Ads 468x60px

.

හොර මනෝ උපදේශකයෝ රට පුරා...

ව්‍යාජ සුදුසුකම් සහිත කිසිදු පුහුනුවක් නොමැති හොර මනෝ උපදේශකයෝ විශාල ප්‍රමානයක් රට පුරා විහිදී මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන බවට ජාතික මාන සික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරයෙකු පෙන්වා දෙයි.

මෙම වෛද්‍යවරයා පවසන අන්දමට සමහරක් පුද්ගලයන් විසින් ඉන්දියාවේ පෙට්ටි කඩ වැනි කිසිම අධ්‍යාපන ගුනාත්මක භාවයක් නොමැති ආයතන වලින් මනෝ විද්‍යා උපාධි මිලට ගෙන සායනික මනෝ විද්‍යාඥ වැනි නාම යටතේ මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම මෙන්ම සමහර විශ්ව විද්‍යාල නොමග යවා විශ්ව විද්‍යාල කථිකාචාර්ය​ තනතුරු ද ලබාගෙන ඇත​. 

වැඩිදුරටත් කරුනු දක්වන ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වෛද්‍යවරයා මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ලෝකයේ පිලිගත් විශ්ව විද්‍යාල වලින් උපාධි ලබා ලංකාවේ විශ්ව විද්‍යාල වල සේවය කරන මනෝ විද්‍යාඥයන් ගේ ප්‍රමානය පස් දෙනෙකුට නොවැඩි බව පවසයි.

එසේම​ ලංකාවේ විශ්ව විද්‍යාල වල මනෝ විද්‍යා අංශයන්හි සේවය කරන මහාචාර්ය / කථිකාචාර්ය​ තනතුරු දරන පුද්ගලයෝ මනෝ විද්‍යාව නොව දර්ශනය වැනි උපාධි හැදෑරූවන් බව පෙන්වා දෙයි. 

කිසිදු පුහුනුවක් අධ්‍යාපනයක් නොමැති හොර මනෝ උපදේශකයෝ විශාල ප්‍රමාණයක් මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම මානසික සෞඛ්‍ය කෙරෙහි බලපා ඇති විශාල තර්ජනයකි. 

ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මෙන්ම වර්තමාන සභාපති විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහද මෙම තත්වය වැලක්වීම සඳහා කිසිදු පියවරක් නොගැනීම ඔවුන් ගේ දුර්වලත්ව නායකත්වය විදහා දක්වන්නක් බව දැනට විශ්‍රාම ගොස් සිටින විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු පවසයි. 

වංචනික වෛද්‍යවරුන් 40,000 ක් පමණ රටපුරා නගරවල වෛද්‍ය සායන පවත්වමින් වෛද්‍ය වෘත්තියේ යෙදෙන බව සෞඛය අමාත්‍යංශය වාර්තා කරන අතර දළ වශයෙන් මොවුන් ගෙන් 8000 පමණ මානසික රෝගින්ට ප්‍රථිකාර කරති. 

අප විසින් සිදු කරන ලද විමර්ශනයකදී ව්‍යාජ සුදුසුකම් සහිත කිසිදු පුහුනුවක් නොමැතිව කොලඹ ප්‍රදේශයේ මහා පරිමානයෙන් මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන  පුද්ගලයන් කිහිප දෙනෙකු සොයා ගැනුනු අතර එම පුද්ගලයන් ගේ නම් ගම් මෙසේය​. 

1) ඩී .එස් රණවක - කොල්ලුපිටිය ප්‍රදෙශයේ ප්‍රථිකාර මධ්‍යස්ථනය පවත්වාගෙන යයි. මනෝ විද්‍යාව සම්බන්ධයෙන් ලෝකයේ පිලිගත් විශ්ව විද්‍යාලයකින් කිසිදු උපාධියක් නොමැති මුත් වංචනිකව FICP සහ MICP උපාධි තමන්ගේ නමට අගින් යොදාගෙන තිබේ.

පුන්‍යායථනයක් ලෙස ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය නම් ආයතනයක් ලියාපදිංචි කොට නොමිලේ MICP උපාධි පොලිස් නිලධාරීන්ට සහ දේශපාලකයන්ට දීමෙන් නීතියෙන් රිංගා ගොස් ඇත.

මේ දක්වා ඔහුගේ ආයතනයෙන් 600 දෙනෙකුට පමණ මුදල් වලට සහතික නිකුත් කර ඇති අතර, ඔවුහු මනෝ චිකිත්සක උපදේශකවරු වශයෙන් නීති විරෝධීව මනෝ ව්‍යධී රෝගීන්ට ප්‍රතිකාර කරති.

2) එච්. ආර්. එස් කීර්තිසිංහ -ආචාර්ය එච්. ආර්. එස් කීර්තිසිංහ නමින් පෙනී සිටියි. නමුත් ආචාර්ය උපාධි සහ මනෝ විද්‍යා උපාධි ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවාය. 

ව්‍යාජ ලෙස එංගලන්තයේ, ඇමරිකාවේ, බෙල්ජියමේ හා ඉන්දියාවේ අධ්‍යාපන ආයතන වල සහතික සකසා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට ලබා දීමෙන් කාලයක් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ දේශන පැවත්වීය. 

ඔහුගේ සහතික ව්‍යාජ බව හෙලි වීම නිසා ඉන් ඉවත් කර තිබේ. වත්තල ප්‍රදේශයේ  Institute of Psychology & Counselling Sri Lanka නම් ආයතනයක් පවත්වගෙන යමින් මානසික රෝගීන්ට ප්‍රථිකාර කිරිම සිදු කරයි.  

3)  උදාර දේවමුනි - රත්මලාන ප්‍රදේශයේ ප්‍රථිකාර කරයි. අප විසින් කල විමසීමකදී තමා කොලඹ වෛද්‍ය පීඨයේ උපාධිධාරී වෛද්‍යවරයෙකු බවත් මාදම්පේ රෝහලේ සේවය කරන බවත් පැවසීය. 

බොස්ටන් රේඩියෝ සේවයේ චිත්‍රාල් ද මැල් පවා නොමග යවමින් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් Beyond Boston හි වැඩ සටහනක් ද පවත්වා තිබේ. 

එම වැඩසටහන  සඳහා යොමුව පහතින්


දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධරී ඉන්දික එල්ලාවල මහතාගේ උපකරයෙන් මේ තොරතුරු අප විසින් සොයා බැලූ අතර උදාර දේවමුනි නැමැත්තාට කිසිදු වෘත්තීය සුදුසුකමක් නොමැති බව හෙළිවිය. වෛද්‍ය උපාධියක් හෝ ලොකයේ පිලිගත් විශ්ව විද්‍යාලයක උපාධියක් නොමැත.

4)  ක්‍රිශාරා පරණවිතාන - සායනික මනෝ විද්‍යාඥවරියක් ලෙස පෙනී සිටින තැනැත්තියෙකි. වත්තල හේමාස් පුද්ගලික රෝහලේ රෝගින්ට ප්‍රථිකාර කරයි. උපාධි සුදුසුකම් සැක සහිතය. අප විසින් ඇයගේ සුදුසුකම් විමසන ලදමුත් සතුටුදායක පිලිතුරක් නොලැබිනි.   

ඉහත දක්වන ලද්දේ අප විසින් විමර්ශනයට බඳුන් කරන ලද පුද්ගලයන් ගෙන් ඉතා සුලු කොටසකි. මෙවැනි වංචනිකයන් විශාල පිරිසක් නීති විරෝධීව මානසික රෝගීන් ගේ ජීවිත සමග සෙල්ලම් කරති. 

එසේම මොවුන් වැඩි දෙනා මානසික රෝගීන් අපයෝජනයද කල බවට විස්තර අප සතුව තිබේ. අවාසනාවකට මෙන් මෙවැනි සදාචාර සහ නීති විරොධී ක්‍රියා වලට එරෙහිව බලධාරීන් මේ දක්වා කිසිදු පියවර ගෙන නැත​.

හොර මනෝ උපදේශකයන් ගෙන් ප්‍රවේසම් වීම සඳහා ජනතාවට පහත පියවර ගන්නා ලෙසට මානසික සෞඛ්‍ය විශේෂඥයෙකු උපදෙස් දෙයි. 

1) මනෝ උපදේශකයෙකු වෙත යන විට ඔහුගේ සුදුසුකම් විමසා සිටීම. සේවාදායකයාට තම සුදුසුකම් කීමට ඔහු බැඳී සිටියි. එම තොරතුරු ඔහුගේ අත් අකුරින් හෝ සීල් එකක් මගින් ඉල්ලා සිටිය හැකිය​.. එම සුදුසුකම් රජයේ රෝහලක මානසික වෛද්‍යවරයෙකු ගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය මගින් පරික්ශා කර ගත හැක​...

2) ව්‍යාජ වෛද්‍යවරුන් සහ මනෝ උපදේශයන් ගැන තොරතුරු තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට දුරකථනයෙන් හෝ ලිපියක් මගින් දැනුම් දිය හැක. එසේම රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයට යොමු කල හැක​. දුරකථනය 0112580886, 0714999555

සුදුසුකම් නොමැතිව මානසික රෝගීන්ට ප්‍රථිකාර කිරීම උසාවියකින් දඩ හා සිර දඩුවම් ලැබිය හැකි වරදකි. 

ඔබට හෝ ඔබගේ ඥාතියෙකුට ව්‍යාජ මනෝ උපදේශකයෙකු හෝ ව්‍යාජ වෛද්‍යවරයෙකු ප්‍රථිකාර කොට තිබුනේ නම් නීතිවේදියෙකු මගින් නඩු නොපැවරීමට නම් වන්දි ලෙස රුපියල් ලක්‍ෂ 10- 50 අතර මුදලක් ඉල්ලා එන්තර වාසියක් යවන්න​. අප දන්නා පුද්ගලයන් එසේ ව්‍යාජ මනෝ උපදේශකයන්ට සහ ව්‍යාජ වෛද්‍යවරයන්ට එන්තර වාසි යවා නීතිවේදීන් මගින් ලක්‍ෂ 3 - 8 දක්වා මුදල් වන්දි ලබාගෙන තිබේ.

මොවුන් නඩු යාමට බිය වන නිසා  මුදල් වන්දි ගෙවා සමථයකට පත් වීමට ක්‍රියා කරති. බලධාරීන් විසින් මේ ගැටලු විසඳා නොදෙන නිසා ජනතාවට මේ ක්‍රම වලින් හෝ කපටීන් ගෙන් බේරීමට සිදුවී තිබේ. 

- දර්ශනී විමලසූරිය
 
Related Posts with Thumbnails