Ads 468x60px

.

සංවර්ධන වැඩපිළිවෙළේ ආශ්චර්ය සම්පුර්ණ වෙන්න නම් ගණිකා වෘත්තිය නීති ගත කරන්න...


මන්ත්‍රි 
ධුෂාන්ත
මාලගොඩ 
ඉල්ලයි...

සංචාරක කර්මාන්ත‍ය ආශ්‍රිත ආදායම් ඉහළ නැංවීම සඳහා ගණිකා වෘත්තිය මෙරට නීති ගත කරන්නැයි කොළඔ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රි ධුෂාන්ත මාලගොඩ මහතා ඉල්ලීමක් කර තිබෙන බව අපට වාර්තා වෙනවා.

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට සංචාරක කර්මාන්තය පත් වෙමින් තිබෙන බවත් ඊට දායකත්වය ලබා දීම සඳහා කොළඔ නගරයට අවශ්‍ය සියලු පහසුකම් සැලසිය යුතු බවත් කී ඒ මහතා සංචාරක කර්මාන්තයේ මරමස්ථානය වන කොළඔ නගරය පුංචි සිංගප්පූරුවක් බවට පත් කළ යුතු බව තව දුරටත් සඳහන් කලා.

කොළොම්බු එෆ් .එම් නමින් නව ගුවන් විදුලි සේවයක් කොළඔ මහා නගර සීමා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ යුතු බවට ආරියරත්ත සන්තියාගෝ මහතා විසින් ඊයේ(30)දා කොළඔ මහා නගර සභාවට කරන ලද යෝජනාවේදි මාලගොඩ මහතා එසේ පැවසුවා.

එම යෝජනාව එරික් චන්ද්‍රසේන (එජනිස) මහතා විසින් ස්ථිර
කලා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ නගරාධිපතිවරයා අත්වැල් බැදගෙන කොළඔ නගරයේ සංවර්ධන වැඩපිළිවෙළ ආශ්චර්ය කරා ගෙන යන බවද මාලගොඩ මහතා පැවසුවා.

තමා නගරාධිපති ධුරයේ සිටියදී ගණිකා වෘත්තිය නීතිගත කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බව කොළඔ මහ නගර සභාවේ පුරපති ඒ .ජේ .එම් මුසම්මිල් මහතා අවධාරණය
කලා.

රටේ ආර්ථිකය ගොඩ නැඟීම‍ සඳහා අවුරුදු 2600 ක ප්‍රෞඩ ඉතිහාසයක‍ට හිමිකම් කියන ශ්‍රි ලංකාව එවැනි තත්ත්වයකට පත් විය යුතු නැතැයි කී ඒ මහතා ශ්‍රි ලාංකිකයන්ගෙන් බහුතරය ආගම දහමට ලැදි බව සඳහන් කෙළේය.
 
Related Posts with Thumbnails