Ads 468x60px

.

නිවිතිගල රතුපස්වල වීමට පෙර…..!

මේ දිනවල නිවිතිගල ප්‍රදේශය භීතියට පත් කරමින් හමුදා නිල ඇදුමින් සැරසුනු අවි ගත් පිරිසක් සිවිල් මිනිසුන්ගේ ගෙවල් දොරවල් ඉඩකඩම් ජායාරූප ගනිමින් තැන තැන ගැවසේ. 

මේ පිලිබදව වහාම අවධානය යොමුකරන ලෙස වගකිව යුත්තන් ගෙන් කරුනිකව ඉල්ල සිටින්නේ රතුපස්වලට වූන සිදුවීම නිවිතිගලට වීමට පෙරය. මිනිස් ජීවිතයක් යනු ඉතා වටිනා වස්තුවකි.

සිවිල් මිනිසුන් ජීවත් වන ප්‍රදේශ වලට අවි ගත් හමුදාව නොවන බවට පෙර සිදුවු සිදුවීම් වලින් වරක් ප්‍රකාශ විය. නිවිතිගල සිටින දේශපාලඥ් ඥයන් දැන ගත යුතු කරුන නම් ඔවුන් සුරසැප විදින්නෙ දුප්පත් මිනිසුන්ගේ ඡන්දයෙන් බවය. 

මෙම ක්‍රියාව වහා නත නොකල හොත් ඉදිරියෙදී අප එම දේශපාලඥ් ඥයන් ගේ කල් ක්‍රියාව රට හෙලි කිරීමට බලාපොරොත්තු වෙමු.

නිවිතිගල යනු ඉතාම සාමකමී ප්‍රදේශයකි. සෑම දිනකම මැණික් වෙලඳ පොලේ දිනකට කෝටි ගනනින් ගනුදෙනු සිදු වුවද කිසි දිනක හොර කමක් වත් සිදුවී නැත. එවන් ප්‍රදේශයකට අවිගත් හමුදාවක් කුමටද..?

මේ වනවිට ඉහත සඳහන් කල ආයුධ රැගත් කණ්ඩායම් නිවිතිගල අවට අහිංසක මිනිසුන්ගේ ඉඩම් අගලවත්ත වතු සමාගමට අයත් බව පවසමින් එයට පවරාගනිමින් පවතී. මිනිසුන්ට ආයුධ පෙන්වා බයකර ගෙවල් දොරවල් කඩාදමා සියලු වැවිලි බෝග ගලවා දමමින් පවතී. 

අපි නොදන්නා කරුණ නම් එසේ රජයේ හමුදාව කාගේ වුවමනාවකට මෙම ඉඩම් පුද්ගලික සමාගම් වල ප්‍රයෝජන සඳහා යොදාගන්නේද කියන දෙයයි. මේ සඳහා හැකි ඉක්මණින් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

- නිවිතිගල රත්තනපුර
 
Related Posts with Thumbnails