Ads 468x60px

.

දුවගෙන ඇවිත් සරසවි සිසුවියගේ පස්ස මිරිකලා දුවලා...

කොළඹ දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාල යක අධ්‍යාපනය ලබන 25 හැවිරිදි තරුණියකගේ පසුපස පෙදෙස මිරිකා ඇයට ලිංගික හිංසාවක් සිදු කළ බව කියන පුද්ගලයෙක් රුපියල් ලක්ෂයක් වටිනා ශරීර ඇපයක් මත මුදා හරින ලද පුවතක් අප වෙත වාර්තා වෙනවා.

හංවැල්ල ප්‍රදේශයේ පදිංචි තංගවේලු සජිත් අර්ජුන නැමති පුද්ගලයා එම සරසවි සිසුවියගේ පස්ස මිරිකූ බව කියමින් කොහුවල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුනා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.


එම සරසවි සිසුවිය විශ්ව විද්‍යාලය වෙත යෑම සඳහා ඉකුත් 13 දින පෙරවරු 7ට පමණ නිවසෙන් පිටට කෙටි දුරක් යන විට තංගවේලු නැමති පුද්ගලයා ඇය පසු පසින් පැමිණ ඇය පසුකර ඉදිරියට ගොස්
ඇති බවත් පසුවද ඉක්මන් ගමනින් ගොස් තංගවේලු නැමති පුද්ගලයා පසුකර යන විට එකී පුද්ගලයා වේගයෙන් දුවගෙන ඇවිත් ඇයගේ පසුපස පෙදෙස මිරිකා දිවූ බවත් පැමිණිල්ලේ සඳහන්.

පසුව අප කල සොයා බැලීමකදී පැමිණිලිකාර සිසුවිය සැකකරු පසුපස පන්නාගෙන යන අතරතුර එහි සිටි තරුණයෙක්ද ඔහුව අල්ලා ගැනීමට උත්සාහ කර ඇතත් එය ව්‍යර්ථ වූ බවත් පසුව පාරේ ගමන් ගත් වාහනයක සිටි පුද්ගලයකු මාර්ගය හරස් කර සැකකරු අත්අඩංගුවට ගැනීමට උදවු කර ඇති බවත් එසේ අත්අඩංගුවට ගත් සැකකරු කොහුවල පොලිසියට භාරදී ඇති බවත් අනාවරණය වුණා.
 
Related Posts with Thumbnails