Ads 468x60px

.

මිනීමරු කිඹුලාගේ මරණයට හේතුව හෙළිවෙයි

දෙවන සංස්කරණය 
රාගම ඇළෙන් අල්ලාගනු ලබූ මිනීමරු කිඹුලාගේ උගුරේ විශාල බිලී කොක්‌කක්‌ හිරවී තිබීම නිසා උගේ මරණය සිදුවී ඇතැයි දෙහිවල සතුන්වත්තේ පශු වෛද්‍යවරයෙක්‌ පැවැසීය.


මෙම කිඹුලාගේ මරණය පිළිබඳ පැවැත්වූ පරීක්‍ෂණයේදී මිනිස්‌ සිරුරක කොටසක්‌, ඉබ්බන් දෙතුන් දෙනෙකු සහ මීහරකෙකුගේ සිරුරේ කොටස්‌ කීපයක්‌, බල්ලකුගේ සිරුරක කොටස්‌ කීපයක්‌ හමුවූ බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි. මේ හැර පොලිතින් උර කිහිපයක්‌ද කිඹුලාගේ කුසේ තිබී ඇත.

කිඹුලාගේ කුසේ තිබී හමුවූ මිනිස්‌ සිරුරේ කොටස්‌ සීල් තබා පොලිසියට භාරදීමට කටයුතු කර ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්‌  පැවැසීය.

මේ පිළිබඳ ප්‍රකාශයක්‌ කළ වනජීවී මෙහෙයුම් අධ්‍යක්‍ෂ එච්. ඩී. රත්නායක මහතා කීවේ මෙම කිඹුලා වනජීවී නිලධාරීන්ගේ භාරයට ගත් අවස්‌ථාවේදී කිඹුලාගේ සිරුරේ කැපීම් තුවාල පෙනෙන්නට තිබූ බවය. කෙසේ වෙතත් කිඹුලා ඒ මොහොතේම දෙහිවල සතුන්වත්තට භාරදුන් බවත් එහිදී කිඹුලා මිය ගිය බවත් ඔහු සඳහන් කළේය.

මෙම ඇළේ තවත් කිඹුලන් කිහිප දෙනකු සිටිය හැකි බව විශ්වාස කළ හැකි යෑයිද රත්නායක මහතා කීවේය.



රාගම කිඹුලාගේ ආමාෂයේ මිනිස් අස්ථි කොටස්.

රාගම ප‍්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අල්ලාගෙන දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ආ කිඹුලාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (09) සිදු කෙරුණා. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශූ වෛද්‍ය නිලධාරී ජගත් ජයසේකර කියා සිටියේ කිඹුලාගේ ආමාෂය තුළ තිබී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමූ වූ බවයි. 


අඩි 15 දිගැති මෙම කිඹුලාගේ බර කිලෝග‍්‍රෑම් 900ක්.   ඇමක් යොදා අල්ලාගත් මෙම කිඹුලාගේ හිසට සිදුවූ කැපුම් තුවාල   සහ ඉන් සිරුරේ අභ්‍යන්තරයට සිදුවූ හානි හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණේ.



රාගම වනාත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මහත් භීතියට පත් කරමින් සිටි අඩි 19 ක් පමණ දිග විශාල සිරුරකින් යුක්තව වැඩී තිබුන මෙම කිඹුලා හසුවී තිබුනේ ප්‍රදේශයේ තරුණයකු විසින් අටවන ලද උගුලකටයි.

මෙම කිඹුලා විසින් පසුගියදා ගවයන්ට තණකොළ කැපීමට ගිය තරුණයකු ඩැහැගෙන ගොස් මරා දමා තිබූණ අතර ප්‍රදේශයේ ගවයින්, සුනඛයින් ආදී සතුන් ආහාරයට ගෙන තිබිණා. කිඹුලා ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබූණා

සත්ත්ව වේදීන් පවසන්නේ මෙලෙස මිය ගිය කිඹුලා වසර 100කට පමණ පසුව මෙරටින් හමුවු විශාලතම කිඹුලා බවයි. එහෙත් කිඹුලා මිනිස් ග්‍රහණයට ගෙන පැය කිහිපයකට පමණ පසුව මිය ගිය බවයි වාර්තා වුනේ. කිඹුලා එලෙස මිය ගියේ දෙහිවල සත්වෝද්‍යානය වෙත රැගෙන යාමෙන් අනතුරුවයි.

පොරවකින් පහර දුන් බවට සැක කෙරෙන තුවාල සලකුණු කිඹුලාගේ හිසේ පැවති අතර එම හේතුවෙන් හෝ කිඹුලා අල්ලා ගැනීමට භාවිත කළ ඇම සුසුම්නාවේ පැටලීමෙන් හුස්ම හිරවීමෙන් මිය යන්නට ඇතැයි වනජීවි නිලධාරීන් සදහන් විශ්වාස කරනවා.



කිඹුලා අල්ලාගැනීමෙන් පසුව ගත් ජායාරූප කීපයක් පහතින්.














 
Related Posts with Thumbnails