Ads 468x60px

.

සැප්තැම්බර් 17 පේන්න එනවා කිවූ මංජුල පීරිස්ගේ කතරගම දෙවියො කෝ..?

කතරගම දෙවියන් සැප්තැම්බර් 17 වැනිදා දෘශ්‍යමාන වන බවට‍ ලංකාවේ ප්‍රකට ජ්‍යෝතිර්වේදියකු වන මංජුල පීරිස් මහතා පැවැසූ අනාවැකියක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම අනාවැකිය හේතුවෙන් ඊයේ (17දා) අලුයම බැතිමත්හු ලක්‍ෂ ගණනක් දෙනාගෙන් කතරගම පූජා භූමිය පිරී ගියා. 

පෙරේදා (16දා) මධ්‍යම රාත්‍රියේ සිට කණ්ඩායම් ලෙස සෑදුණු බැතිමතුන් විශාල ලෙස කතරගමට ඇදී එනු දක්නට ලැබුණා. 17දා අලුයම වන විට එසේ ඇදී ආ ජනතාවගෙන් කතරගම දේවාල භූමිය, කිරිවෙහෙර මාවත, අභිනවාරාමය ඉදිරිපිට ඇතුළු පූජා භූමියට අයත් සියලු තැන් අතුරු සිදුරු නැතිව පිරී තිබුණා.

සාමාන්‍යයෙන් සතියේ දිනක තබා සති අන්තයේවත් මෙවන් ජනතාවක් කතරගම පූජා භූමියට නොපැමිණෙන බව කතරගම දේවාලයේ ඉහළ බලධාරියෙක් අප වෙත පැවසුවා. මෙවන් විශාල ජනතාවක් කතරගමට ඇදී ආවේ මංජුල පීරිස් මහතා පළකළ අනාවැකිය නිසා බවද ඔහු වැඩි දුරටත්
පැවසුවා.

දරුවන් අතැතිව, පූජා වට්ටි ඔසවාගෙන කතරගම පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් විශාල වශයෙන් අපහසුතාවට පත්ව සිටින ආකාරයද දක්නට
ලැබුණා.

මංජුල පීරිස් මහතා පළ කළ අනාවැකිය හේතුවෙන් කතරගම
පූජා භූමියේ පැය ගණනාවක් කිසිදු තැනකට යෑමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්ව සිටින බැතිමතුන් කතරගම දෙවියන් දෘශමාන වනසේ බලා සිටින අයුරු දක්නට අපට දක්නට ලැබුණා.

එසේ පැමිණි බැතිමතුන් විශාල පිරිසකගෙන් අප මංජුල පීරිස් මහතාගේ අනාවැකිය පිළිබඳ විමසූ අතර ඔවුන් සියලු දෙනාම පැවැසුවේ කතරගම දෙවියන් දෘශමානව නොදුටු බවය. ඊයේ දවස පුරා අප කතරගම පූජා භූමියේ රැඳී සිටි අතර කතරගම දෙවියන් දෘශ්‍යමානව දුටු කිසිවෙක් අපට සොයාගත නොහැකි විය.


මීට අමතරව කතරගම දෙවියන්ගේ උපන් දිනය සැමරීම වස් අගහරුවාදා (17) ලක්ෂ සංඛ්‍යාත බැතුමතුන් පිරිසක්ද කතරගම පුද බිමට පැමිණියා.

ලංකාවේ ප්‍රවීන ජෝතීෂ්‍ය වේදීන් කිප දෙනෙකුට අනුව මෙදින කතරගම දෙවියන් ජීවමානව පෙරවරු 6 සිට පෙරවරු 7 දක්වා කතරගම මහා දේවාලයේ වැඩ සිටින බවත් එදින තමන්ගෙන් පිහිට ඉල්ලා පැමිනෙන නරයන් හට පිහිටවන බවත් මේ ජොතිෂ්‍ය වේදීන්ගේ මතය වී
තිබුණා.

ඔවුන් වැඩි දුරටත් පවසන අන්දමට මෙදින කතරගම දෙවියන්ට අයත් කුජ දින නොහොත් අගහරුවාදා උදා වන අතර කුජට අයත් දෙනට නැකත උදාවී
තිබුණා.

මෙදින් පාන්දර 3 පමණ වේලේ පටන් මහ දෙවාලයට යාමට බැතිමතුන් තෙල් මල් පහන් සහ පූජා වට්ටි ඇතිව පෙල ගැසී සිටි අතර පෙරවරු හය පමණ වන විට පෝලිම් කැඩී මහා ජන ගංගාවක් මහා දේවලය වෙත ඇදී යන්නට
වුණා.

විශේෂයෙන් කාන්තාවන්ට හා කුඩා ළමයින්ට මේ නිසා මහත් කරදර වලට මුහුණ පාන්නට සිදුවු අතර ඇතැම් දෙනා අත තිබු පුජා වට්ටි ඇතුළු පූජා භාණ්ඩ බිම වැටී ඒවා අහුලා ගැනීමට පවා නොහැකි වුණා.

ජන ගංගාවේ තරම කෙසේද යත් බැතිමතුන් බොහෝ දෙනෙකුට තම පුජා වට්ටි මහ දේවාලයට ඔප්පු කිරීමට නොහැකිව පූජා භූමියේ පිහිටි වෙනත් දේවාල වලට පූජා කරනු දක්නට ලැබුණා.

මේ අතර වන්දනා කරුවන් පවසන්නේ මේ මහා ජන සන්නිපාතය පාලනය කොට කාටත් තමන්ගේ පූජා කටයුතු පිළිවෙළකට කර ගැනීම සදහා බලධාරීන් විසින් කිසිම සංවිධානාත්මක වැඩ පිළිවෙළක් සකස් කොට නොතිබූ බවයි.

නගරයේ සිට පූජා භූමියට ඇතුළුවන ස්ථානයේ සිටම පෝලිම් ක්‍රමයක් සකස් කොට තිබුනේ නම් බැතිමතුන් හට ඉතා කලාතුරකින් උදාවන මේ අවස්ථාවෙන් ඉමහත් ප්‍රයෝජන ගැනීමට ඉඩ තිබූ බව ඔවුහු පැවසුවා.


මේක දෙවියන්ගෙ මූර්ති නැකැතක්. මේක දේව වරමින් කියපු දෙයක් නෙවෙයි. ජ්‍යෝතිෂවේදීන් කියපු දෙයක්. එච්චරයි. ඊයේ දවස හඳුන් වන්නෙ කතරගම දෙවියන්ගෙ උපන් දිනය කියලනෙ. ඉන්දියාවෙත් මේ වගේ ගණ දෙවියන්ගෙ උපන් දිනය සමරනවා.

දේවාල ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ මේ විදියට මළුව පිරුණෙ. ප්‍රධාන වාහල්කඩ ‍දොරටු දෙකම හිර වුණා. සාමාන්‍යයෙන් අපි හඳහනක් බලාගන්න යන්නෙ ඒ ගැන දැනුම තියෙන කෙනෙක් ළඟට. එයා කියන දේනෙ අපි පිළිගන්නෙ. අපි ඒ ගැන ඊට එහා දන්නෙ නෑනෙ.


මිනිසුන්ට ප්‍රශ්න වැඩි වෙනකොට දෙවියන්ගෙ පැත්තට හැරෙනවා වැඩියි. මේ ආපු ලක්‍ෂ පහකට වැඩි ජනතාවගෙන් හැමෝම ආවේ විශ්වාසයක් ඇතිව. ඔවුන් පේවෙලා ආවෙ. ඒ පේවීම වටිනවා. එහි සිටින කපු මහතෙක් අපට පැවසුවා.



සැප්තැම්බර් 17 කතරගම දෙවියො පේන්න එනවා කියලා කියන කතාව ඇත්තක්ද?
 
Related Posts with Thumbnails