Ads 468x60px

.

කාලි මෑණියන්ගේ ශාපය තමාට වදින්නේ නම් ඒ සඳහා මුහුණ දීමට සූදානම් - මර්වින්

තමන් මිහිපිට ජීවත්ව සිටින තුරු බිලිපූජා සඳහා සතුන් මැරීමට ඉඩ නොදෙන බව මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි. ශ‍්‍රී ලංකාවේ කොතැනක හෝ බිලිපූජා පවත්වන්නේ නම් තමන්ට දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටින අමාත්‍යවරයා එසේ දැනුම්
දෙනු ලැබුවහොත් තමන් එය නවත්වා දමන බවත් අමාත්‍යවරයා කියා සිටී.


එසේ නැවැත්වීම නිසා කාලි මෑණියන්ගේ ශාපය තමාට වදින්නේ යයි කිසිවෙකු පවසන්නේ නම් ඒ සඳහා මුහුණ දීමටද තමන් සූදානම් බව පෙන්වා දෙන ඒ අමාත්‍යවරයා තමන් ජීවත් වෙන්නේ දෙවියන් සමඟ මිස යක්‍ෂයන් සමඟ නොවන බවද සඳහන් කරයි. ලේ අවශ්‍ය වන්නේ දෙවියන්ට නොව යක්‍ෂයන්ට පමණක් බවද  අමාත්‍යවරයා වැඩිදුරත් පවසයි.
 
Related Posts with Thumbnails