Ads 468x60px

.

යට ඇඳුම ගලවා ඔළුවේ ඔතා ගන්නනට කියමින් දැරිය දූෂණය කල කට්ටඩියා


කියපු දේ කරපිය. 
නැත්නම් බෙල්ල 
කපල මරණව..

යකැදුරන් විසින් සෙත් ශාන්ති කරන මුවාවෙන් දූෂණය කරන ලද දැරිවියන් මියගිය අවස්ථා ගැන විටින් විට අප ඔබ වෙත වාර්තා කළා. 

ඇඟේ සිටින යක්ෂයන් එලවා දමන්නට යැයි පවසමින් කාන්තාවන් සමග දේවාල තුළදී යහන්ගත වූ යකැදුරෝද කොතෙකුත් සිටින බැව් අප හෙළි කොට සිටියා. එවන් යකැදුරන් පොලීසියට කොටු වූ බොහොමයක් අවස්ථාද අප කරුණු ඉදිරිපත් කලා.

මඟුල් ගෙදරක යනවා යැයි සැමියාට ගජ බින්නක් ඇදබා සිය දියණිය සෙත් ශාන්තියකට රැගෙන ගිය ඇගේ මව පවා නොදැනුවත්ව යකැදුරා විසින් සිය දියණියව බිලිගත් තවත් පුවතක් ඌරගස්මංහන්දිය නම් ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ තරුණ කාන්තාවක වූ ඇය පදිංචිව සිටියේ ඌරගස්මංහන්දිය දික්හේන නම් ගම්මානයේ බවයි. ඒ එකොළොස් හැවිරිදි දියණියද සමගය. සැමියා විදෙස් ගතව සිටියේ මැදපෙරදිග රටක රැකියාව කරමිනි. 

ඒ කාලය තුළ ඇයත් ඇගේ මවත් යම් මානසික රෝගයකට ගොදුරුව සිටි බව පැවසිණි. ගුරුකම් කරන යකැදුරන් ප්‍රකාශ කර තිබුණේ ඔවුන්ට මළ පෙරේත දිෂ්ටියක් වැසී ඇති බවය. ඒ ඉඳහිට මේ දෙදෙනා යම් ආරූඪයකින් දොඩවන්නට වූ බැවිනි.

යකැදුරන්ට අනුව ඒ දෙදෙනාට මළ පෙරේත බැල්මක් වැටී තිබුණද දෙදෙනා සිටියේ නිවාස දෙකකය. ඇය දික්හේනේ පදිංචිව සිටින අතර ඇගේ මහලු මව සිටියේ දියපිට නම් ගම්මානයේය. ඒ ඔවුන්ගේ මහගෙදරය.


මේ දෙදෙනාට මළ පෙරේත බැල්මක් ඇති බව පැවැසූ යකැදුරා පදිංචිව සිටියේද ඌරගස්මංහන්දියේම පිහිටි නවදගල ප්‍රදේශයේය. ගිනිගත්හේනේ සිට පැමිණ සිටි ඔහු එහි කුලී ගෙයක පදිංචිව සිටියේ අඹු දරුවන්ද සමගය.  මෙම යකැදුරා එහි පදිංචියට පැමිණ ඒවන විට මාස පහකට හයකට වඩා කාලයක් ගතව තිබුණේ නැත. 


එහෙත් ඔහු ඊට පෙර සිටම ගිනිගත්හේනේ සිට පැමිණ ගුරුකම් සෙත් ශාන්ති කටයුතුවල නිරතව ගම්වැසියන් අතර යම් ප්‍රසිද්ධියක් සහ පිළිගැනීමක් දිනා සිටියේය. ඔහු ඌරගස්මංහන්දියේ කුලී නිවසක පදිංචියට පැමිණෙන්නේද සිය ගුරුකම් කටයුතුවලට එය පහසුවක් වූ බැවිනි.

අප ඉහත කී තරුණ කාන්තාවටත්, ඇගේ මහලු මවටත් වැටී ඇති මළ පෙරේත බැල්මෙන් ඔවුන්ව මුදා ගන්නට ශාන්ති කර්මයක් කරන්නට තීරණය කරන යකැදුරා  ඒ අයට දින වෙන්කර දෙන්නේ ඉකුත් 14 වෙනිදා සවස් කාලය ඊට සුදුසු බව සඳහන් කරමිනි. ඒ සඳහා ඔහු රුපියල් 2500ක මුදලක්ද ‍පොරොන්දු කරගත්තේය.  


ඒත් සමගම තරුණ කාන්තාවගේ එකොළොස් හැවිරිදි දියණියටද සෙත් ශාන්තියක්  නොමිලයේම කර දෙන්නටද යකැදුරා ‍පොරොන්දු වන්නේ ඇගේ ඉගෙනීමට ඇති උනන්දුව වර්ධනය කර දෙනු පිණිසය. දැරිය අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් කිසියම් උදාසීනත්වයක් දක්වන බව පවසා තිබිම ඊට හේතු විය.

මේ ආකාරයෙන් ශාන්තිකර්මයට දින නියම කරගෙන, තරුණ කාන්තාවත්, ඇගේ මවත් යකැදුරා විසින් ලබාදුන් වට්ටෝරුවකට අනුව අවශ්‍ය කළමනා රැස්කර ගනිමින් සිටින අතර හදිසියේම මෙන් ඇගේ සැමියාද නිවාඩුවක් ලැබ ලංකාවට ආවේය. ඔහු පැමිණියා යැයි කියා සැලසුම් කරගත් ශාන්තිකර්මය නවතා දැමීමට ඇයට හැකියාවක් තිබුණේ නැත. 


එබැවින් එම කටයුත්ත සැමියාට හොරෙන් මවගේ මහ ගෙදර පැවැත්වීමට ඇය තීරණය කළාය. ඒ යකැදුරාද මුණගැසී  ඔහුගේද එකඟතාවය මතය. නියමිත දිනයේ සවස ඇය සිය කුඩා දියණියද කැටිව නිවසින් එළියට බසින්නේ මඟුල් ගෙදරක යනවා යැයි සැමියාට බොරුවක් ගොතා කියමිනි.

ඇය සිය මහ ගෙදරට යන විටත් යකැදුරා සිටියේ එහි පැමිණ මල් බුලත් තටු සකස්කර ශාන්තිකර්මයට සියල්ල සූදානම් කරගෙනය. තරුණ කාන්තාව දියණියත් සමග පැමිණි පසු ඔහු යාතිකා කිරීමේ කටයුතු ආරම්භ කළේය. 


පවු‍ලේ ඥාති කාන්තාවන් හතර පස්දෙනෙකු සහ එක් පිරිමියෙකු හැරුණු කොට පිටස්තර කිසිවෙකුත් එහි නොවීය. මේ කටයුත්ත ඉතා රහසිගතව සිදුවිය යුතු  බව කල්තියාම යකැදුරා පවසා තිබිම හේතුවෙන් සියල්ල සංවිධානය කෙරුණේ අසල්වැසියන්ටද නොදැනෙන්නට හොර රහසේය.

පැයක් හමාරක් මල් බුලත් තටුවක් දෙස බලා මුමුණමින් සිටි යකැදුරා රෑ බෝවනවාත් සමග තට්ටුව මත තිබුණු බුලත් අතක්ද අතට ගෙන හිරි හරිමින් නැගිට්ටේ “දැන් හැමෝම මේ බුලත් කොළේ ගානේ  අතට ගනිමුකෝ” යැයි සඳහන් කරමිනි.


ඊට අවනත වෙමින් සියලු දෙනා යකැදුරා අතින් බුලත් කොළය බැගින් ගත්තෝය. “දැන් කට්ටියම එළියට යමු” ඔහු එසේ පවසමින්  ඊළඟට සියලු දෙනා නිවසින් පිටතට ගත්තේය.


අනතුරුව ඒ සියලු දෙනා නිවසේ හතර කොනේ එකිනෙකාට නොපෙනෙන්නට තැබූ ඔහු ඒ අයට අහස දෙස බලා සිටින්නට අණ කරනුයේ දෙවියන් වඩින බව පවසා ඒ දෙස බලා සිටින්නට යැයි කියමිනි. ඒ අතරතුර ඔහු මොන මොනවාදෝ මතුරමින් නිවස වටා ගමන් කරන්නට වූයේය. 


මේ ආකාරයෙන් ඔහු හතළිස් දෙවාරයක්ම නිවස වටා ගමන්කර අවසානයේ නතර වන්නේ නිවසේ එක් කොනක වැසිකිළිය අසල, දෙවියන් වඩිනතුරු අහස දෙස බලා සිටින්නට  රඳවා සිටි එකොළොස් හැවිරිදි කුඩා දැරිය අසලය. 

ඇය වයසට වඩා ඇඟ පසඟ වැඩුණු, මනා පෙනුමින් යුතු දැරියක් විය. යකැදුරා ඇය කෙරෙහි පෙරේත බැල්මක් හෙළා ඇයට තර්ජනාත්මකව පවසන්නේ යට ඇඳුම ගලවා ඔළුවේ ඔතා ගන්නා ලෙසය. ඇය ඒ නියෝගයට එකවර අවනත නොවී බිරාන්තව බලා සිටියාය. 

“කියපු දේ කරපිය. නැත්නම් බෙල්ල කපල මරණව“ යකැදුරා මාරාවේශයෙන් මෙන් කනට කොඳුරා ඇයට තර්ජනය කළේය. ඊට බියවූ ඇය ඒ අණට කීකරුවෙමින් යට ඇඳුම ගලවා ඔළුවේ ඔතා ගත්තාය. ඒත් සමගම යකැදුරා ඇයව බදාගෙන කරන්නට හැකි සෑම දෙයක්ම කළේය. 

මල් කැකුළක් වන් එම සිඟිති දියණියගෙන් සිය කාමාශාවන් එසේ සන්තර්පනය කරගත් යකැදුරා අවසානයේ ශාන්තිකර්මය අවසන් කරනුයේ සියලු යක්ෂයන් ප්‍රේතයන් පලවා හැරිය බව සඳහන් කරමිනි. දැරියට ඇති දෝෂ නිට්ටාවට සුවපත් කළ බවද ඔහු එහිදී උදම් ඇනුවේය.

මඟුල් ගෙදරක යනවා යැයි සැමියාට ගජ බින්නක් ඇදබා සිය දියණිය සෙත් ශාන්තියකට රැගෙන ගිය ඇගේ මව පවා යකැදුරා දියණියව  බිලිගත් බව දැන ගන්නේ ඊට දින දෙකකට පසුවය. ඒ ද දැරිය තමාට සිදුවූ දේ ගැන මිත්තනියට පැවැසීම නිසාය. 


මහලු මිත්තනිය එම දියණියගේ පියාගේ මවය. දියණිය ඇගේ මවගේ පාර්ශ්වයේ ඥාතීන්ට වඩා හිතෛෂීව සිටියේ පිය පාර්ශ්වයේ ඥාතීන් සමගය. ඇය පියාගේ මවට තමාට සිදුවූ දේ ගැන පවසන්නේද කියන්නට විශ්වාසවන්ත වෙන කිසිවෙකු ඇයට නොසිටි බැවිනි.

සිය මිණිබිරියට සිදුවී ඇති ඒ අපරාධය ගැන දැනගත් මිත්තනියට ඇස් කන් වසාගෙන නිහඬව සිටින්නට හැකි වූයේ නැත. යකැදුරාට එරෙහිව ඇය සටනට බසින්නේ ඌරගස්මංහන්දිය ‍පොලීසියට ගොස් ඒ ගැන පැමිණිල්ලක් කරමිනි.


ඇල්පිටිය කොට්ඨාසය භාර ‍පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතාගේ උපදෙස් මත  ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වැඩබලන ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක පී.ඩී.කේ. රොද්‍රිගෝ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක උපුල් කුමාර සහ කාන්තා සැරයන් උමාලි ඇතුළු නිලධාරීන් විසින් ඉකුත් 16 වෙනිදා යකැදුරාව අත්අඩංගුවට ගනු ලබන්නේ ශාන්තිකර්ම මුවාවෙන් තවදුරටත් අහිංසක දැරියන් බිලි ගන්නට ඉඩක් නොතබමිනි.


එම යකැදුරා මේ වන විට මහ උළුගෙදර බත් පතේ රස විඳිමින් සිටියත් මෙවන් වංචාකාර යකැදුරන්ගෙන් අතවරයටත්, අපචාරයටත්, දූෂණයටත් ලක්වුණු පළමු දැරිය ඇය නොවේ. ඇය මෙන් තවත් දැරියන් ද, තරුණ කාන්තාවන්ද මෙයට පෙර කොතෙකුත් මෙවන් යකැදුරන්ට ගොදුරුවී ඇති බව ‍පොලිස් ‍පොත්වල සටහන්ව ඇත. 


වරක් ඉන්දියාවේ සිට මෙරටට පැමිණ, කොම්පඤ්ඤවීදියේ පිහිටි සුපිරි තට්ටු නිවාස සංකීර්ණයකින් කුලියට ගත් නිවසක රැඳෙමින්, ගුරුකම් කරන මුවාවෙන් කාන්තාවන් දූෂණය කළ, සාමිවරයෙකු ලෙස පෙනී සිටි යකැදුරෙකුද ‍පොලීසියට කොටුවී තිබිනි. 

යකැදුරන් විසින් සෙත් ශාන්ති කරන මුවාවෙන් දූෂණය කරන ලද දැරිවියන් මියගිය අවස්ථා ගැනද කිහිප අවස්ථාවකම වාර්තා විය. ඇඟේ සිටින යක්ෂයන් එලවා දමන්නට යැයි පවසමින් කාන්තාවන් සමග දේවාල තුළදී යහන්ගත වූ යකැදුරෝද කොතෙකුත් සිටිති. එවන් යකැදුරන් ‍පොලීසියට කොටු වූ අවස්ථාද නැතුවා නොවේ.

එසේ කොතෙකුත් යකැදුරන් එවන් කාන්තා අපචාර සම්බන්ධයෙන් පොලීසියට කොටු වුවත් තවමත් එවැනි හොර තක්කඩීන්ට රැවටෙන පිරිස් සිටින බැවින්  සෙත් ශාන්ති, ගුරුකම්, යාගහෝම මුවාවෙන් යකැදුරන් අතින් සිදුවන එවන් ස්ත්‍රී දූෂණ,  ළමා අපචාර ඊයේ,  අද පමණක් නොව  හෙට දිනයේත් සිදුවීම වළක්වනු නොහැකි වනු ඇත.
 
Related Posts with Thumbnails