Ads 468x60px

.

පියුශාන් මටත් කලින් හිතවත් වුණේ මගේ අම්මත් එක්කයි - භාග්‍යා ඇගේ පෙම්වතා ගැන කතා කරයි

දම්සාරි සිහින සින්ඬරෙල්ලා ටෙලි නාට්‍යය ඔස්සේ මේ දිනවල හමුවන ඇය පියවි ටෙලි නාට්‍යයේ නැගණිය ලෙස රගපාමින් පේ‍්‍රක්‍ෂකයන්ට සමීප වූ භාග්‍යා ගුරුසිංහ මේ වනවිට ආදරවන්තියක් ව සිටින බව අපට දැනගන්නට ලැබුණා.

ඇයගේ පෙම්වතා සංගීත ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ අයෙක් වන අතර ඔහුගේ සංගීත වීඩියෝවක රගපාන්නට ගොස් ඇති වූ හිතවත් කම මත මේ පෙම් සබඳතාව ගොඩ නැගී තිබෙන බවයි ආරංචිය. 

භාග්‍යා උසස් අධ්‍යාපනය හදාරණ නවයොවුන් තරුණියකි. ඇයගේ පේ‍්‍රමය දිනාගැනීමට සමත්ව ඇත්තේ පියුශාන් රත්නායක නම් නව පරපුරේ ගායකයෙකි.

පියුශාන් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයනය පිළිබඳ උපාධියක් ද හදාරමින් සිටින බව භාග්‍යා පවසා තිබේ. භාග්‍යා පවසන පරිදි මේ භාග්‍යාගේ ප‍්‍රථම පේ‍්‍රමයයි. 

ඇය ඇගේ ප‍්‍රථම පේ‍්‍රමය ගැන මෙසේ පවසනවා.

"මම පියුශාන්ටයි මුලින්ම ආදරය කළේ. ඕනෑ තරම් ඒ වගේ ආරාධනා තිබුණා.නමුත් මට ඒ කිසි දෙයක් දිහා ඇහැක් ඇරලවත් බලන්න දුන්නේ නෑ. මම බැලුවෙත් නෑ. මගේ අයියා වගේම නංගිත් මමත් පාසල් ගියේ එකටමයි. එකම පාසලටමයි. 

එක ළඟ පංති කිහිපයකයි අපි තුන්දෙනාම හිටියේ. ඒ නිසා අයියා මාව ගොඩක් ආරක්ෂා කළා. මගේ පංතියේ ළමයි එක්ක මිසක් කිසිම පිරිමි ළමයෙක් එක්ක කතා කරන්න මට තහනම්. ඒකයි නීතිය වුණේ.අයියා නොහිටියනම් මම මීට කලින් පෙම් කරන්න තිබුණා සමහරවිට

පියුශාන් මට මුලින්ම හමුවෙන්නේ එයාගේ ගීතයකට කරන රූප රචනයකට රඟපාන්න ආරාධනා කළ නිසයි. පියුශාන් මාව මුලින්ම දැකලා තිබුණේ 'ඔයා නිසා හඬලා' කියන ගීතයේ. ඒ ගීතයේ රූප රචනයට මමත් ඉන්නවා. 

ඔහුගේ ගීතයේ රූප රචනයට මම වඩාත් සුදුසුයි කියලා ඔහු හිතලා තිබුණා. ඒ වගේම මම ගැන පුංචි ආදරණීය හැඟීමක් ඔහුට පළමුවරට ඇති වෙලා තිබුණේ ඔයා නිසා හඬලා කියන ගීතය නිසා. ඒත් එක්කම ඔහුට හිතුණලු මේ තරම් ලස්සන කෙල්ලකට කොල්ලෙක් නොසිටීවිද කියලත්.

ඊට පස්සේ ඔහු මාව රූප රචනයට තෝර ගත්තත් ඒ පිළිබඳ අහන්න මුලින්ම කතා කළේ අම්මාටයි. අම්මා මුලින්ම අකැමැත්ත ප්‍රකාශ කළා. ඒ පියුශාන් කියන්නේ කවුද කියලවත් අපි දන්නේ නැති නිසා.ඒ වෙනකොට මම නිර්මාණවලට සම්බන්ධ වුණේ දන්න කියන අයගේ විතරයි.

ඒත් පියුශාන් ඔහුගේ අදහස අත හැරියේ නෑ. අපිව දන්න අයෙකුට ඔහුගේ රූප රචනාවට මාව ගන්න අදහස කියලා තිබුණා. ඔහු මාර්ගයෙන් අපිව පියුශාන්ගේ වැඩේට සම්බන්ධ කර ගත්තා.ඒ විදියටයි ඔහුගේ රූප රචනයට සම්බන්ධ වුණේ.

ඔහුත් සමඟ කටයුතු කරද්දී ඔහු හොඳ කෙනෙක් බව සිතුණා. එහෙම වෙන්න හේතුව එක දවසක් අපි හැමෝම විෂුවල් එක කරන තැන හිටියා. එතැනදි වුණ කතාවකදී මම ඔහුත් සමඟ මොකක්දෝ දෙයකට ඔට්ටුවක් අල්ලුවා. ඔට්ටුව ඇල්ලූවේ පීසා එක කටයි. මම ඔට්ටුවෙන් දිනුවා. 

මට විතරක් නෙමෙයි ඔහු අපි හැමෝටම පීසා ගෙනාවා.ඔහු හොඳ කෙනෙක් කියලා හැගුණාට පස්සේ වෙන අයට වඩා එයත් එක්ක කතා කළා.මේ වැඩ කටයුත්තෙන් පස්සේ පියුශාන් මට වඩා කතා කලේ අපේ අම්මත් එක්කයි. 

ඔහු මුලින්ම මටත් කලින් හිතවත් වුණේ මගේ අම්මත් එක්කයි. මොකද අපේ අම්මා බොහොම සැරයි. ඔහු කොහොම හරි අම්මගේ හිත දිනාගෙන තිබුණා.අම්මා මට කතා කරන්න ෆෝන් එක දෙන්න හැදුවත් ඔහු මාත් සමඟ කතා කළේ නැහැ.

ඉඳලා හිටලා අම්මට කතා කරන අතරතුර ඔහු මට කතා කරනවා. ඒ අතර දවසකදී අම්මට ඔහුගේ අදහස කියලා තිබුණා.මගෙන් ඒ ගැන ඇහුව්වාට පස්සේ මම කිව්වේ අම්මාගෙන් අහන්න කියලයි. පස්සේ අපි ෆේස් බුක් එකෙන් කතා කළා. 

ඒත් නිතරම නෙමෙයි. පියුෂාන් ගැන අම්මා හොඳට දැනගෙන හිටියා.ඒ නිසා ඔහු හොඳ කෙනෙක් කියලා අම්මා කිව්වා. ඔහු මට කැමැති නම් ගෙදරට කතා කරන්න ඕන කියලත් අම්මා කිව්වා. පියුශාන් මේ ගැන එයාගේ අම්මට කියලා අවසරය ගත්තා.පියුශාන්ගේ අම්මා මට හරිම ආදරෙයි.
පියුශාන්ගේ ගෙදරින් අපේ ගෙදර ආවා. සියල්ල නියම විදියට සිදු වුණා. පියුශාන්ගේ ඉගෙනීමෙ කටයුතු නිසා වසර දෙකකට විතර පස්සේ අපි විවාහ වෙන්නයි ඉන්නේ.

ඔහු ආදරය කළේ ලස්සන වගේම අහිංසක නිසා. ඇත්තටම ඔහු අහිංසකයි වගේම අවංකයි.විවාහයෙන් පස්සේ මම රඟපෑමෙන් ඉවත් වෙනවා. හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න නම් වැඩිපුර කාර්යබහුල වෙලා බෑ. රඟපෑමේදී උදේ දවල් රෑ කියලා නෑ. එතකොට පවුල් ජීවිතයක් ඇත්තේ නෑ.


පියුශාන් ගේ පියා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතෙකු බවද වාර්තා වන අතර යහළුවීමෙන් අනතුරුව පියුශාන් විසින් භාග්‍යයා ට ප්‍රථම වරට Galaxy S3 වර්ගයේ ජංගම දුරකතනයක් තෑගී කොට ඇති බවත් පසුගියදා පැවති භාග්‍යයා ගේ උපන්දිනයට පියුශාන් තෑගී කොට ඇත්තේ Galaxy වර්ගයේ ටැබ් එකත් අප වෙත වාර්තා වෙනවා.

පියුශාන් හා භාග්‍යයා ගේ ආදරයට පදනම වූ පියුශාන් ගයන ගීතය පහතින්
 
Related Posts with Thumbnails