Ads 468x60px

.

මම දැක්කා සර් මගේ ගෑනි සාලියත් එක්ක ගේ ඇතුළේ ඇඳ උඩ ඇගේ ඇඳුම් නැතිව ඉන්නවා


මමත් පිරිමියෙක් 
නේද සර්...

ඇවිලී ගිය නුරා ගින්න නිසා 
පවුල් දෙකක වුණු විනාශය...

තවත් දවසකට හිරු පායා ආවේ මේ හිරු වියන යට ජීවිතය ඛෙදාහදා ගන්නා බොහෝ මිනිසුන්ගේ සිත්සතන් අලූ‍ත් දවසකට ලක ලැහැස්ති කරන්නට ය.

අලූ‍ත් හිරු ජීවිතයේ අලූ‍ත් දවසකට බොහෝ දේ රැගෙන ආවේ ය. දවසේ ළදරු වියේම අවදි වී බිරියගෙන් ලද තේ කෝප්පය තොල ගෑ සාලිය තම චූටි දිය‚යගේ මුව මඩල සිපගෙනම තම ත්‍රිරෝද රථය වෙත දිව ගියේ ය. අලූ‍ත් දවසේ දහසක් බලාපොරොත්තු අතරේ කිමිදී සිටි සාලිය ගේ බලාපොරොත්තුව වූයේ දවසේ හොඳ හයර් එකකට සෙට් වීමට ය. 

තම සැමියා පාන්දරින්ම පිටව ගිය පසු ඇය සිඟිති දිය‚ය ද තුරුළු කොටගෙන ආයෙමත් ඩිංගක් වෙලා උණුසුමට තුරුළුව සිටින්නේ නිවෙසේ තනිවන්නට සිදුවන නිසා ය. සාලිය නැවත ගෙදර එන්නේ දහවල් කෑමට බව ඇය දැන සිටියා ය. 

දහවල් කෑම ටික සූදානම් කර තැබූ ඇය මඟබලා සිටියේ තම සැමියා එනතුරු ය. හිරු මුදුන් වී අවරට වැටෙන විට වෙනදාට නිවෙසට එන සැමියා වෙනුවෙන් එදින ඛෙදා තැබූ බත්පත සීතල වී ඇතැයි සිතමින් ඇය ළත වූවා ය. 

සාලිය දිවා ආහාරයට තබා රාත්‍රි බත්පත හීල්වනතුරුත් නොපැමිනීම නිසා ඇගේ සිත සසල වූවා ය. රාත්‍රිය ගෙවී යන්නේ ගැහෙන හදවතින් යුතුව ය. ඉඳහිට නැගෙන නිශාචර පක්ෂියකුගේ දුක්බර එහෙත් භයංකර හඩින් පරිසරයේ නිහඩතාව බිඳී ගියේ ය.

සාලිය කවදාවත් රෑ කෑමට නෑවිත් ඉන්නේ නෑ. මොකුත් කරදරයක් ද දන්නේ නැහැ. ඇය දියණිය උකුල මත තබාගෙන තනියම මුමුණන්නට වූවා ය. ජීවිතයට ගෙන එන ආරංචි හැම විටම සුබාරංචි වන්නේ නැත. 


නොසිතන නොපතන දෑ මෙන්ම අප කිසිවිටෙකත් සිතන්නට අකමැති දුක්බර දේ ජීවිතයට රැගෙන එන්නේ එය සිදුවිය යුතු පරිද්දෙන්ම ය. 
කන්ද නැඟ එන ත්‍රිවිල් රථය දුටු ඇය තම සැමියා පිළිගන්නට පෙරමඟට ගියා ය. එහි වූයේ වෙනත් පිරිසකි. ඇය සැමියා දක්නා අටියෙන් මේ හැමගේ ම මුහුණු දෙස බැලූ‍වා ය.


කෝ.. සාලිය ඇය ඇසුවේ කලබලයෙනි. ඇයි දන්නේ නැද්ද ? සාලියට පිහියෙන් ඇනලා. එයාව ඉස්පිරිතාලෙට අරන් ගියා. කවුදෝ කියූ දේවල් ඇයට ඇසුණේ හරියට එහා ලෝකයක සිට කතා කරන්නාක් මෙනි.


අනේ සාලිය ඔයාට මොකද වුණේ. කවුද මේ අපරාධය කළේ ඇය විළාප නැගුවා ය. ඉහළට ගත් හුස්ම පොද යළි පහත හෙළන්නට බැරිව ඇය වේදනාවෙන් දෙඩූ වදන් කාගේත් හදවත රිදවාගෙන ඇසට කඳුළු ගෙන ආවේ ය. සිතට දිරිගත් ඇය රෝහල වෙත දිව ගියේ තම සැමියාගේ තත්ත්වය බරපතළ බව දැනගත් මොහොතේ ය.  


ඇය තම සැමියා ගේ ඇඳ අසලට ගොස් ඔහුගේ මුහුණ දෙස බැලූ‍වේ හදවත පුපුරා යන වේදනාව මැඩගෙන ය. වේදනාවෙන් මොරදෙන තම සැමියා අසලින් මොහොතක්වත් ඉවත්ව යන්නට ඇය අකමැතිව බලා සිටියා ය.


මට ලලිත් පිහියෙන් ඇන්නා. ඇයි උන් මට මෙහෙම කළේ? මට අමාරුයි මාව බේරගන්න. සාලියගේ අදෝනාව රෝහලේ වාට්ටුව සිසාරා පැතිර ගියේ ය. ඇය තම සැමියාගේ හිස අතගාමින් ඔහුගේ වේදනාව මඳකට සමනය කරන්නට සිතුවා ය. ලලිත් යනු කවුදැයි ඇය හොඳහැටි දැන සිටියා ය.


එක කුස උපන් සොහොයුරන් මෙන් ළෙන්ගතුව මිතුරුව සිටි ලලිත් සාලියට මෙවන් විපතක් කරන්නේ යැයි විශ්වාස කළ හැකි ද? තම සැමියා ලලිත් ගැන දෙතුන් වතාවක්ම මුමුණමින් කියා සිටියේ ලලිත් තමන්ට පිහියෙන් ඇන්න බවයි.  

සාලියගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය වන බව ඇයට වැටහුණා ය. සාලිය නමැති එක්දරු පියා තම බිරිය හා දරුවා තනිකොට දමා මධ්‍යම රාත්‍රියේ ම ජීවිතයෙන් සමුගෙන ගියේ වේදනාවෙන් ගතකළ හෝරා කිහිපයකට තිත තබමින් ය.  


ඇය හඩා වැටෙමින් පසුදා උදෑසනට අරණායක පොලිසිය වෙත දිවගියේ කළ හැකි වෙනත් කිසිවක් නොවූ නිසා ය. ඇය තමන් දන්නා සියලූ‍ දේ බිඳකුදු නෑරම පොලිසිය ඉදිරියේ කියා සිටියා ය.


ඔව් සර්... එයා අමාරුවෙලා ඉන්න කොටත් කිව්වේ ලලිත් පිහියෙන් ඇන්නා කියලා තමයි. අන්තිම මොහොතෙත් එහෙම කිව්වා. දෙන්නා පුදුම යාළුකමකින් හිටියේ මටත් පුදුමයි.


ඇගේ පැමිණිල්ල මත පොලිසිය වහාම ක්‍රියාත්මක වූයේ අපරාධකරු ගමෙන් පැනයාවි දෝ යන සැකය ද ඉස්මතුව තිබූ නිසා ය. පොලිසිය අපරාධය වූ ස්ථානයට ගොස් ඉන් අනතුරුව ඉක්මනින්ම ගියේ ලලිත් නමැත්තාගේ නිවෙස බලා ය. 


එහෙත් ඒ මොහොත වනවිටත් ලලිත් හා බිරිය හොර රහසේම නිවෙසට ඉබියතුරු දමා කොහේදෝ යන්නට ගොසින් ය. සර්.. ඒ දෙන්නා ගමේ යනවා කියලා මේ දැන් තමයි යන්න ගියේ. තවම බස්ටෑන්ඩ් එකේ ඇති. දැන්ම ගියොත් මුණ ගැහෙයි. 

අසල් වැසියන්ගේ දැනුම් දීම මත දුරගමන් සේවා බස්රථ නැවතුම්පොළ වෙත ගිය පොලිසියට ලලිත් හා බිරිය දැකගත හැකි වූ අතර ඒ මොහොතේම දෙදෙනා අත්අඩංගුවට පත්වන්නේ අබිරහස් ඝාතනයක කිසිවකු නොදන්නා සැඟවුණු සිදුවීම් පෙළක හෙළිදරව්වකට මඟ සලසා දෙන්නට ය. 

හිස් බැල්මෙන් යුතුව පොලිස් ජීප් රථයෙන් බැස එන නිලධාරීන් දෙස ලලිත් බලා සිටියේ ය. සුදු වෙළුම් පටියකින් හිස වෙලාගත් ඔහුගේම බිරිය විමතියෙන් මෙන්ම බියෙන් ද සලිතව ලලිත් ගේ මුහුණ දෙස බැලූ‍වා ය. මෙම සිදුවීම ඇතුළත තවත් නොදන්නා කතාවක් තිබිය යුතු ය. 

කෙසේ හෝ හෙළිකරගත යුත්තේ ඒ සැඟවුණු කතාවයි. ඒ කතාව කිසිදු අසීරුවකින් තොරව ලලිත්ගෙන් හෙළිකර ගැනීමට පොලිසිය සමත් විය. 
ලලිත්ගේ දෙනෙත්වලින් කඳුළු වැල් රූරා පහළට ගැලූ‍වේ ය. සිහින් ඉකියකින් හදගැස්ම වරින්වර මතුව ආයේ ය.


මට සමාවෙන්න සර්... මං කවදාවත් සාලියව මරන්න හිතුවෙ නැහැ. ඒත් ඒක මගේ අතින්ම සිද්ද වුණා. සාලිය මට මගේම සහෝදරයෙක් වගේ හිටියේ. මගෙ ජීවිතේ ප්‍රශ්නවල දී එයා මට හුඟාක් උදව් කළා. 


මගෙ හිත හැදුවා. ඒක මම දැනගෙන කළා නෙවෙයි. ඒ සාලිය කියලා දැනගෙන හිටියා නම් මගෙ දරුව පල්ලා මං එයාට සමාව දෙනවා සර්.. ලලිත් ගේ කැළඹීම බියපත් බව ඉකියෙන්ම පෙරළී ඔහු හඩා වැටුණේ නොදරුවකු පරිද්දෙනි.

එහෙනම් ඇයි තමුන් ඒ මිනිහව මැරුවේ නිලධාරීන් ප්‍රශ්න කරද්දී ලලිත් පරාජිත බැල්මෙන් බිම බලාගෙන මොහොතක් නිහඩව සිට යළිත් හිස ඔසවා අවට රැඳී සිටින්නන් දෙස බැලූ‍වේ අනුකම්පා සහගතව ය. 


දැන් ඉතින් නැතිවෙන්න දෙයක් නැහැනෙ සර්... ඇත්තම කතාව මේකයි. මං හැම දෙයක්ම කියන්නම්.

ලලිත් රැකියාවට කළේ ලී ඉරීම ය. එම දුෂ්කර රැකියාවෙන් ඉතා දුක්බර ලෙසට ඔහු තම දරුවත් බිරියත් නඩත්තු කළේ සැබෑ සැමියකු පියකු ලෙස ය. වැඩිපුර කා සමඟත් ඇසුරට නොගිය ඔහු හිමිදිරියේ ම පිටත්ව ගොස් ආපසු එන්නේ බිම්කරුවලත් සමඟ ය. 


ලලිත් ගේ දරුවන් පාසල් ගියේ අසල්වැසියකු වූ සාලියගේ ත්‍රිරෝද රථයෙන් ය. ඊට අමතරව තම බිරියගේ ගමන් බිමන් යාමට ද එම ත්‍රීවිලරය ම යොදා ගන්නා ලෙස ලලිත් උපදෙස් දී තිබුණේ ය. මේ නිසාම මේ පවුල් දෙකම හොඳීන් දන්නා අසල්වාසීන් ලෙස ඉතා සමීපව කටයුතු කළේ ඉතා ළබැඳීව ය. 

මේ නිසාම ලලිත් ගේ බිරිය හා දරුවා සමඟ විහිළු තහළු කරමින් සුහදව කටයුතු කිරීමට සාලියට අවකාශ ලැබී තිබිණි. එහෙත් ලලිත් මේ ගැන කිසිදු තරහක් හෝ සැකයක් අතිකර ගත්තේ නැත. මිතුරකු ලෙස ලලිත් කිසිවකු ඇසුරු කළා නම් ඒ සාලිය පමණි.

එක දවසක් සාලියට බිරිය ගැන යම් සැකයක් ඇති වී තිබුණ නිසා සිටියේ දැඩි කළකිරීමකින් යුතුව ය. මගෙ පවුල මල්ලිත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා මට ආරංචි වුණා. සාලිය කීවේ ඉතා වේදනාබරව ය. එදා ලලිත් කීවේ රටේ මිනිස්සු මොනව කීවත් ගනන්ගන්න එපා කියා ය. කාලය ගෙවී ගියේ ය.


කිසිවකුත් ගෙදර නැති මොහොතක සාලිය, ලලිත් ගේ ගෙදර ආවේ ගියේ ය. කාටත් නොදැනී කිසිවක් සිදුවෙමින් තිබුණේ ය. ලලිත්ගේ බිරිය හා සාලිය අතර තහනම් පෙමක් ලියලා යමින් තිබුණේ කාටත් හොර රහසේය.

කිසිවක් ඉව වැටුණු ලලිත්ගේ මව ලලිත්ට මේ ගැන කිහිපවිටක් ම අනතුරු හඟවා තිබි‚. එදා සිට ලලිත් සාලිය දෙස බැලූ‍වේ යම් සැකයකින් යුතුව ය. ඔහු මේ ගැන ලලිත්ගෙන් හා තම බිරියගෙන් ඇසුවේ කරන්නටම දෙයක් නැති තැන ය.


පිස්සුද මචං මෙන්න වැඳලා කිවුවා අප අතරේ එහෙම දෙයක් නෑ. සාලිය ගේ කීම ලලිත් හිස් මුදුනින් පිළිගත්තේ ය. ලලිත් තම බිරියට පණ මෙන් ආදරය කළේ ය. විශ්වාස කළේ ය. එදායින් පසු සාලිය, ලලිත් ගේ නිවෙසට ආවේ නැත. සියල්ල අමතක කළ ලලිත් වෙනදා මෙන් ජීවිතය ගෙන ගියේ ය.  


සියල්ල සුපුරුදු ලෙස සිදුවෙමින් තිබි‚. දිනක් බිරිය හා ලලිත් රෝහලට ගියේ දියණියට ඛෙහෙත් ගන්නට සිතා සාලියගේ ත්‍රීවිලරයෙන්ම ය. එදා රෑ බෝ වූ නිසා ලලිත් ටවුමෙන් බැස්සේ රාත්‍රියට කෑම රැගෙන ඒමට ය.


ඔයා අක්කවයි දරුවවයි ගෙදරට එක්ක යන්න. මං එන්නම් ලලිත් සාලියට කීවේ ය. මං ගෙදර එද්දි ලයිට් දාලා තිබුණා. මං හෙමිහිට ඇවිදගෙන ආවේ ටිකක් සැකයෙන්. මම දැක්කා සර් මගේ ගෑනි සාලියත් එක්ක ගේ ඇතුළේ ඇඳ උඩ ඇඟේ ඇඳුම් නැතිව...

මට ජීවිතේම එපා වුණා සර්... තවත් මොනවද බලන්නෙ. මමත් පිරිමියෙක් නේද සර්... මට පුදුම කේන්තියක් ආවා. මට මොනවා වුණාද මන්දා. ළඟ තිබුණ පොල්ලක් අරන් ඉස්සුවා විතරයි කවුරු හරි මාව පිටිපස්සෙන් ඇවිත් බදාගත්තා කරුවලේම මම අතේ තිබුණු පිහියෙන් අතබදල එයාට ඇන්නා.


කේන්තියට මං මගේ ගෑනිටත් ඔළුවට පොල්ලෙන් ගැහුවා. මට සාලිය ගැන දුකයි සර්...ලලිත්ගේ දෙනෙත් පුරා කඳුළු පහළට වැටෙද්දී කවුරුත් බැලූ‍වේ ඔහු අසලම පුටුවක වාඩි වී බිම බලාසිටින බිරිය දෙසය. අසම්මත ප්‍රේමය දරුපවුල් දෙකක් ජීවිත කතරේ අසරණ කර දැම්මේ එලෙස ය. ඇවිලී ගිය නුරා ගින්න මහා විනාශයකට පාර කැපුවේ එලෙස ය.
 
Related Posts with Thumbnails