Ads 468x60px

.

‘නිරුවත සහ බිය’ රියලිටි වැඩසටහනට මව්වරුන් මිලියනයක් විරෝධය දැක්වු වීඩියෝ මෙන්න


නිර්මාණකරුවන් සංස්කෘතිය සදාචාරය අත්හැරලා...

ඩිස්කවරි  නාලිකාව මගින් හදුන්වා දුන් ‘නිරුවත සහ බිය’ (Naked and Afraid) නම් වූ රියැලිටි වැඩසටහන පටන් ගන්නේ එකිනෙකා නොහදුනන ස්ත‍්‍රියක හා පිරිමියෙකු යුගල තරගකරුවන් ලෙස නොමැරී දින 21 කාලයක් පුරා සැතපුම් 10 ක දුරක් ගෙවිය යුතු වූ නවතම රියැලිටි අත්දැකීමක් ලෙසටය.  

නිශ්චිත පිටපතක් නොමැතිව මෙය ආරම්භ කළ බව එහි නිර්මාණ කරුවන්ම පවසයි. ලෝක ටෙලි විෂන් කලාව මේ වන විට විවිධ් රියලිටි වැඩසටහන් හමුවේ විවිධාකාර වෙනස්වීම් වලට භාජනය වෙමින් පවතී. 

මේ හේතුව නිසාම ඇතැම් නිර්මාණකරුවන් සංස්කෘතිය සදාචාරය අමු අමුවේ අත්හැර කටයුතු කිරීමට පවා පෙළඹී ඇතැයි අමුතුවෙන් කිවයුතු නොවේ. එනම් ලාභ අපෙක්ෂාවට ප‍්‍රමුඛත්වය ලබාදෙන වත්මන් රියලිටි කලාව දැන් එහි අනන්තයට ළගා වී තිබේ.

අසම්පූර්ණ සිතියමක් යටතේ මුහුණදිය හැකි සියලූ කටුක අත්දැකීම් වලට නොබියව මුහුණදෙමින් එක් පූර්ව නිශ්චිත ස්ථානයකින් ස්වකීය ගමනාන්තය සනිටුහන් කළයුතු මෙහිදී ඔවුන් තරගයට ඇතුළුවිය යුත්තේ මුළුමනින්ම නිරුවතිනි. එසේම සෑම කථාංගයක්ම එකිනෙට වෙනස් යුගල බැගින් එකිනෙට වෙනස් ස්ථානවලදී රූගත කරනු ලැබිණ.

කෙසේ වෙතත් මේ වන විට මෙම අලූත්ම රියැලිටියට මරු පහර එල්ල කිරීමට ලෝක ජ‍්‍රජාව සූදානම් වන අතර මිලියනයක් වූ මවුවරුන් මේ පිළිබද හෙළා දකිමින්  විරෝධය පාන්නට විණි.

මීට ආසන්නතම හේතුව වී ඇත්තේ අවසන් වරට මෙම රියැලිටියේ සිටි කෙලී නයිට්ලින්ගර්  සහ ඊ.ජේ.  ස්නයිඞ් ජීවිතය ගලවා ගනිමින් වනයෙන් පිටත්ව ඇත්තේ අනූ නවයෙන් වීම නිසාය.

මේ අනුව ජීවිතය පිළිබද දැඩි අවදානමක් ගෙන දෙන මෙම රියැලිටි වැඩසටහන සම්බන්ධයෙන් පවුල් සංවිධාන දැඩි විරෝධය පළ කර ඇති අතර මිනිසා සමග කරන එම බරපතල ක‍්‍රීඩාව නවතා දමන ලෙසද ඒවාට අයත් මව්වරුන් අනතුරු අගවා ඇත.  

එහිදී ඊට වඩා සෞම්‍ය අඩ නිරුවතක් සිදුකිරීම සුදුසුයැයි ඔවුන් යෝජනා කර තිබේ.  ඒ මෙම ‘නිරුවත හා බිය’ වැඩසටහනේදී සිරුර නිරාවරණය වන ප‍්‍රමාණය වැඩි බැවින් යැයි ඔවුහු පවසති. 

‘නිරුවත හා බිය’ වැඩසටහනේ එම වීඩියෝ පහතින්

 
Related Posts with Thumbnails