Ads 468x60px

.

"ගස් බැඳගන්න මට පිස්සු නැහැ" මර්වින් සිල්වා විසින් ගස් බැන්ද සමෘද්ධි නිලධාරියා කතා කරයි.

2010 වසරේ ඩෙංගු මර්දන වැඩසටහන කට සහභාගි නොවූයේ යැයි කියමින් මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් සමෘද්ධි නිලධාරියෙකු කැලණිය ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී ගස් බැඳ දඬුවමකට ලක්කරනු ලැබූ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම සමෘද්ධි නිලධාරියා නමින් මොහොමඩ් ඉර්ෂාද් වන අතර තමන්ට මුහුණ පෑමට සිදුවූ සත්‍ය සිදුවීම සිලොන් ටුඩේ පුවත්පතට හෙළිදරව් කර තිබෙනවා. 

විස්තරය පහතින්.

තමන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කැඳවීමක් ඇති බවට සමෘද්ධි කලමනාකරු විසින් දැනුම් දීමෙන් පසු 2010.08.03වැනි දින එහි ගිය බව කියා සිටින ඔහු එහි සිටි මර්වින් සිල්වා අමාත්‍යවරයා තමාට අපහාස කර පාඩමක් උගන්වන බව කියමින් තම විරෝධය නොතකා තමා ගස් බැඳීමට කටයුතු කළ පවසනවා. 


මෙම සිදුවීමෙන් සමෘද්ධි නිලධාරි වරයෙකු ලෙස වසර 15ක් කළ සේවයද දරු දෙදෙනෙකුගේ පියෙකු වශයෙන් තිබූ ගරුත්වයද විනාශ වී ගිය බව ඔහු කියනවා

දරුවන් අසනීපව සිටි නිසා නිවසේ සිටීමට සිදුවීමෙන් අදාල වැඩසටහනට පැමිණීමට නොහැකි වූ බවත් තමාට දඬුවම් නොකරන ලෙසත් අමාත්‍ය වරයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටි බව ඔහු මතකයට නගනවා

ඔහු ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළ බව කියා සිටින ඉර්ෂාද් තමා වෙනුවෙන් කතා කළ එක් කාන්තාවක් හැරෙන්නට කිසිවෙක් උදව්වට නොපැමිණි බව සඳහන් කරනවා.

ඇඳිරි වැටෙන තුරු පාරේ ඇවිදිමින් සිට නිවසට යද්දී රූපවාහිනියෙන් සිදුවීම දැක තිබූ බිරිඳ හා දරුවන් මහත් කම්පාවට පත්ව තිබූ බව ඔහු කියයි. ඔහු නිවසට යාමට පෙරම ඔහුගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබා තිබුණේ කැලණිය ප්‍රාදේශීය සභාවට පැමිණෙන ලෙසටය.

"මම ප්‍රදේශීය සභාවට ගියා. සභාපතිවරයා තව කෙනෙක් එක්ක මාව මර්වින් ඇමතිවරයාගේ උද්‍යාන මාවතේ නිවසට යැව්වා. එයා මාව උඩ තට්ටුවට එක්කගෙන ගියා. සිද්ධිය අමතක කරනවානම් මුදල් දෙන්න පොරොන්දු වුණා. ලිපියකට අත්සන් කරන්න කිවුවා. 

මම ප්‍රතික්ෂේප කළා. ජයතිලක කියලා කෙනෙක් මටත් මගේ පවුලටත් වෙන්න පුළුවන් විනාශය පෙන්වලා දුන්නා. මට වෙන කරන්න දෙයක් තිබුණෙ නැහැ. මම ලිපියට අත්සන් කළා." ඔහු පෙන්වා දෙයි.

ලක්ෂ 05ක් හා නිවසක් ලබාගත් බවට නිලධාරීන් හා මිතුරන් අතර අපහාස විඳීමට සිදුවූ බව කියන ඉර්ෂාද් සියල්ල ඇමතිවරයාට අවශ්‍ය පරිදි සිදුවූ බව කියයි. 


නැවතත් 2010 අගෝස්තු 05වැනිදා ඇමතිවරයාගේ නිවසට ගොස් කැමරා ඉදිරියේ ඔහුට අවශ්‍ය පරිදි ප්‍රකාශයක් කිරීමට සිදු වූ බව කියන හිටපු සමෘද්ධි නිලධාරියා සියලු දෙනාගේ අපහාසවලට ලක්වීමේ සිත් වේදනාවෙන් මිදීම සඳහා රැකියාවට සමුදී සෞදි අරාබිය බලා ගිය බව කියයි.

"මම මේ ඇත්ත කතාව කලින් කිවුවා නම් මාලක සිල්වාගෙන් ගුටිකාපු හමුදා නිලධාරියා තමන්ම තමන්ට ගහගත්තා කියලා පිළිනොගන්න ඉඩතිබුණා. ඒත් මගේ ජීවිතේ ඉවර වෙන්න ඉඩතිබුණා." ඔහු වැඩිදුරටත් කියයි.

කෙසේ වුවද මෙම හෙළිදරව්ව තුළින් පෙනී යන කරුණ වන්නේ ආණ්ඩුව තුළ මර්වින් අමාත්‍යවරයාගේ 'පිං පිරිහීමේ' තත්වයක් බවත් ඔහුට එරෙහි චෝදනා ක්‍රමයෙන් එළියට ඇදීමට ආණ්ඩුව තුළින්ම කටයුතු කෙරෙමින් ඇති බව යැයි දේශපාලන විචාරකයින්ගේ අදහසයි.


ආණ්ඩුවේ බල මහිමයෙන් ජනතාවට චන්ඩි පාට් දාමින් මෙතෙක් කල් වැජඹුණු මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ වනවිට අන්ත අසරණ තත්ත්වයකට පත්වී ඇති බව මෙයින් පැහැදිලි වෙනවා.

එයට හේතුව වන්නේ රාජපක්ෂවරුන් වෙනුවෙන් දිවි දීමට සුදානම් වූ මර්වින්ම රාජ උදහසට ලක්වීම හේතුවෙනි.

එම ලිපියේ අඩංගු වූ කරුණු පිළිබඳව හාර්ඩ් ටෝක් වැඩසටහන මඟින් මර්වින් සිල්වාගෙන් කෙලින්ම විමසීමේදී මර්වින් කෝපයට පත්වන හැටිත්, ප්‍රශ්න වලින් මඟ හැර පලා යන හැටිත් දැකගත හැකි වුණේ මෙලෙසින්.

පිල්ලේ බඳින වැඩේ හරි ගියාද?
ඒක අහන්න පිල්ලේ නෝනාගෙන්...

පිල්ලේ ඇයි ඔබට අකමැති වුනේ?
එකත් අහන්න පිල්ලේ නෝනාගෙන්...

ඔබතුමා ඔය වගේ කතාවක් කිව්වේ TV වල ප්‍රධාන නිවුස් එක වෙන්නද ඕක?
මර්වින් සිල්වා කිව්වම දන්නවා. මට එහෙම ඕනේ නෑ....

ඔය වගේ විහිළු කතා කියලා රට හිනස්සන ඇමතිවරයෙක් වෙනවට වඩා ඇයි බැරි රටට වැදගත් ඇමතිවරයෙක් වෙන්න?
ජනතාව එක තීන්දු කරයි. මොනවා කිව්වත් මම ඒවා තුට්ටු 5කට ගන්න ගන්නේ නෑ..

පහුගිය දවසක ඔබ රට ගියා නේද?
මට ඕනේ හැම වෙලාවකම මම රට යනවා...

අන්තිමට ගියේ කොහෙද?
අන්තිමට ගිය තැන මට මතක් නෑ. ඒ තරම් මම රට යනවා...

ඔබතුමා ඉන්දුනීසියාවට ගිහිල්ලා මංගල සමරවීර හමුවෙලා මොනාද සාකච්ජා කළේ?
ඒක කිව්ව ප###ගෙන් අහන්න. මගෙන් අහන්න එපා...

ඇයි මේ විපක්ෂය හමුවන්නේ මේ වෙලේ. ආපහු බල්ටියක්වත් ගහන්නද?
මම ගන්න තීන්දු හිතට එකඟව ගන්නේ. මට එහෙම ගහන්න උවමනාවක් නෑ...

අපේ සෝභිත හාමුදුරුවෝ හම්බ වෙලා සාකච්ජා කලේ මොනවද? විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න උන් වහන්සේට සහයෝගය දෙන්නද?
මට සෝභිත හාමුදුරුවෝ විතරක් නෙවෙයි ඕනෙම හාමුදුරු කෙනෙක් හම්බ වෙන්න බලය තියනවා.

මොකටද මේ අල්ලස් කොමිසම ඔබ තුමාගේ පස්සෙන් මේ දවස් වල පන්නන්නේ?
ඒක අහන්න ඕනේ අල්ලස් කොමිෂන් එකෙන්. මගෙන් අහන්න එපා...

ඔබතුමා කලකිරීමෙන් කතා කරන්නේ
මාධ්‍යවෙදීන්ට තියනවා උම්මත්තක ගතියක්. ඒ උදවියට එහෙම හිතෙනවා...

ඔබ අහන්න ප්‍රශ්න වලින් පැනලා යනවා.
මම කිසි දේකින් පැනලා යන්නේ නෑ. මම බයත් නෑ, ණයත් නෑ. ඕනෑ ප්‍රශ්නයක් අහන්න කියලා මමනේ කිව්වේ ඔයාට...

අහන ප්‍රශ්නෙට නෙවෙයිනේ උත්තර දෙන්නේ?
මම දෙන උත්තරේ තමයි මා දෙන්නේ. කැමති නැත්නම් නවත්වන්න...

අල්ලස් කොමිසමත් ඔබගෙන් මේ ප්‍රශ්න කරන්නේ විපක්ෂයත් එක්ක ඔබ තුමා ආණ්ඩුවර එරෙහිව කුමන්ත්‍රණය කරන නිසා නේද?
මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ මේ පක්ෂයේ මැරෙනකම් ඉන්නවා.

පොලීසියත් මාලකට ගහපු සැකකරුවන් තාම අත් අඩංගුවට ගෙන නෑ.
ඒක අහන්න කරුනාකරලා පොලීසියෙන්

ඇයි ඒ පොලීසියට පරක්කු මේ සැකකරුවන් අත් අඩංගුවට ගන්න? වෙන දේවල් පොලීසිය ඉක්මනට කරනවා
මං කොහොමද ඒක දන්නේ? මං පොලීසිය නෙවෙයිනේ

රතු පස්වල සිද්ධියට ගම්පහ දේශපාලඥයොත් වගකියන්න ඕනේ කියලා ඔබතුමා කිව්වම බැසිල් රාජපක්ෂ මැතිතුමත් අන්තර්ගතයි නේද?
මම කිව්වේ ප්‍රදේශයේ දේශපාලඥයෝ වගකියන්න ඕනේ කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයගෙ නම මම මෙක්ෂන් කලේ නෑ.

ඔයාට කැළණිය සංවිධායක ධූරය යලි ලැබෙන එකක් නෑ නේද?
ප්‍රශ්නයක් නෑ මට...

කැලණිය නොලැබුනොත් ඔබ මී ලඟ මැතිවරණයට ඉදිරිපත් වෙනවද? නැත්නම් මාලකව දානවද?
ඒක මගේ වැඩක් ඒක ඒ වෙලාවට අහන්න..

ඔබට මේ දවස් වල වදින්නේ කාලි මෑණියන්ගේ ශාපයද?
කාලිමෑණියන්ට නෙවෙයි කිසිම කෙනෙකුට මට ශාප කරන්න බෑ. මම ශාප කරන්න දේවල් කරලා නෑ..

දෙවියෝ විශ්වාස කලත් මේ දවස් වල දෙවියෝ ඔබතුමත් එක්ක නෑ නේද?
දෙවියෝ සදාකාලිකවම මාත් එක්ක ඉන්නවා. මට දෙවියෝ විශ්වාසයි..

ඔබ දැඩිව බෞද්ධාගම විශ්වාස කරන හොඳ බෞද්ධාගමිකයෙක්.
ආගමානුකුලව ඇහුවොත් ඔයත් පරසක්වල වැටෙනවා. මම මේ ටෙලිෆෝන් එක ඕෆ් කරනවා...

ඔබට හරියට කේන්ති යනවා
මට කේන්ති යන්නේ නෑ. එහෙම අහන්නෙ බැහැනේ ඔයාට. ඔයා කොහොමද එහෙම අහන්නේ බුද්ධාගම ගැන? මම මර්වින් සිල්වා කියන එක අමතක කරන්න එපා.

ඔබ හිතන්නේ චන්ඩි පාට් දාලා හැමදේම විසඳගන්න පුළුවන් කියන එකද?
චන්ඩි පාට් නෙවෙයි මෙතනින් ඕෆ් කළා ඔයාලට ඕනේ නම් දාන්න...


එහි වීඩියෝව පහතින්
 
Related Posts with Thumbnails