Ads 468x60px

.

අමල් පෙරේරාගේ ශිරෝෂි අතුරුදහන් වූයේ ඇයි..?

ශිරෝෂි රොමේෂිකා සිරස ඩාන්ස්ටාර් තුළින් ඉස්මතුව පසුව සිරස මගින් නිෂ්පාදනය කළ 'ඩාන්ස්ටාර්' සිනමා නිර්මාණයේ ප‍්‍රධාන භූමිකාවට පණ පොවා සිනමාවෙන් සහ රංගන ක්‍ෂෙත‍්‍රයෙන් තාවකාලිකව සමුගෙන මේ වනවිට ටෙලි නාට්‍ය වලට සිය දායකත්වය සපයන යොවුන් රංගන ශිල්පිණියකි.

ශිරෝෂි ක්‍ෂෙත‍්‍රයට පිවිස ටික කලකින් අතුරු දහන්වූවා සේ විය. ඇය සති අන්ත පුවත් පතකට ප‍්‍රකාශ කර ඇත්තේ ඇයගේ ජීවිතයේ පෞද්ගලික හේතු මත මෙලෙස අඩු වශයෙන් නිර්මාණවළට දායක වූ බව මෙන්ම ඇයට හොඳ නිර්මාණවලට දායක වීමේ ඇති කැමැත්ත නිසා මේ වනවිට හොඳ නිර්මාණ තෝරාගෙන බේරාගෙන රගපාන බවයි.


ඇය සිනමාවට පිවිසි කළ වාණිජ සිනමාවේ පෙම්වතියට හොඳ පෙණුමක් ඇති නිළියක් ලෙස බොහෝ අයගේ අවධානයට පාත‍්‍රවිය. එහෙත් ශීරෝෂි සිය ගමන කෙටි කරගත්තේ සිනමාවෙන් ඈත්වෙමිනි.

ඇත්තෙන්ම මෙවැනි ආකර්ශණයක් ඇති තරුණියන්ට සරිලන සිනමා නිර්මාණ මෙරට නිෂ්පාදනය නොවීම නිසා මේ අයගේ දායකත්වය සිනමාවට නෙලැබී යයි. 


මෙවැනි තරුණියන්ට සිය දක්‍ෂතා පෙන්වීමට අවස්ථාවත් නොලැබී යයි. ශිරෝෂි ටෙලි නාට්‍ය වලට පිවිසෙන්නේ මෙවන් සිනමා අර්භූදයන් නිසාය. එහෙත් ඇය ටෙලි නාට්‍ය තුළද ආවාට ගියාට දැක ගත නොහැක.

ඇයට ඇය විසින්ම පනවා ගත් තහංචි තිබේ. ඒ ඇය සිය පේ‍්‍රමයට අවනතව සිටින බැවිනි. ශිරෝෂි පෙම්වතියක් බව සති අන්ත පුවත් සාකච්ජාවේ පවසයි. ඇයගේ පෙම්වතා කව්දැයි අසූ විට දන්නෝ දනිති යැයි පවසා තිබිණ. 


ශිරෝෂිගේ පෙම්වතා වන්නේ අමල් පෙරේරා නම් මර්වින් පෙරේරාගේ පුතණුවන්ය. ඔහු දක්‍ෂ යොවුන් ගායකයෙකි. ඔහු ඔහුටම ආවේනික ගායන විලාසයක් ලොඩ නගා ගනිමින්, ඔහුටම ආවේනික අනන්‍යතාවක් ගොඩ නගා ගෙන සිටී. ශිරෝෂි සහ අමල් වසර කිහිපයක සිටම පෙම්වතුන් බව නොදන්නා කෙනෙකු නැත.
 
Related Posts with Thumbnails