Ads 468x60px

.

රිය අනතුරකින් සිහිසන් නොමැතිව බිහි කල දෙහැවිරිදි දරුවා ආහාර විකා මවට කවන හැටි...

ආබාධිත මවට ආහාර විකා කවන දෙහැවිරිදි දරුවකු ගැන අපට වාර්තා වන්නේ චීනයේ ජියැන්ග්සු ප‍්‍රදේශයෙනි.

මවගේ නම ෂෑන්ග් රොන්ග් සියෑන්ග්ය. ඇය මිට වසර දෙකකට පෙර රිය අනතුරකට මුහුණ පෑ තැනැත්තියකි. රිය අනතුර සිදුවන අවස්ථාවේ ඇය ගැබිණියක්ව සිටියාය.

මුහුණ පෑ අනතුරේ බරපතල බව නිසාම ෂෑන්ග් ‘කෝමා’ තත්වයට පත්වූවාය. වෛද්‍ය වරුන් ඇය යළි සිහි නොලබනු ඇතැයි පැවැසුවද ෂෑන්ගේ සැමියා වන ගවෝ ඩෙජින් ඇය රැක බලා ගත්තේය. ඇයගේ සිරුර මනා සේ කි‍්‍රයාකාරී වූ නිසා ගර්භයේ වූ කළලයේ වැඩීමට බාධාවක් නොවීය. 


දවස් ගෙවුණු පසු ‘‘සිසේරියන්‘‘ සැත්කමක් ආධාරයෙන් සිහි නොමැතිව සිටි ෂෑන්ග්ගේ කුසෙන් පිරිමි දරුවෙක් මෙලොවට බිහි වුනේය. ගවෝ ඔහු නම් කළේ ගවෝ ක්වින්බෝ ලෙසය. කුඩා ක්වින්බෝ උපන්දා සිටම හැදී වැඩුනේ සිහිසන් නොමැතිව සිටි මවගේ තුරුල්ලේය.

වසරක් ගෙවී උදාවුණු මැයි මසදී ප‍්‍රාතිහාර්යයක්ම සිදුවිය. වෛද්‍යවරුන් යළි නැගිටින්නේ නැතැයි කී ෂෑන්ග් යළි පියවි සිහිය ලැබුවාය. එහෙත් ඇයට පෙර මෙන් තම කටයුතු කර ගැනීමේ හැකියාවක් නොවීය. ඒ තවමත් ශරීරය දුබල බැවිනි.


කුඩා ගාවෝ මවගේ සහයට ආවේ මෙවිටය. තම මුඛයට බහා ගන්නා ආහාර විකා මවට කවන්නට ගාවෝ පටන් ගත්තේය. ආහාර සැපීමට වත් ශක්තියක් නොමැතිව සිටි ෂෑන්ග්ට මෙය මහත් ශක්තියක්ම විය.

ගාවෝ විකා තම මුවට හෙළන ආහාර ෂෑන්ග්ට ඇත්තේ ගිලින්නට පමණි.දෙහැවිරිදි තම දරුවා දැන් සිටම තමන්ට උවටැන් කරනු දකින මව අපමණ සතුටට පත්ව සිටින්නිය.

ගාවෝගේ මේ කි‍්‍රයාව නිසා ෂෑන්ග්ට දියරමය ආහාර ලබා දීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය නොවිය. ඔවුන්ගේ අදහස වන්නේ කුඩා ගාවෝ නිසාම ෂෑන්ග් නුදුරේදීම දෙපයින් නැගී සිටිනු ඇති බවයි.


 
Related Posts with Thumbnails