Ads 468x60px

.

නීතිඥවරයා යනුවෙන් හඳුන්වන්නාවූ බොහෝ අයගේ කාලකණ්නිකම මතුවන තැන් මෙන්න...


සමාජ ක්‍රමයේ 
ම්ලේච්ඡත්වයේ 
තරම බලන්න...

පසුගිය වසරේ දිනක දිල්ලි අගනුවර ධාවනය වෙමින් තිබුණ බස් රියක් තුළ දී සමූහ දූෂණයට ගොදුරු වූ ශිෂ්‍යාව ඉන් දවස් කීපයකට පසු මරණයට පත් වූ අතර, එම අපරාධය සම්බන්ධයෙන් චූදිතයන් හතර දෙනකු පසු ගිය සතියේ මරණීය දණ්ඩනයට යටත් කෙරුනා.

එම විත්තිකරුවන්ගෙන් දෙදෙනකු වෙනුවෙන් ඒ.පී .සිං නීතිවේදියා පෙනී සිටියා. දූෂණයට ගොදුරු වූ ශිෂ්‍යාව විවාහයෙන් පරිබාහිර ලිංගික සම්බන්ධතා පවත්වා ඇති බවත්, ඇය රාත්‍රි කාලයේ තරුණයකු සමඟ ගමන් ගනිමින් සිටි බවත්, නීතිඥ ඒ.පී.සිං නඩු විභාගයේ දී කියා තිබෙනවා.

“දූෂණයට ලක් වූ ශිෂ්‍යාව තමාගේ දියණියක් නම්, තමා ඇය පණ පිටින් පුළුස්සා මරා දමන අතර, සෙසු දෙමව්පියන් ද එවැනි ම දඬුවමක් එවැනි දරුවන්ට දිය යුතු බව ”යි නීතිවේදියා අධිකරණය ඉදිරියේ වැඩි දුරටත් කියා තිබුනා.


නීතිඥයා විසින් කරන ලද මේ ප්‍රකාශය අනුව ඔහු ගේ සේවා බලපත්‍රය අවලංගු කිරීමක් ගැන වාර්තාවක්ද පළවී
තිබෙනවා.

එම ප්‍රකාශ මුල් කර ගෙන තමා පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කළ නීතිඥ ඒ.පී.සිං,ඉහත කී අදහස් තමාගේ පෞද්ගලික මතය බවත්, සම්ප්‍රදායානුකූල ඉන්දීය ප්‍රජාව තම මතය සමඟ එකඟ වනු ඇතැයි විශ්වාස කරන බවත් කියා
සිටියා.

අද නීතිඥයාගේ කාර්ය භාරය වන්නේ නීතිය ‍රැකීම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීම යැයි කෙනෙකු කල්පනා කරන්නේ නම් ඒ වැරදිය. නීතිඥයා යනු නීතියේ හිල් අතරින් රිංගා ගොස් හෝ තම සේවාදායකයා ආරක්ෂා කරන්නාය. නමුත් ඔහුට සෙල්ලම් කළ හැක්කේ නීතියේ වගන්ති වලින් පමණය.

එහෙත් මේ ඒ.පී.සිං නම් නීතිවේදියා ඒ වගන්ති ඉක්මවා ගොස් තමන් තුල සිටින තිරිසනාවද ස්ත්‍රී දූෂකයන් දෙදෙනකු ආරක්ෂා කිරීම වෙනුවෙන් අවදි කර ඇත.

තරුණියක විවාහයෙන් පිටට ලිංගික සබඳතා පැවැත්වීම හෝ තරුණයකු සමඟ රාත්‍රී කාලයේදී ගමන් කිරීම බලහත්කාරයෙන් දූෂණයට ලක්වීම සාධාරණීය කරණය කිරීමට හේතුවක් වන්නේ නැත. 


එමෙන්ම කුමන වරදක් කළත් කෙනෙකු ඝාතනයට ලක් කළ හැකි වන්නේ ඒ සඳහා නෛතිකමය අවසරයක් ලැබෙන තැනකදී පමණය. එයද යුක්ති සහගත වන්නේ නැත.

මේ අමන නීතිඥයාගේ ප්‍රකාශය අධිකරණය විසින් බැහැර කරනු ලැබුවද අසංස්කෘතික සමාජයකදී ඔහුගේ ප්‍රකාශයට වටිනාකමක් ලැබෙන සැටියක් ඇති බව නීතිඥයාගේ ප්‍රකාශයෙන් පැහැදිලිය.

අද නීතිඥවරයා යනුවෙන් හඳුන්වන්නාවූ බොහොමයකගේ කාලකණ්නිකම මතුවන්නේ මෙතැනදීය. ඔහු මුදල් නිසා හෝ පරාජය දරා ගැනීමට නොහැකි කම නිසා හෝ නීතිඥ වෘත්තීය ගෞරවය පාවාදී තම පැවැත්ම ‍රැක ගැනීමේ තැනට පත් වීම (ලංකාව සම්බන්ධයෙන් වුවත්) මේ සමාජ ක්‍රමයේ යතාර්ථය වේ.

මේ නිසා අද පඳුරකට පයින් ගැසුවන් නීතිඥයන් හත් අට දෙනෙකු හතර අතේ විසිවෙන තැනට පත්ව ඇත්තේද මේ සමාජ ක්‍රමයේ ම්ලේච්ඡත්වයේ තරම නිසා හැර වෙන යමක් නිසා යැයි සිතීම වැරදීමක් වන්නේ නැත.

ඒ සමාජ ක්‍රමය විසින් නීතිඥයාට ‍රැකවරණය සකස්කර දී තිබෙන්නා සේම නීතිඥයාද ඒ සමාජ ක්‍රමය නඩත්තු කරන්නෙකු බවට පත්ව තිබෙන බව ඉන්දීය නීතිඥවරයා විසින් මනාව පෙන්වාදී තිබේ. උඩුගං බලා පිහිනන්නෝ මෙකල විරල වෙති.
 
Related Posts with Thumbnails