Ads 468x60px

.

හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ රහස් මෙන්න...

හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ දස්කම් මෙන්න... යනුවෙන් උතුරන තෙල් තාච්චියට අත දැමීම, පිටි අල්‍ලේ මිනී ඔළුවක රුවක් මතු කිරීම, සුරයක බල පෙන්වීම ආදි මහා බලගතු හාස්කම් කිරීමේ සුවිශේෂ බලයක් ඇති සුරූපී නිළියක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

අප එම ලිපිය පලකරනු ලැබුවේ හුදෙක් ජනතාව මිථ්‍යාව සඳහා යොමු කිරීමට නොවන අතර ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් බව අවධාරණය කරනු පිණිසයි.

ඒ අනුව අප පෙර සඳහන් කළ
ඒ සුවිශේෂ බලයක් ඇති සුරූපී නිළිය ඉදිරියේදී එම ශක්තිය පෙන්වීම සඳහා කටයුතු යොදාගෙන යන අතර ඊට ප්‍රථම ඇය විසින් එම කාර්යයේ නියැළෙන්නේ කෙසේද යන්න පිළිබඳව සවිස්තර වාර්තාවක් ගෙන එන බවට‍ hotandfastnews පාඨකයන් වෙත අප පුර්ව දැනුම් දීමක් කළා. 

ඇය මහරගම, පිළියන්දල පාරේ පදිංචි විවාහක එක් දරු මවක ද වන නදී දර්ශනීය වන අතර එලෙස ගුප්ත විද්‍යා ක්ෂේත්‍රයට කිසිදු ක්‍රියාකාරී සබැඳියාවක් නොමැති නමුත් ඉහත සඳහන් කළ සියලු ගුප්ත විද්‍යා හාස්කම් පෑ හැකි නව පරපුරේ එම සුරූපී නිළිය ලක්බිම පුවත් පත සමඟ කළ කතාබහ පහතින්.

නදීට කොහොමද මේ වගේ හාස්කම් බලයක් ලැබුණේ ?

සේරටම කලින් කියන්න තියෙන්නේ මගේ මේ ක්‍රියාවලට හාස්කම් බලය කියන වචනය යොදන්න එපා කියලයි. මේක මගේ ළඟ තියෙන එක්තරා හැකියාවක්, දක්ෂකමක් විදිහට හැඳින්වූවම හොඳටම ඇති.

හොඳයි කොහොමද නදීට මේ වගේ දක්ෂකම් කීපයක්ම හිමි වුණේ ?

මගේ තාත්තා රත්නපුර, ගල්ලෑල්‍ලේ උඩකන්දේ අංක එකසිය විසිඑක ලිපිනයේ පදිංචි රූපසිංහ විතානආරච්චි. වෘත්තියෙන් ගොඩනැගිලි ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ ශිල්පියෙක් වුණත් මගේ තාත්තා තරුණ කා‍ලේ ඉඳලම ගුප්ත විද්‍යාවන් කීපයක්ම ප්‍රගුණ කළ කෙනෙක්. 


අද වෙන කොට තාත්තා සතුව ඒ පිළිබඳ දැනීම් අත්දැකීම් රාශියක් තිබෙනවා. ඒ අත්දැකීම් ඔස්සේ තාත්තා අදත් විවිධ පුද්ගලයන්ගේ කායික, මානසික අර්බුද සමනය කෙරෙන කෙම් පහන් කටයුතු කරනවා. ඒ හැම දේකටම තාත්තා යොදා ගන්නේ බුදුගුණ ශාන්තිය විතරයි.

එතකොට තාත්තාගේ ඒ ගුප්ත විද්‍යා කටයුතුවලට ඔබ පාන දක්ෂතාත් අයත් වෙනවාද?

නැහැ. කිසිසේත්ම නැහැ. තාත්තා ඒවා ගැන දැන සිටියාට කිසිම දවසක භාවිත කරලා නැහැ.

ඒ ඇයි ?

ඔය ගුප්ත විද්‍යාව තුළ අවංකව කරන කොටසකුත් තියෙනවා. ඒ වගේම උපක්‍රම හැටියට කරන කොටසකුත් තියෙනවා. නමුත් තාත්තා කරන්නේ අවංකවම කරන කොටස් විතරයි. ඒත් මම මේ කරලා පෙන්නුවේ තාත්තා ගෙන් ඉගෙනගත්තු ඒවායේ තියන උපක්‍රමවලට අයිති ටිකක්. 


ඒ උපක්‍රම මිනිස්සුන්ගේ හිත් හදන්න යොදා ගන්න පුළුවන්. නමුත් අද ඒවා වැඩිපුරම භාවිතා වෙන්නේ කට්ට කයිරාටිකකම් හැටියට. ඒ හින්දා තමයි මට හිතුණේ ඒවට රැවටෙන අහිංසක මිනිස්සු ඒවායින් මුදා ගන්න ඒවායේ ඇතුල් පැත්ත එළිදරව් කරන්න.

එතකොට නදී කියන්නේ ඔයාගේ මේ හාස්කම්වල කිසිම අද්භූත බලයක් නෑ කියලද?

නෑ කීයටවත්ම නැහැ. මේ බොහොම සරල ක්‍රියාකාරකම් කීපයක් විතරයි.

එතකොට කොහොමද නදී දැන් පිහියක් ගිරයක් නැතුව ඇඟිලි දෙකෙන් මේ දෙහි ගෙඩිය පිහියකින් වගේ හරි මැදින් දෙකට කැපුවේ ?

ඒක බොහොම පුංචි දෙයක්. කලින් දෙහි ගෙඩියක් අරගෙන ඒක වටේට එකකට එකක් යාවෙන විදිහට පුංචි පුංචි සිදුරු විදගන්නවා. ඊට පස්සේ දෙහි ගෙඩිය ටිකක් ‍පොඩි කළාම ඒ සිදුරු ඔක්කොම මැකිලා යනවා.

පස්සේ දෙහි ගෙඩිය අරගෙන දකුණු අතේ දබරැඟිල්ලටයි මැදැගිල්ලටයි මැදි කරලා තද තෙරපීමක් කළාම පිහියකින් කැපුවා වගේ ඒක හරි මැදින් දෙබෑ වෙනවා. මේ දේ කරන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවා. අවස්ථාවක් ආවොත් ඒවාත් කියන්නම්.

එතකොට කොහොමද නදී දැන් ගිරයෙන් කපපු දෙහි ගෙඩියෙන් ‍ලේ වෑස්සුණේ?

ඒකටත් ක්‍රම කීපයක්ම තියෙනවා. එයින් එක ක්‍රමයක් තමයි ඒ දෙහි කපන්න ගන්න ගිරයේ වදමල් කීපයක් අතුල්ලා අව්වේ තියන එක. ගිරය වේළුණාට පස්සේ ඒ යුෂ පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ ඒ ගිරයෙන් දෙහි ගෙඩියක් කපන කොට දෙහි ඇඹුල් එක්ක සංයෝග වෙන වදමල් යුෂ පේන්නේ හරියට ‍ලේ වගේ. 

එහෙම දෙහි ගෙඩිය කපන අතරේ බොහොම සියුම් විදිහට දෙහි ගෙඩිය මිරිකන කොට ඒකෙන් මතුවෙන වදමල් යුෂ මිශ්‍ර දෙහි ඇඹුල් පේන්නේ හරියටම දෙහි ගෙඩියෙන් ‍ලේ ගලනවා වගේ.

උතුරන තෙල් තාච්චියට අත දැමීමත් ඒ වගේ පහසු සරල දෙයක්ද?

ඒක නම් තරමක් කල්පනාවෙන් කරන්න ඕන දෙයක්. මොකද ‍පොඩ්ඩ එහේ මෙහේ වුණොත් දරුණු පිළිස්සුම් තුවාල වුණත් ලබන්න පුළුවන් නිසා. නමුත් මම ඒ ක්‍රමයත් කියලා දෙන්නම්.


ඕනෑම ද්‍රාවනයක් උතුරන්න පටන් ගන්නේ නිශ්චිත තාපාංකයක් යටතේ. නමුත් එහෙම ඉතුරුවාට පස්සේ ගිනි රස්නය නිසා උතුරන තෙල් උෂ්ණත්වය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. දැන් අපි හිතමු තෙල් තාච්චියක් ළිප තියනවා, ඒක උතුරගෙන එනකොට අපි ඒකට පපඩමක් දානවා. 


ඒක බැදෙන්න විනාඩියක් ගියා කියමු. ඊට පස්සේ අපි දාන විසි තිස් වෙනි පපඩම් බැදෙන්න යන්නේ තත්පර කිහිපයයි. මොකද තෙල්වල උෂ්ණත්වය ඉහළ ගිහින් තියෙන නිසා. ඒ වගේම මම වෙන විදිහක් නැති හින්දා යොදා ගත්තාට මේ වැඩේට ගෑස් ළිප් ලෝහ භාජන යොදා ගන්නත් හොඳ නැහැ. 

ඒවායේ උෂ්ණත්වය එක පාරටම ඉහළ යන නිසා. කොහොම හරි අධික උෂ්ණත්වයක් ඇති නොකරන පැඟිරි දර වගේ දර විශේෂයකින් තෙල් හට්ටියක් රත් කරලා ඒක උතුරාගෙන එනකොටම ඒකට දෙකට කපපු දෙහි ගෙඩි කීපයක් දාන්න පුළුවන්. ගෙඩි පිටින් වුණත් කමක් නෑ. 
අර තෙල් නටනවා වගේ පෙණුනට උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ බහිනවා. අන්න ඒ වෙලාවට බොහොම විමසිලිමත්ව තෙල් තාච්චියට අත දැම්මොත් ඒ දෙහි ගෙඩි ආපහු ගන්න පුළුවන්. නමුත් ඒක ඉක්මනටම කළ යුතු දෙයක් කියන එකත් කියන්නම ඕනේ. ප්‍රමාද වුණොත් උතුරන තෙ‍ලේ උෂ්ණත්වය වැඩිවෙලා අත පිළිස්සෙන්න පුළුවන් නිසා.

එතකොට නදී අතේ පිටි අල්ලෙන් මිනී ඔළුවක් මවන්නේ කොහොමද?

ඒකත් සරල මැජික් එකක් විතරයි. ඉස්සරවෙලාම මම අරලිය කිරි වගේ දේකින් පිටි අල්‍ලේ මිනී ඔළුවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ බවක් නොකියා පුංචි කඩදාසි කෑල්ලක් අරගෙන ඒකෙන් අරකට සමාන මිනී ඔළුවක් ඇඳ ගන්නවා. 

ඊටත් පස්සේ ඒ කඩදාසිය පුච්චලා ඒ ගෙදරට හරි පුද්ගලයට හරි හූනියමක් කරලා තියෙනවා නම් ඒ හූනියම මගේ අතින් පෙන්නුම් කරන්න ඕනේ කියලා සද්දයක් දාලා කඩදාසි අළු ටික පිටි අල්‍ලේ ගාගන්නවා. එතකොට ටිකෙන් ටික බොහොම ලස්සනට අර මිනීඔළුව පිටි අල්ලෙන් මතුවෙනවා.

එතකොට නදී ජීවම් කරපු සුරයක් ඉබේ චලනය කරන්නේ කොහොමද?

ඒකටත් කිසිම ජීවමක් වුවමනා නැහැ. සුරයක් ‍නෙවෙයි වෙන මොකක් හරි දෙයක් වුණත් දිග නූලකින් ‍පොළොවට ලම්භකව අල්ලාගෙන දැන් මේක මගේ පැත්තට හරි එහා පැත්තට හරි දෙපැත්තටම හරි පැද්දෙනවා කියලා හිතුවොත් ඒක ඉබේටම පැද්දෙන්න පටන් ගන්නවා. 

ඒ එක්කම දැන් ඒක පැද්දෙන්නේ නෑ කියලා හිතුවොත් ටිකෙන් ටික ඒ පැද්දීම නතර වෙනවා. මේක ඒ පුද්ගලයාගේ මානසික බලපෑම මත සිද්ධ වෙන දෙයක් මිසක් කිසිම ගුප්ත දෙයක්වත් හාස්කමක්වත් ‍නෙවෙයි.

නදී කියන විදිහට මේවා බොහොම සරල ක්‍රියාකාරකම් නම් ගුප්ත විද්‍යා කටයුතු විදිහට මේවා කාලාන්තරයක් තිස්සේ පැවැත ආවේ කොහොමද?

ඒකටත් සාධාරණ හේතු තිබුණා. දැන් අපි හිතමු අයියා කියනවා අයියාට බරපතළ විදිහට ඇස්වහ කටවහ දොස් තියෙනවා කියලා. ඊට පස්සේ අයියාට ඕනෙ වෙනවා මං ලවා ඒක බලවාගන්න. ඊට පස්සේ මං අයියලාගේ ගෙදරට ඇවිත් මොකක් හරි වත් පිළිවෙත් ටිකක් කරලා කියනවා දැන් අපි දෙහි ගෙඩියක් කපලා බලමු. 


අයියට බරපතළ විදිහට ඇස්වහ කටවහ දොස් තියෙනවා නම් මේ කපන දෙහිවලින් ‍ලේ ගලන්න ඕනේ කියලා. එහෙම කියලා මම අර විදිහට දෙහි කැපුවම මොකද වෙන්නේ? අයියගේ හිතේ තියෙන ඒ සැකය සීයට සීයක්ම තහවුරු වෙනවා.

ඊට පස්සේ මමත් ඇස්වහ කටවහ දුරු කරලා කියලා සාමාන්‍ය දෙහි ගෙඩියක් කපලා පෙන්නනවා. එතකොට අයියගේ හිත සුද්දයිනේ. ඔන්න ඔය වගේ දේවල්වලින් රුපියල් ලක්ෂ කෝටි ගණන් උපයා ගන්න හොර ඇදුරොත් අද ඕනෑ තරම් ඉන්නවා. ඒ හින්දා තමයි මේවායේ ඇත්තම කතාව මේ විදිහට ප්‍රසිද්ධ කරන්න හිතුවේ. නදී දර්ශනී කීවාය.


ඇගේ එම ප්‍රකාශයේ අවසානයට තවත් එකතු කළ යුතු යමක් ද තිබේ. එනම් රූපවාහිනී මාධ්‍ය මගින් ගුප්ත විද්‍යාවේ නමින් මෙබඳු ඇස් බැන්දුම් පාන්නවුන් සහ ඒවා විකාශනය කරන ඇතැම් රූපවාහිනී මාධ්‍ය ආයතනවලට සම්බන්ධ පුද්ගලයන් සමග අත යට ගනුදෙනු පවා සිදුවන බවට අප වෙත විශ්වසනීය තොරතුරු පවා ලැබි තිබිමය. 


මෙවන් සරල විජ්ජාවන් මහානුභාව සම්පන්න ගුප්ත හාස්කම් වශයෙන් දක්වමින් අසරණුන් මුලා කරන එම කපටි කයිරාටිකයන්ගෙන් කොමිස් මුදල් ලබා ගැනීම දක්වා ඇතැම් රූපවාහිනී මාධ්‍යවලට සම්බන්ධ පුද්ගලයන්ගේ සදාචාරය කාණු පල්ලට වැටී ඇති බවත්  පැවැසීමට සිදුවීමද අතිශය ඛේදවාචකයකි.

ඒ කෙසේ හෝ අවංක අයුරින් ගුප්ත විද්‍යා කටයුතුවල නියැළෙන තම පියාගෙන් උගත් මෙම ගුප්ත විද්‍යා හාස්කම්වල යථාර්ථය මෙලෙස ප්‍රසිද්ධ මාධ්‍යයක් මගින් ගෙනහැර දැක්වීමට තරම් අව්‍යාජ වූ සුරූපි මෝස්තර නිරූපිකා නදී දර්ශනීට පාඨක ඔබ සැම වෙනුවෙන් අපගේ හදපිරි කෘතඥතාව මෙලෙස සටහන් කරන්නෙමු.


හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ දස්කම් මෙන්න...
 
Related Posts with Thumbnails