Ads 468x60px

.

උණු තෙල් තාච්චියට අත දැමීමට රූමත් නදී අද සවස සූදානම් - ඔබත් එන්න


ඔබටත් නොමිලයේ 
සහභාගී වෙන්න 
අවස්තාවක් ...

ගිරයක් නොමැතිව ඇඟිලි දෙකකින් දෙහි කැපීම, කපන දෙහිවලින් රුධිරය වෑස්සවීම, උතුරන තෙල් තාච්චියට අත දැමීම, පිටි අත්ලෙන් මිනී ඔළුවක් මතු කිරීම, කායික බලයකින් තොරව සුරයක් චලනය කරවීම සහ යමකු පොල් ගෙඩියක් මත හිඳුවා කරකැවීම ආදී මහා බලගතු හාස්කම් කිරීමේ සුවිශේෂ බලයක් ඇති සුරූපී නිළියක් පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම අද්භූත ක්‍රියා ක්‍රියාකාරකම් යථාර්ථවාදී ලෙසින් ඒ අයුරින්ම ඉදිරිපත් කිරීමේ විශේෂ අවස්ථාවක් සිකුරාදා එනම් අද (27) ප.ව 4.00 ට කොළඹ 08 කොටාරෝඩ් හි ආචාර්ය එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත් වෙනවා. 

මෙම ඉදිරිපත් කිරීම කරනු ලබන්නේ නව පරපුරේ නිළි, මෝස්තර නිරූපිකා නදී දර්ශනී විසින්. විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් සහ මාද්‍යවේදී තිලක් සේනාසිංහ මේ පිළිබඳ කෙටි දෙසුමක්ද පවත්වනවා. 

මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම ‍අයකුට මේ අවස්ථාව සඳහා නොමිලයේ සහභාගී විය හැක. මෙය ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ ඉදිරිපත් කිරීමකි.

හිතන්නවත් බැරි හාස්කම් පාන සුරූපි නිළිය නදීකා දර්ශනීගේ දස්කම් මෙන්න...
 
Related Posts with Thumbnails