Ads 468x60px

.

කොත්තු වලටත් නිල ඇඳුමක්‌

කොළඹ නගරයේ ආපන ශාලාවල සේවය කරන සියලු කොත්තු සකස්‌ කරන්නන්ට නිසි පුහුණුවක්‌ හා නිල ඇඳුමක්‌ ලබාදීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත. ප්‍රමිතියෙන් උසස්‌ හා පිරිසිදු ආහාර මහජනතාවට ලබාදීමේ අරමුණින් ඉහත තීරණය ගත් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා ඊයේ 07 පැවැසීය.


මෙහි මුල් අදියර යටතේ තෝරාගත් කොත්තු සකසන්නන් 300 දෙනකුට ඒ පිළිබඳ පුහුණුව ලබාදීමට කටයුතු කර ඇති බවත් එහි කටයුතු ලබන මාර්තු මස ආරම්භ කෙරෙන බවත් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පැවැසීය. විශේෂයෙන්ම මහජන පරිභෝජනයට නුසුදුසු ලෙස කොත්තු සැකසීම පිළිබඳ පැමිණිලි විශාල සංඛ්‍යාවක්‌ ලැබී ඇති බවත් හෙතෙම කීවේය.

මෙම වැඩපිළිවෙළ යටතේ කණ්‌ඩායම් වශයෙන් පුහුණු කිරීම් සිදු කරන බවත්, මේ සඳහා පෞද්ගලික ආයතනයක්‌ සහයෝගය ලබාදෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 
Related Posts with Thumbnails