Ads 468x60px

.

‘වෙනස’ වැඩසටහන මෙහෙයවන ඩිල්ෂාන් ඉස්සරහට කරන්න යන පවුල් සැලසුම...

ස්වාධීන රූපවාහිනිය ගෙන එන ‘වෙනස’ විශාල ජනතා ප්‍රසාදයක් දිනූ වෙනස්ම ආකාරයේ වැඩසටහනක්.

මෙම වැඩසටහන ඉදිරි පත් කරන ඩිල්ෂාන් හා සම්පත් දෙදෙනාත් අද වන විට ජනප්‍රිය චරිත දෙකක් බවට පත්වී හමාරයි. 

ඩිල්ෂාන් ගැන සුබ ආරංචියක් පසුගියදා අපට දැනගන්නට ලැබුණා. පසුගිය 16 වැනිදා ඩිල්ෂාන්ගේ කැදැල්ලට පුංචි දුවක් එකතු වුණා කියන ආරංචිය තමයි ඒ. ඒ ආරංචිය අපට ලැබෙද්දී පුංචි සිඟිත්තිය මෙලොව එළිය ලබලා පැයක් විතර ඇති. ඒ පිළිබඳව ඩිල්ෂාන් ලක්බිම පුවත් පත සමඟ කළ කතාබහ පහතින්. 

දුරකථනයෙන් අමතන විටත් ඩිල්ෂාන් හිටියේ රෝහ‍ලේ තමන්ගේ බිරිඳ අසල. ඩිල්ෂාන් දැන් පුංචි දියණියකගේ තාත්තා කෙනෙක්....?
 
මේ මගෙ දෙවැනි දරුවා. පළමු වැනියා පුතෙක්. පුතාට දැන් අවුරුදු දෙකක් විතර ඇති.

පුතෙක් ඉන්න හින්දා දෙවැනි දරුවා විදියට බලා‍පොරොත්තු වුණේ දුවෙක්ද..?

 
පුතෙක් වුණත් දුවක් වුණත් කමක් නැහැ කියන අදහසේ තමයි මම නම් හිටියේ. බිරිඳනම් කැමැත්තෙන් හිටියේ දුවෙකුට. කොහොම හරි ඉතින් ස්කෑන් පරීක්ෂණයේදී අපි දැනගත්තා දුවෙක් කියලා.

දුවට නමක් කලින්ම තීරණය කරගෙන හිටියද..?

 
නැහැ.. උපන් වෙලාව බලන ඝණ පිහිටීම අනුව තමයි නමක් යොදන්න වෙන්නේ.

දුව ඉපැදුණේ..?

 
තලවතුගොඩ හේමාස් රෝහ‍ලේ තමයි දුව ඉපැදුණේ. ඒ වගේම ඩොක්ටර් මාධව කරුණාරත්න ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දුන්නු සහයටත් මම මේ මොහොතේ ස්තුතිවන්ත වනවා.

දුව ඉපැදෙන විට ඔබත් බිරිඳ අසල හිටියා....?

 
ඔව්. මමත් බිරිඳ අසල හිටියා. දරු උපත සිදුකළේ සැත්කමකින්. ඒ අවස්ථාව මම දෑසින් දුටුවා. ඒ මොහොතේ හිතේ ඇතිවූ කැළඹීම නම් වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒත් මා ඒ බව බිරිඳට ඇඟෙව්වේ නැහැ. වෛද්‍යවරු ඔවුන්ගේ රාජකාරිය කරනතුරු මා බිරිඳ සමග සුහද කතාබහක යෙදී සිටියා.

දුව ඉපදුණාට පසුව ඒ සියලු කම්පනයන් තුනී වී ලොකු සතුටක් දැනෙන්න ඇති
...?
 
ඇත්තෙන්ම ලොකු සතුටක් හිතට දැනුණා. සමහරු කියනවා පියෙකු වීමේ සතුට වැඩියෙන්ම දැනෙන්නේ කුළුඳුල් දරුවා ඉපදුණු අවස්ථාවේ කියලා. මට නම් එහෙම නෑ. පුතා ඉපදුණු වෙලාවේ දැනුණු හැඟීම්ම තමා දුව ඉපැදුණු වෙලාවෙත් දැනුණේ.

පුංචි දුව අම්ම වගේද තාත්තා වගේද කියලා තවම පැහැදිලිව කියන්න බැරුව ඇති
...?
 
පෙනුම ගැන නම් හරියටම කියන්න බැහැ. හැබැයි පාට නම් එයාගෙ අම්මා වගේ. බිරිඳ මට වඩා ගොඩක් සුදුයි. දුවත් අම්මා වගේම සුදුයි. හැබැයි පුතා නම් මගේ පාට.

දුව ඉපදුණු පුවත යාළු මිත්‍රයන්ට දැන්නුවාද
...?
 
ළඟම හිතවතුන්ට එස්.එම්.එස්. එකකින් දැන්නුවා. ගොඩක් අය කතා කරල සුබ පැතුවා. සමහරු සුබ පතල එස්.එම්.එස්. එව්වා.

ඔබේ යාළුවා සම්පත්
...?
 
සම්පත් කෝල් කරල සුබ පැතුවා. එස්.එම්.එස්. එකකුත් එවල තිබුණා.

ඩිල්ෂාන්ගේ සාමාන්‍ය තොරතුරු ටිකක් දැනගන්නත් ඔබේ රසිකයන් කැමති වේවි
...?
 
මම වෘත්තියෙන් නීතිඥවරයෙක්. මගෙ බිරිඳ සුදර්ශි ජයතිලක. ඇයත් නීතිඥවරියක්. අපි විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් විදියට. අපි දැන් පදිංචිවෙලා ඉන්නේ බත්තරමුල්‍ලේ.

ඩිල්ෂාන් දෙවැනි වතාවටත් පිය පදවි ලැබුවා. හැබැයි ඔබේ මිතුරා සම්පත් තවම තනිකඩයි
...?
 
(හිනැහී) ඒ ගැන මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනවා.

දැන් දරු දෙදෙනකුගෙ තාත්තා කෙනෙක් විදියට මොනවද ජීවිතේ ඉදිරි සැලසුම්
...?
 
මමයි මගෙ බිරිඳයි සුපිරි ධනවතුන් නමෛයි. අපි උත්සාහ කරන්නේ හැකිතාක් හොඳින්, ඒ වගේම සතුටින් ජීවත්වන්න. දරුවන් වෙනුවෙන් කළයුතු යුතුකම් රැසක් තියෙනවා. අපි ඒවා ඉටුකළ යුතුයි. 


ඒ ගැනත් අපේ නොයෙක් අදහස් තිබෙනවා. හැබැයි ඉතින් මේ පවතින වර්තමාන සමාජ ආර්ථික රටාව තුළ දරු දෙන්නකුගෙ තාත්තා වුණාට පස්සෙ කරන්න ලොකු සැලසුමක් තියෙනවා.

ඒ මොකක්ද
...?
 
(හිනැහී) පවුල් සැලසුම.

 
Related Posts with Thumbnails