Ads 468x60px

.

කෙල්ලෙකුට 'පට්ට කෑල්ල පට්ට බඩුව' කියලා කිව්ව කොල්ලො තුන් දෙනාට වෙච්චි දේ...

කාර්යාලයේ වේලාව නිම වූ සොනාලි ලැසි ගමනින් ඇදී ආවාය. සුළඟට මුසුවුණු අකීකරු කෙහෙරැල් හිතුවක්කාර කමට නළල මත වැටෙද්දී ඇය අතින් අල්ලා එම කෙහෙරැල් පසෙකට දැම්මාය. 

එහෙත් අකීකරු කෙහෙරැල් ඇගේ මුහුණට ගෙන ආවේ අපූරු සුන්දරත්වයකි. ඇඟටම හිර වුණු කෙටි ස්කර්ටය හා බ්ලව්සය ඇගේ නාරි රූපකායේ ලාලිත්‍යය තව තවත් ඔප්නැංවීය. 

අවු කණ්ණාඩිය දෑස් මතින් ඉවත් කළ සොනාලි ඈත පෙනෙන රථ ගාල වෙත නෙත් යොමු කළේ තමාගේ පෙම්වතා වූ නවීන් පැමිණ ඇත්දැයි බැලීමටය. අතෙහි පැලැඳි ඔරලෝසු මුහුණත දෙස බැලූ සොනාලි පය ඉක්මන් කළේ තවත් වැඩමුළුවක් සඳහා යෑමට වේලාව ළංවී ඇති බැවිනි. 

කොල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක කළමනාකාරවරියක් වශයෙන් සේවය කළ සොනාලි පාර පැනීමට කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දේවස්ථානය අසලට පැමිණියාය. 

රථ ගාලේ සිට තමා එන තෙක් බලා සිටි නවීන්ව දුර සිට හඳුනාගත් සොනාලි රෝස පැහැ දෙතොල් විදහා ඔහු වෙත සිනාවක් පෑවාය. පියවරක් ඉදිරියට තැබූ ඇය එන විටම තිගැස්සුණේ අසලින් ඇසුණ විසිල් හඬක් නිසාවෙනි.

පිටුපස හැරී බැලූ සොනාලිට දැනගත හැකි වූයේ පල්ලියේ තාප්පයට පිටදී සිට ගෙන සිටි තරුණයන් තිදෙනකි. ඔවුන් දෙස බලා ඉවත බලාගත් සොනාලි පාරේ වාහන මාරුවෙන තෙක් බලා සිටියාය. 


"ආ... නංගි Good Afternoon " එවර නම් ඒ හඬ ඇසුණේ ඇගේ දෙසවන් අසලින් බව සොනාලි වටහා ගත්තාය. ඔවුන්ගේ විහිළුව ඒ තරම් ගණන් නොගත් සොනාලි එය නෑසුණාසේ සිටියාය.

"ඔයා මාර ලස්සනයිනේ" තරුණයන් තිදෙනාගෙන් එක් තරුණයකු ඇය අසලටම පැමිණ පැවැසුවේය. පය ඉක්මන් කර ඔවුන්ගෙන් මිදීමට සොනාලි උත්සාහ කළත් තරුණයන් තිදෙනා ඇය අසලින් ඉවත්ව යෑමට සූදානම් නොවූහ.


"ඔයා පට්ට කෑල්ලක් නංගී" එවර නම් සොනාලිට දැනුණේ දැඩි කේන්තියකි. එවන් ග්‍රාම්‍ය වචනවලින් කාන්තාවන්ට කතා කරන පිරිමින් සොනාලි දැඩි සේ පිළිකුල් කළාය. ඒ නිසාම තරුණයන් දෙස දෙබැම හකුළුවා රවා බැලූ සොනාලි මුවින් නොබැන සිටියාය.

පාර මාරු වී අනෙක් පසට යන තෙක්ම තරුණයන් තිදෙනාද සොනාලි පසු පස ඇදී ආහ. සොනාලිගේ මුහුණේ ඉරියව් හා ඇය පිටුපසින් එන තරුණයන් තිදෙනා දෙසත් දුර සිට බැලූ නවීන් ඇය කුමක් හෝ අපහසු තාවකට මුහුණ දී සිටින බැව් වටහා ගත්තේය. මෝටර් රථයෙන් බිමට බැසගත් නවීන් රථ ගාලෙන් මෑත් වී පාර අසලට පැමිණ සොනාලි සමඟ ගමනට එක්වූවේය.

"මොකද වුණේ, කවුද මේ කොල්ලො." නවීන් සොනාලිගේ කනට කර ඇසුවේය. "මම දන්නේ නැහැ. අනේ මං පාර පනින්න හදනකොට මගේ පස්සෙන් ඇවිත් එක එක කිව්වා, කොහෙද යන රස්තියාදුකාරයෝ ටිකක්" සොනාලි නොරිස්සුම් සහගතව මිමිණුවාය.

සොනාලි අසලින් ගමන් කරන්නේ ඇගේ පෙම්වතා බව වටහා නොගත් තරුණයන් තිදෙනාද පාර මාරු වී රථ ගාල අසලටද පැමිණියහ.
"ඔයා හෙටත් එනවද අනේ" තරුණයන් තිදෙනාගෙන් අයෙක් නැවැත වතාවක් සොනාලිට උසුළු විසිළු කිරීමට පටන් ගත්හ.


"මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්... තමුසෙලාට මොකක්ද තියෙන ප්‍රශ්නේ."
සොනාලිට සමච්චල් කළ තරුණයන් තිදෙනාට එවර පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ නවීන්ය. 


තමා සිටියදී වෙනත් පිරිමින් ඉදිරියේ තම පෙම්වතිය අපහසුතාවට පත්වණු දැකීම නොරිස්සුණු නවීන් තරුණයන් තිදෙනාට අවවාද කළේ ඇයට පාඩුවේ සිටීමට ඉඩහැර එතැනින් ඉවත්වන ලෙසටය. වැදගත් රැකියාවක නියැළුණු නවීන්ට එම තරුණයන්ගේ හැසිරීම පිළිබඳව ද එතරම් පැහැදීමක් ඇති වූයේද නැත.

"ආ... ඇත්තද, මෙයාගේ පිටේ ගහලා තියෙනවද ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා. අපිට මොකද මොනා වුණත්, අපි කිව්වේ මේ නංගි පට්ට කෑල්ලක් කියලා."


එවර නම් නවීන්ගේ කේන්තිය පාලනය කිරීමට නොහැකි විය. නවීන්ට කේන්ති ගොස් ඇති බව වටහා ගත් සොනාලි මෙම වාග් ප්‍රහාර නැවැත්වීමට සිතා නවීන්ට ඇවිටිලි කළේය.

"අනේ මේ රස්තියාදුකාරයොත් එක්ක පැටලෙන්න ඕන නෑ නවීන් අපි යමු, මගේ ඹධපඬ ඵඩධන එකත් පටන්ගන්න වේලාව හරි." සොනාලි නවීන්ගේ දෑතෙහි එල්ලෙමින් ඇවිටිලි කළද නවීන් පසුබැසීමට කැමැති වූයේ නැත. 


තරුණයන් තිදෙනාගේ හැසිරීමෙන් හා ඔවුන් අසලින් හමා ආ මත්පැන් සුවඳින් ඔවුන් රිසි සේ මධුවිත සප්පායම් වී ඇති බව වටහා ගන්නට නවීන්ට ගත වූයේ නිමේෂයකි."තමුසෙලා බීල නේද ඉන්නේ, බීගෙන මෙතැන කෙල්ලෙකුටවත් පාරේ යන්න දෙන්නේ නැහැ" යි නවීන් තරුණයන්ට දෝෂාරෝපණය කරන්නට විය.

එහෙත් තරුණයන් තිදෙනාද පරාජය භාර ගත්තේ නැත. දිගින් දිගටම සොනාලි දෙස බලමින් සමච්චල් කිරීමට පටන් ගත්හ. එක් තරුණයෙක් මහ හ¾ඩින් කොක් හඬලා සිනා සෙන්නට වූවේය. 


එවිට අනෙක් තරුණයන් දෙදෙනාද ඔහුට එක් වෙමින් සොනාලිට තව තවත් විහිළු කරන්නට වූහ. රථගාල දෙසින් ඇසුණ ශබ්දය නිසාවෙන් අහල පහළ සිටි මිනිසුන්ද මෙම කෝලාහලය දැක බලාගැනීමට සොනාලි සිටි තැනට රැස්වූහ.

විශාල සෙනඟක් පැමිණ තමා දෙසත්, තරුණයන් දෙසත් මාරුවෙන් මාරුවට බලනවා දුටු සොනාලි තව තවත් අපහසුතාවට පත් වූවාය.
"අනේ අපි යමු නවීන් මට ලැජ්ජාවේ බෑ, ආයේ මම කොහොමද හෙට උදේ වැඩට එන්නේ. දැන් අපි යමු" සොනාලි දෑසෙහි කඳුළු පුරවාගෙන නවීන්ට බැගෑපත් වූවාය.


සෙනඟ දෙසට දෙනෙත් යොමු කළ සොනාලිට දැක ගත හැකි වූයේ සිය කාර්යාලයේ තමාගේ යටතේ සේවය කළ සේවකයන් කිහිප දෙනකුද නෙත් දල්වා ඇය දෙස බලා සිටින ආකාරයයි. 


ඒ අතරින් තවත් සමහරු සොනාලි දෙස බලා සිටියේ සමච්චල් සහගතව සිනාසෙමිනි. මේ වගේ ඇඳලා ඉද්දී කොල්ලෝ විහිළු නොකරයිද? එතැන සිටි තවත් තරුණයන් කිහිප දෙනෙක් ඇසෙන්නට නෑසෙන්නට මෙන් පැවැසූහ.

තවත් මෙතැනට වී සිටීමෙන් වන්නේ තමා තව තවත් නින්දාවට පත්වීම බව වටහා ගත් සොනාලි නවීන්ගේ අතින් අල්ලාගෙන මෝටර් රථය වෙතට පිය මැන්නාය. 


ඔවුන් දෙදෙනාගේ ගමනට බාධා කරමින් ඉදිරියට පැනගත් තරුණයන් තිදෙනා අසභ්‍ය වචන පවසමින් සොනාලිට තව තවත් අපහාස කරන්නට විය. මෝටර් රථය නැඟී වේගයෙන් ‍ෙදාර වසා ගත් නවීන් මෝටර් රථයට පණ ගන්වාගෙන පිටත් වී ගියේය. 

ඔහු නතර වූයේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේය. සොනාලි මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් දැමූ නවීන් වහාම මේ සම්බන්ධයෙන් සොයා බලා පියවරක් ගන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටියේය.

"මං ජීවිතේට අහලාවත් නැති ජරා කතා මට කිව්වා. වටේම මිනිස්සු පිරිලා ඉද්දී ගෑනියෙක් වුණ පළියට මේ වගේ අපහාස විඳින්න ඕනේ නැහැ. මේ වගේ රස්තියාදු කාරයන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕනා. 


කෑල්ල, බඩුව මේ වගේ කතාවලින් ගෑනුන්ට කතා කරන හැම පිරිමියෙක්ටම මේ සිදුවීම ආදර්ශයක් වෙන්න ඕනා." සොනාලි ඇය මුහුණ දුන් අමිහිරි සිදුවීම පිළිබඳව පැවැසුවාය. 

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු ශාන්ත අන්තෝනි දේවස්ථානය අසලට පිටත් වූහ. ඒ වන විටත් සොනාලිට සමච්චල් කළ තරුණයන් තිදෙනා පල්ලිය අසලම රැඳී සිටියහ. 

සොනාලිට වැඩිපුරම අපහාස කළ තරුණයා මේ යැයි සොනාලි පොලිස් නිලධාරීන්ට පෙන්වද්දී සෙසු තරුණයන් දෙදෙනාද ඔවුන්ගේ යහළුවා වෙනුවෙන් පෙනී සිටිමින් "අපිත් විහිළු කළායි" කියමින් පොලිසියේ ජීප්රථයට නැඟ ගත්හ.

තරුණයන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔවුනට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත් අතර ඔවුන්ව කොළඹ, කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. 


ඉන්පසුව නැවැත දැනුම් දෙන තෙක් ඔවුන්ගේ නඩුව කල් දැමූ අතර ඔවුන් තිදෙනාට රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප නියම කොට නිදහස් කොට හරින්නට අධිකරණය පියවර ගත්තේය.
 
Related Posts with Thumbnails