Ads 468x60px

.

දින තුනේ එස්‌. එම්. එස්‌. පෙම්වතිය හෝටල් කාමර යෙන් ගෙදර යන්න බෑ කියයි...


පෙම්වතා සිසුවිය 
හෝටලේ දමා 
දුවයි...

ජංගම දුරකථනයේ එස්‌. එම්. එස්‌. පණිවුඩ මගින් ප්‍රේමකර හඳුනාගත් එස්‌. එම්. එස්‌. ප්‍රේමවන්තයා, අවුරුදු දහතුනක්‌ වයසැති පාසල් සිසුවිය අපචාරයට ලක්‌කර පලායැමේ පුවතක්‌ අප වෙත වාර්තා වෙනවා.

මහනුවර තලාතුඔය ප්‍රදේශයේ පදිංචි අවු. 22 ක්‌ පමණ වූ මෙම තරුණයා කුරුණෑගල නගර ආසන්නයේ මල්ලවපිටිය උයන්දන ප්‍රදේශයේ පදිංචි අවු.13 ක්‌ පමණ වූ මෙම පාසල් සිසුවිය සමඟ සන්නිවේදන මාධ්‍ය ජාලයක්‌ මගින් හඳුන්වා දී තිබෙන මිතුරු හමුවක්‌ ඔස්‌සේ එස්‌. එම්. එස්‌. පණිවුඩ මගින් දැන හැඳින ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන තිබෙනවා. 

මෙම එස්‌. එම්. එස්‌. ප්‍රේම සම්බන්ධයට දින තුනක කාලයක්‌ ගතවී ඇති අතර පසුගිය 12 වැනිදා මල්ලවපිටිය මිල්ලව ප්‍රදේශයේ පිහිටි අවන්හලකට පැමිණි මෙම තරුණයා මෙදින රාත්‍රියේ ලැගුම්හලේ කාමරයක්‌ කුලියට ගෙන තිබෙනවා. 

ලැගුම්හලේ නේවාසිකව සිටි මෙම තරුණයා එස්‌. එම්. එස්‌. පණිවුඩ මගින් හඳුනාගෙන ප්‍රේම කළ පාසල් සිසුවියට එස්‌. එම්. එස්‌. යවා මෙදින රාත්‍රියේම මල්ලව හන්දියට ගෙන්වාගෙන තිබෙනවා

රාත්‍රි 11.00 ට පමණ දෙමාපියන්ට හොරා රහසිගතව පැමිණි මෙම පාසල් සිසුවිය ජීවිතයේ පළමු වරට මේ මොහොතේ දුටු මෙම තරුණයා සමඟ ඔහු නැවතී සිටි ලැගුම්හලට ගොස්‌ තිබෙනවා.

ලැගුම්හලේ කාමරයට ඇතුළු වූ මෙම එස්‌. එම්. එස්‌. පෙම්වතුන් මෙදින රාත්‍රි කාලයේ පෙම් සුව විඳිමින් කාලය ගතකර
තිබෙනවා. මෙදින අලුයම පාසල් සිසුවියට නිවසට යන ලෙස දන්වා සිටියත් ඇය එයට අකමැති වී තිබෙනවා. කෙසේ හෝ මෙම තරුණයා මෙම පාසල් සිසුවිය මඟහැර පලාගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම සිදුවීම පාසල් සිසුවිය විසින් ඇගේ සොයුරකු මගින් දෙමාපියන්ට පවසා දෙමාපියන් කුරුණෑගල මූලස්‌ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා ලැගුම්ගෙන සිටි ලැගුම්හලෙන් ලද තොරතුරු මත තලාතුඔය පොලිසියේ සහයෝගයෙන් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන පසුගිය 14 දින කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර
තිබෙනවා.

මෙම පාසල් සිසුවිය කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමුකිරීමෙන් අනතුරුව ලද වෛද්‍ය වාර්තාව මත මෙම පාසල් ශිෂ්‍යාවට අතවරයක්‌ සිදුවී ඇති බව අප කල විමසීමකදී පොලිසිය පැවසුවා.

අධිකරණය වෙත ඉදිරිපත් කළ තරුණයා මෙම මස 27 වැනි දිනතෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසියට අධිකරණයෙන් නියෝග ලැබුණා.
 
Related Posts with Thumbnails