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන කරන බවත් ඒ සඳහා බහුල වශයෙන් කැල්සියම් නයිට්රේට් භාවිත කරන බවත් ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවසුවා. 


නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු අපද්‍රව්‍ය තනුක කිරීමෙන් පසුව පරිසරයට මුදා හරින බව ද නීතීඥවරයා පැවසුවා.

‍කොබෙයිගනේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඇතුළු කර්මාන්තශාලවල අප ජලය බැහැර කෙරෙන කියුබික් මිටර් 20000, 30000 ධාරිතාවයෙන් යුතු ටැංකි ඇති බවත්, සෑම අවස්ථාවකදීම පර්යේෂණය කරමින් අප ද්‍රව්‍ය පරිසරයට මුදා හරින බවත් පැවසු නීතීඥවරයා මෙය තරඟකාරි කර්මාන්ත ශාලාවක නියෝජිතයකුගේ අපහාසයක් බවද, සඳහන්
කලා.

කරුණු සළකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා වග උත්තර කරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කරමින් ඔක්තෝම්බර් 2 දින කරුණු දක්වන ලෙසට නියෝග
කල අතර සුපුරුදු පරිදි එම වෙබ් අඩවියට පිවිසීම සිදු කරන ලෙසට දන්වා සිටියා.
 
Related Posts with Thumbnails