Ads 468x60px

.

දිල්හානිගේ පවුල කඩන්න හැදූ ටෙලිය

ජනපි‍්‍රය නිළියක් වන තනුජා දිල්හානි මෙරටට පැමිණියේ සිය සැමියා වන පණ්ඩුකට හොර රහසේ බව ‘සත්කුළු පව්ව’ අධ්‍යක්‍ෂ ෂර්ලි පී. දෙලන්කාව මහතා කියයි. දෙලන්කාව මහතාදුරකතන ඇමතුමක් ලබා දෙමින් මේ බව කියා සිටියේය.එසේම ඔහු කියා සිටියේ ‘දිල්හානිගේ පවුල කඩන්න හැදූ ටෙලිය’ යන ශීර්යෙන්  පලවූ පුවතේ දිල්හානි විසින් තමාට හා නිෂ්පාදන කණ්ඩායමට එල්ලකර ඇති චෝදනා සියල්ල අසත්‍ය බවයි.


තමා
දිල්හානිව ‘සත්කුළු පව්ව’ ටෙලි නාට්‍යයේ චරිතයක් සඳහා තෝරා ගනු ලැබුවේ පූර්ණ කාලීනව බවත් තමා ඇය එම ටෙලියට සම්බන්ධ කර ගැනීමේදී රූගත කිරීම් කොටස් දෙකක් යටතේ සිදු කෙරෙන බව පැවසූ බවද ඔහු සඳහන් කළේය.

එසේම
එම ටෙලියේ සංස්කරණ කටයුතු සිදුකරණ කාලයේදී තමා තවත් ටෙලියක රූගත කිරීම් සිදු කරන බව දෙලන්කාව මහතා දිල්හානිට කියූ බවද ඔහු පැවසීය.අනුව කොටස් 50 කින් යුත් මෙම ටෙලියේ පළමු රූගත කිරීම් පසුගිය අගොස්තුවේදී දෙවැනි රූගත කිරීම් පසුගිය වසරේ දෙසැම්බර් හා මේවසරේ ජනවාරි මාසයේද සිදු කළ බව ඔහු කීය.

දිල්හානි
ඇය විදෙස්ගතවන බව පැවසුවේ පළමූ රූගත කිරීම් අවසන් කළ දිනයේදී බවත් ඇය නවසීලන්තයට යන බවක් නොපැවසූ බවත් ඇය කියා සිටියේ ඉතාලියට යන බවක් බවත් ඔහු පැවසීය.කෙසේවුවද දිල්හානිට අදාල ටෙලියේ ඉදිරි කටයුතු සඳහා යොදාගනු ලැබුවේ ඇයට නවසීල්න්තයේ සිට යාමට හා ඒමට ගුවන් ප‍්‍රවේශපත් ලබාදී බවද දෙලන්කාව මහතා සඳහන් කළේය.

ඇය
දිවයිනට පැමිණියේ දෙසැම්බර් මාසයේදී බැවින් ඇගේ ගුවන් ප‍්‍රවේශපතට රුපියල් 125,000 ක් වැය කළ බවත්, ඇයට පෙරළා නවසීලන්තය බලා යාමට ගුවන් ප‍්‍රවේශපතක් ලබා ගැනීමට රුපියල් 65,000 ක් ලබාදුන් බවත් ඔහු කීය.

එසේම
ඇයට රූගත කිරීම් සඳහා එක්වූ දිනවලට රුපියල් 7,000 ක මුදලක් ලබාදුන් බවද දෙලන්කාව මහතා කී අතර මේ සියල්ල හෙලිකිරීමට සිදුවූයේ ඇය පුවත්පතක ටැබ්ලොයිඞ් අතිරේකයකට කර තිබූ සම්මුඛ සාකච්ඡාවක් නිසා බවද ඔහු පැවසීය.
 
Related Posts with Thumbnails