Ads 468x60px

.

දයාසිරිට මනාප 336327 යි, අනුරාධ ජයරත්න මහ නුවරින් පළමු වැනියා...


දයාසිරි චන්ද්‍රිකාගේ 
වාර්තාවත් කඩයි...

ගුරිවරිය දන ගැස්වූ 
මන්ත්‍රීගේ බෑනත් 
පරදී...

මනාප ගණන් කරන මධ්‍යස්ථාන යේ සිට ලැබුණු අලූත්ම වාර්තා අනුව කුරුණෑගල මනාප නිල සංඛ්‍යා ලේඛන වල ඉදිරියෙන්ම සිටින අය ගැන නිල ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා. ඒ අනුව මින් පෙර අනාවැකි පළකළ ආකාරයටම දයාසිරි ජයසේකර මනාප ඡන්ද 336327 ක් ලබාගෙන මෙවර පළාත් සභා මැතිවරණයේ වැඩිම මනාප ලාභියා බවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

ඔහු සමග මහ ඇමති වන්නට තරග කළ ජොන්ස්ටන් ඇමතිවරයාගේ පුත් ජොහාන්ට දයාසිරිගේ මනාප වලින් අඩකටත් වඩා අඩුගණනක් හිමිව ඇති අතර දෙවැනියා වූ ඔහුට ලැබී ඇත්තේ මනාප 134423 කි.


හිටපු මහ ඇමති අතුල විජේසිංහ 47014 ක් ලබා පස්වැනියා වී
තිබෙනවා. මුල් පෙළේ මනාප ලාභීන් පස් දෙනා පහත පරිදිය.

දයාසිරි ජයසේකර  336327
ජොහාන් ප්‍රනාන්දු 134423
ඩී බී හේරත් 60968
ජී දෙහිගම 59016
අතුල
විජේසිංහ 47014

කුරුණෑගල එජාපයේ පළමු තුන්දෙනා
ජෝසි අලවතුවල 23960
ප්‍රසන්න සෙනරත්  21958
ප්‍රීති මොහාන් 20464

මේ අතර මධ්‍යම පළාත් හිටපු මහ ඇමති සරත් ඒකනායක මහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනියාවී තිබෙන බවත් උඩින්ම සිටින්නේ අගමැති පුත් අනුරාධ ජයරත්න බවත් වාර්තා වනවා.

මහනුවර එජනිස පළමු දෙදෙනා
අනුරාධ ජයරත්න 107644
සරත් ඒකනායක 70174

මහනුවර එජාප පළමු දෙදෙනා

අසාද් සාලි 55385
ජේ ආබ්දීන් 45752


උතුරු, මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ නිල ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම සහ වයඹ පළාත් සභාවේ ජය හිමිකර ගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වන අතර උතුරු පළාත් සභාවේ ජය ඉලංගෙයි තමිල් අරසු පක්ෂය හිමිකර ගත්තා.

උතුරු පළාතේ ඉලංගෙයි තමිල් අරසු ආසන 30 ක් එජනිස 7 ක් හා මුස්ලිම් කොන්ග්‍රසයට 1 ක් හිමිවූ අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ඡන්ද ලක්ෂ 4 කට ආසන්න ගණනක් ලැඛෙද්දී එජනිසට 82000 ක් ලැබීම විශේෂ වුණා.


මධ්‍යම පළාත් සභාවේ එජනිස ආසන 36 ක් එජාප 16 ක් හා සරත් ෆොන්සේකා සහාය දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 2ක් හිමිකර ගත් අතර ලංකා කම්කරු කොංග්‍රසය 2ක්ද කදුරට ජනතා පෙරමුණ හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන එක බැගින්ද හිමිකර ගත්තා.


වයඹ පළාත් සභාවේ එජනිස ආසන 34 ක් එජාප 12 ක් හා සරත් ෆොන්සේකා සහාය දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 3ක් හිමිකර ගත් අතර එජනිස ලක්ෂ 7 කට ආසන්න ඡන්ද ලබද්දී එජාපය ලක්ෂ දෙකහමාරක් පමණ ලැබුවා. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 46000 කට ආසන්න ගණනක් ලැබුවා.

මෙම මැතිවරණයේදී උතුරු පළාතේ සියලූම ආසන මෙන්ම ආසන මට්ටමින් තැපැල් ඡන්දද දිනාගත්තේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයයි. 


දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයින් යුද්ධය වෙනුවට ප්‍රජාතන්ත්‍ර මාවතට පිවිසීම ඉතා හොඳින් සංකේතවත් කරමින් සියයට 67.52 ක් ඡන්ද දැමීම සඳහා පැමිණි අතර පසුගිය දශක ගණනාවක ඉතිහාසයේ උතුරේ මේ ආකාරයේ සාර්ථක ඡන්ද ක්‍රමයක් සිදුවී නැත.

ප්‍රජා අයිතිය අහිමි වුවත් මෙම මැතිවරණයට සහයෝගය දෙමින් සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් කථා පැවැත්වූ අතර එහි ප්‍රතිඵල මතුවූයේ තුන්වන බලවේගයක් ලෙස වයඹින් ආසන 3 කින් හා මධ්‍යමෙන් ආසන 2 කින් ඔවුන් ඉහළට එමිනි.


වයඹින් ඡන්ද 46114 ක්ද මධ්‍යමින් ඡන්ද 45239 ක්ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලබා තිබුණා. උතුරු පළාතේදී ඔවුන්ට හිමි වූයේ ඡන්ද 170 ක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණට මෙම මැතිවරණයේ එකම ආසනයක් පමණක් දිනාගැනීමට හැකිවීමද විශේෂ සිද්ධියකි. වයඹ පළාතේ ඔවුන් ලැබුවේ ඡන්ද 19624 කි. ආසන එකකි.


මධ්‍යම පළාතේ ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 13887 ක් ලැබූ අතර එය සමස්ත ප්‍රතිඵලයෙන් සියයට 1.17 ක් පමණක්වූ අතර ආසන ලැබුවේ නැත. උතුරු පළාතේදී ඔවුන්ට හිමි වූයේ ඡන්ද 288 ක් පමණි.

දයාසිරිගේ ආසනය වූ පඬුවස්නුවර ඔහු එජාපයේ සිටියදී සංවිධායක ලෙස කටයුතු කළ ආසනයද වූ අතර මෙවර එහි ඡන්ද 40000 කට ආසන්න ගණනකින් ඔහු ජය ගනිද්දී එජාපයට ඡන්ද 4000 ක් පමණ අඩුවී දහයෙන් එකක් ලැබිම විශේෂ ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.
 
Related Posts with Thumbnails