Ads 468x60px

.

අතුල නැවතත් සමිතාට කිට්ටු කරන කතාව ඇත්තක්ද..?

බදා වැලඳගෙන 
පෙම් කළත්... 

දමා යන අය 
දමා යනවා...සමිතා කියයි

අතුල සමිතා ගැන නැවත කථාබහ ඇතිවූයේ පසුගියදා පැවති සංගීත සම්මාන උළෙලදී සමිතා දියණිය සමග එකම පෙළට අතුල අමායාද වාඩිගෙන සිට සම්මාන ලද අවස්ථාවේ ඔවුන් එකිනෙකා වාද භේද නැතිව එකට සතුට බෙදා ගැනීම නිසයි.

එහෙත් පසුගිය කාලයේ සමිතා මුදුන්කොටුව ගැන නොයෙකුත් කථා පැතිරුණා. ඇය හා ඇමතිවරයෙකු සමග සම්බන්ධයක් ගැන කතා පැතිරෙද්දී ඇගේ සැමියාව සිටි අතුල ඇය ඇතැර අමායාව කසාද බැන්දා.


ඔය අතර වාරයේ අතුල අමායාගේ කැදැල්ලට අලූත් සිගිත්තෙකුත් එක්වුණා. එම දරුවාට නම තබන ලද්දේ සමිතාගේ පුතු බවටද ආරංචි පැතිරුණා. මේ සියල්ල සිදුවුණත් සමිතාගේ නිවසට ගිය විට ඇය සිටින්නේ හුදෙකලාවේය. 

එහි ඇමතිවරු නැත. ඇය දරුවන් සමග තවමත් තනිකඩය. නැවත කසාදයකට සූදානම් නැති බව ඇය කියන අතර අතුල හා නැවත එක්වන්නේ නිර්මාණ වලදී පමණක් බවද කියනවා.

ඇයට සිද්ධවූයේ කුමක්ද? සරසවිය පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ ගැන වැඩිදුර කියා සිටියේ පහත පරිදිය.

එක්තරා දවසක ඔබත් ආදරයෙන් හදපු කැදැල්ල සිඳී බිඳී ගියා. ඔබත් අද ජීවිත කතරේ තනි වූ ගැහැනියක් නොවේද?

අතුල අධිකාරි කියන චරිතයට මම බොහෝ සේ ආදරය කළා. ඔහු මගේ සැමියා බවට පත්කර ගත්තේ ඒ ආදරය නිසාමයි. කාලයක් යද්දි අපිට දරුවන් ලැබුණා. ඔවුනුත් හදාගෙන අපි ජීවත්වුණා. එකට ඉඳීමේදී ප්‍රශ්න, ගැටුම් ඇති වුණා. 


එකට ඉන්න බැරිම තැනට ප්‍රශ්න ආවා. ඉතිං ගහ මරාගෙන රණ්ඩු වෙන්නේ නැතුව කතාබහ කරලා අපි වෙන් වුණා. දරුවන් ඉදිරියේ ගෙදර යුද පිටියක් කරගන්න මම කැමති වුණේ නැහැ. 

ඒත් අපි ක්ෂේත්‍රයේ එකට ඉන්නවා. අපේ බැඳීම අහවර වුණත් සදා කාලයටම ඔහු මගේ දරුවන්ගේ තාත්තා. ඒක වෙනස් කරන්න බෑනේ.

ඔබ කොහොම හිතකින් ද ඔහුගේ අලුත් ජීවිතයට සුභ පතන්නේ?

මේ දුර්ලභ මානුෂික ගුණාංගය හුගදෙනෙකුට නෑ කියලා මම දන්නවා. පුංචි කාලේ ඉඳන් මට මේ ගුණාංග තිබුණා. අද අපි හොද යාළුවෝ. ඔහු බැඳලා දැන් ලස්සන දුවෙක් පවා ඔවුන්ට ඉන්නවා. ඔහුගේ අලුත් බිරිය අමායා සමග කිසිම තරහක් මගේ හිතේ නෑ. 


ඒත් ගැහැනියක් නේ මල්ලි. හැබැයි ගොඩාක් අයට ලොකු ප්‍රශ්නයක් අපි මෙහෙම ඉන්න එක ගැන. එයාලා දැන් හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. මම එයාලාට හදවතින්ම ආශිර්වාද කරනවා.

ඒත් සමහරු කියන්නේ නම් මේ ඇමෙරිකාව නෙමේ කියලා?

මේක ඇමෙරිකාව නොවන බව මම හොඳටම දන්නවා. හැබැයි එහෙම කියන අයගෙන් මම අහන්නේ රණ්ඩු වේවි ගහ මරාගෙන ඉන්න එකද හරි කියලා. මෙහෙම සුහදව අපි ඉන්න එක අනුන් ගැනම හොයන අයට ලොකු ප්‍රශ්නයක්. දිරවන්නේ නෑ තමයි.

ඔබේ දරුවන් මේ ගැන මොකද කියන්නේ . . .?

හරිම සතුටින් කියන්නේ මල්ලි මට ඉන්නේ මාව තේරුම් ගත්ත මේ දේවල් හොඳට අවබෝධ කරගන්න පුළුවන් කීකරු දරුවෝ දෙන්නෙක්. එයාලා දන්නවා එයාලැ අම්මා ගැන. මට ඒ ඇති හොඳටම.

හැමදාමත් ඉතිං ඔහොම තනියම ඉන්නද කල්පනාව?

අප්පේ දැන් මට දීග දෙන වයසේ දුවෙකුත් ඉන්නවානේ. දවස පුරා මට වැඩ. ඉතිං කොහෙන්ද තනිකමක්. කොහොමත් මේ ජීවිතය තාවකාලික නවාතැනක් නේ මල්ලි. අපි හැමදාම ඉන්න ආපු අය නෙමේ. පෙර පින් තිබිලා ගායිකාවක් වුණා. පුළුවන් තරම් තව තව පින් කරන්නේ දැන් නම් ලබන ආත්මය ගැන හිතලා.

අතුල නැවතත් ඔබට කිට්ටු කරන කතාවක් පැතිරිලා තිඛෙනවා?

ඒ අපි දෙන්නා එකට ගීත ගායනා කරන නිසානේ. පවුලක් කඩලා පවුලක් වෙන්න නම් මා කවදාවත් හිතන්නේ නැහැ. අතුල නැවත මට කිට්ටු කරන කතාව බොරුවක්.

ඔබේ ගීතයක ඔබ කියනවා කොච්චර පෙම් කළාද ඔබට කියලා?

අච්චරයි මෙච්චරයි කියලා බදා වැලඳගෙන පෙම් කළත් දමා යන අය දමා යනවා මල්ලි. කොහොමත් ආදරය, බැඳීම් කියන්නේ දුකක්. ඒක තේරුම් අරන් මම දිවි ගෙවනවා.


අතුල සමිතා එකට එක්කළ පසුගිය අප්‍රේල් මස පැවති සංගීත සම්මාන උළෙලේ දෙරණ වීඩියෝව පහතින්

 
Related Posts with Thumbnails