Ads 468x60px

.

සැත්කම් තුනකට පසු කෙහෙලිය මේ වන විට සුව අතට

හදිසි අනතුරකට භාජනය වීම නිසා තමා සැත්කම් තුනකට භාජනය වූ බවත් මේ වන විට සුවය ලබමින් සිටින අතර ඉදිරි දෙසතිය ඇතුලත ආපසු පැමිණ රාජකාරි ඇරඹිය හැකි වෙතයි විශ්වාස කරන බවත් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.


ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර හෝටලකදී අමාත්‍යවරයා අනතුරකට ලක් වී ඇත්තේ අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාගේ දණහිසේ ආබාධයකට ප‍්‍රතිකාර සඳහා පැමිණ සිටියදීය.
‘රමිත් පුතාගේ දණහිසේ ආබාධයක් නිසා අපි පසුගිය 29 වැනිදා  ඕස්ටේ‍්‍රලියාවට ආවේ ප‍්‍රතිකාර ගන්නයි. ඔහු මෙල්බර්න් නුවර රෝහලකින් ප‍්‍රතිකාර ගත්තා. 

එම ප‍්‍රතිකාර අවසන්ව 8 වැනිදා ලංකාවට ඒන්නයි හිටියේ. 7 වැනිදා සවස මා නැවතී සිටි හෝටලයේදී සිදුවූ අනතුරකින් මගේ කකුල් දෙකට තුවාල සිදුවුනා. ශල්‍ය කර්ම තුනකට භාජනය කෙරුණා. මේ වන විට සුව අතට හැරෙමින් පවතිනවා’ යයිද අමාත්‍යවරයා සඳහන් කරයි.
 
Related Posts with Thumbnails