Ads 468x60px

.

මගේ දැඟලිල්ල ටිකක් වැඩියි - ප්‍රියංකා

පසුගිය දවසක ඉන්දියානු සඟරාවක් සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා එක්ක පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවක් පල කළා. හැබැයි පාඨකයන්ට නම් ඒක පෙනුනේ හරියට මංගල දැන්වීමක් වගේ. එහිදී ප්‍රියංකා වැඩිපුරම කතා කරලා තිබුණේ තමාගේ ජීවන සහකරුට තිබිය යුතු සුදුසුකම් ගැනයි. ශාරුක් ගේ පවුල් ජීවිතය ප්‍රියංකා නිසා අර්බුධයට ලක්වෙලා කියලා පොඩි හාවක් හූවක් මේ දවස්වල පැතිරෙනවා. සමහර විට ඒ නිසාම වෙන්න ඇති ප්‍රියංකා එකපාරටම විවාහය ගැන කතා කරන්න පටන් අරං තියෙන්නේ.


ප්‍රියංකා ගේ දෙමව්පියන් ප්‍රියංකාව හදිසියේ විවාහ කරලා දෙන්න උත්සහ කරනවා නේද ?  
කියලා සඟරාව අහන ප්‍රශ්නෙට ප්‍රියංකා දෙන්නේ අපූරු උත්තරයක්.
එයාලා මගේ විවාහය ගැන හිතන්නේ මට වයස අවුරුදු දෙකේ ඉඳලා 

ප්‍රියංකා විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ කෙනෙක් එක්කද ? 

සඟරාව අහනවා.මම විවාහ වෙන්නේ මට පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක් එක්ක ඒකයි ප්‍රියංකාගේ උත්තරේ

විවාහයෙන් පස්සේ සැමියා ප්‍රියංකාගේ රංගන ජීවිතයට බාධාවක් වුණොත් ?
එහෙම වෙන්නේ මම ඒ විදිහේ කෙනෙක්ව බැන්දොත් නේ. හැබැයි මට සුදුසු ඒ වගේ කෙනෙක් තමයි. මොකද මගේ දැඟලිල්ල ටිකක් වැඩියි. මම විවාහ වෙන්නේ මාව Control කරන්න පුළුවන් කෙනෙක් එක්කයි. 

මම ඉන්දියානු සම්ප්‍රදායන්ට ගරු කරනවා. මම රෑට තනියම එලියට ගිහින් පරක්කුවෙලා ගෙදර එද්දී ඒ ගැන ප්‍රශ්න නොකරන සැමියෙක්ට මම කොහෙත්ම කැමති නැහැ. මම කැමතියි ස්වාමියාට යටත් වෙලා ජීවත් වෙන්න. ඒත් මම යටත් වෙන්නේ මම ගරු කරන කෙනෙකුට විතරයි. හැබැයි මගෙන් ගරුත්වයක් ලබා ගැනීමත් ඒ තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි.

ප්‍රියංකා බලාපොරොත්තු වන ගතිගුණ තියෙන කෙනෙක් බොලිවුඩ් වල ඉන්නවද ? 
 සඟරාව මේ ප්‍රශ්නේ අහන්නේ ප්‍රියංකගේ හොරේ එයාගේ කටින්ම අල්ල ගන්න. ඒත් ප්‍රියංකා ඒකට අහුවෙන්නේ නැහැ.මට ප්‍රශ්නයක් නැහැ එයා ඉන්නේ කොහෙද , එයා කරන්නේ මොනවද කියලා. හැබැයි කවුරු වුණත් එයා කෙලින් වැඩ කරන කෙනෙක් නම් මට ඒ හොඳටම ඇති. මොකද දැං කාලේ හුඟක් අයට කෙලින් වැඩ කරන්න කොන්ද පණ නැහැනේ.

අවසානයේදී සඟරාව අහනවා අන්ධ කෙනෙකුට තමාව හඳුන්වා දෙන හොඳම විදිහ මොකක්ද කියලා.
ප්‍රියංකා ඒ ප්‍රශ්නෙට දෙන්නේ අපූරු උත්තරයක් මිනිහෙකුට අයිතිකරගන්න පුළුවන් හොඳම වස්තුව
 
Related Posts with Thumbnails