Ads 468x60px

.

මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පති සියදිවි හානි කර ගත්තාද, මරා වැසිකිළිය තුළට දැමුවාද..?


විශ්‍රාම යන එක ගැන 
කලකිරීමෙන් 
ඉඳලා ...

මීගමුව ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිවරයා සිය කාර්යාලයේ වැසිකිළිය තුළ ගෙල කපා ගෙන සිය දිවි හානි කර ගෙන සිටියදී මීගමුව පොලිසිය මගින් ඊයේ (30 වැනිදා) පෙරවරුවේ සොයා ගෙන ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.


මෙසේ මරුමුවට පත්ව ඇත්තේ 59 හැවිරිදි මිහිඳුකුලසූරිය මැනුවෙල් මැක්‌ස්‌වෙල් ඩොනල් ප්‍රනාන්දු මහතායි. 

තිදරු පියකු වූ ඒ මහතා ලබන මාසයේ 06 වැනිදා විදුහල්පති ධුරයෙන් විශ්‍රාම යැමට නියමිතව සිටියා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

ඊයේ පෙරවරු 6.00 ට පමණ විදුහල්පතිවරයා ශාන්ත මරියා විදුහලට පැමිණ
තිබෙනවා. පාසලේ සඳුදා රැස්‌වීම සූදානම් කර ඇති ආචාර්ය මණ්‌ඩලය විදුහල්පතිවරයා කැඳවාගෙන ඒමට කාර්යාලයට ගොස්‌ තිබෙනවා.

විදුහල්පතිවරයා බරපතළ තුවාල සහිතව කාර්යාලයේ වැසිකිළිය තුළ වැටී සිටිනු ගුරුවරුන් දැක ඇත්තේ ඒ අවස්‌ථාවේදීය. පසුව මේ පිළිබඳ මීගමුව පොලිසියට දැනුම් දුන් විදුහල්පති කාර්ය මණ්‌ඩලය විදුහල්පතිවරයා රෝහල කරා රැගෙන ගොස්‌
තිබෙනවා.

එහෙත් රෝහල වෙත ගෙන යන විටත් විදුහල්පතිවරයා මියගොස්‌ සිටි බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

නාන කාමරයේ වැටී තිබූ පිහියක්‌ ද පොලිසිය සොයාගෙන තිබූ අතර විදුහල්පතිවරයාගේ සිරුරෙන් අධික ලෙස රුධිරය වහනය වූ බවක්‌ පෙනෙන්නට තිබූ බව ද පොලිසිය පවස
නවා.

ඩොනල් ප්‍රනාන්දු මහතා ශාන්තමරියා විදුහලට ඉතාම ලැදිව සේවය කළ අතර ඔහු විශ්‍රාම යැම සම්බන්ධයෙන් දැඩි ශෝකයකින් පසු වූ බව පරීක්‍ෂණවලදී හෙළි වී
තිබෙනවා.

ඩොනල් ප්‍රනාන්දු (59) මහතා මානසික ආතතිය වෙනුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි අයකු බව මීගමුව ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ. දයාපාල මහතා හමුවේ පැවති මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී
තිබෙනවා

ඔහු මානසික ආතතිය පිළිබඳව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් බව පවුලේ සාමාජිකයන් ඒ සඳහා වූ වෛද්‍ය වාර්තා, (වෛද්‍යවරයා නිකුත් කළ බෙහෙත් වට්‌ටෝරුව) ඉදිරිපත් කර තිබෙනවා.

මෙම කලකිරීම නිසා ඩොනල් ප්‍රනාන්දු මහතා සියදිවි හානි කර ගත්තා ද යන්න සැකයක්‌ මතුවී ඇති බව ද පොලිසිය පවස
නවා.

මරුමුවට පත් වූ ඩොනල් ප්‍රනාන්දු මහතාගේ බිරිඳ මීගමුව කෲස්‌ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරිය ලෙස කටයුතු කරන අතර ඔවුන් මීගමුව දළුපොත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

මේ පිළිබඳව තව දුරටත් සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ විදුහල්පති වරයාට සියදිවි හානිකර ගැනීමට තරම් ගැටලු සහගත තත්වයක් නොතිබූ බවයි. ඒ අනුව ඔහු සැහැල්ලු ජීවිතයක් ගත කළ අයෙක් බවත් ඔහුගේ ඥාතින් පොලිසියට ප්‍රකාශ කර තිබේ. 


එම නිසා ඔහුගේ සියදිවි හානිකර ගැනීම පිටුපස ඇති ගැටලුව කුමක්දැයි හෙළිකර ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වයි. 

විදුහල්පතිවරයා ඊයේ පෙරවරුවේ පාසලට පැමිණ පාසලේ ළමුන් සමඟ ද කතා බහ කර අනතුරුව ඔහුගේ නිල කාමරයට ගොස් විනාඩි 15 - 20 අතර කාලය තුල මියයාම සිදුව ඇතැයි පොලිසිය කියයි. 

සිද්ධිය වූ ස්ථානයේ තිබූ ඇඟිලි සළකුණු ආදියද ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබුණි. පොලිස් සුනඛයන්ද යොදා අපරාධකරුවන් සෙවීමේ මෙහෙයුම ආරම්භ කර තිබේ.

මීගමුව ප්‍රදේශය බාර පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහ‍තාගේ උපදෙස් යටතේ මීගමුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සජිත් රත්නායක මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ සිදු කරයි. 
 
Related Posts with Thumbnails