Ads 468x60px

.

ෂාරුක් - ප්‍රියංකා සිත රිදවන මේ පෙම කුමක් ද?

කෙතරම් බාධක තිබුණ ද අවසානයේදී ආදරවන්තයන්ට වසන්තයක් මවා දීමට බොලිවුඩයේ සිනමා අධ්‍යක්ෂවරුන් කවදත් රුසියන්ය. එහෙත් මේ ආදර කතාවට ඔවුන්ට එවැන්නක් කළ හැකි වේවිද? සැබෑ ජීවිතයේදී තිරයේ පෙම්වතුන් මෙන්ම ආදරය අවංකව විඳීන යුවළකට සිටි හොඳම උදාහරණය ෂාරුක් – ගෞරිය. 


සුපිරි තරුවක් වුවත් ඔහු අන් තාරකාවන් ඉදිරියේ ‘සහෝදර’ නළුවකු පමණක් විය. ගෞරිට විශ්වාසනීය සැමියකු, දූ දරුවන්ට ආදරබර පියකු විය. එහෙත් මේ සියල්ල දැන් කණපිට පෙරලෙමින් පවතින සෙයකි.

ෂාරුක්, ගෞරීගේ අත ගත්තේ 1991 දීයි. ඔහු සිය උපන් දිනය සමරනවාටත් වඩා උජාරුවෙන් විවාහ සංවත්සරය සමරන්නේ තමන්ට ධනය, කීර්තිය නැති කාලයේ දුක බෙදා ගැනීමට ඉදිරිපත් වූ ගෞරීට ගෞරවය පුද දෙමිනි. 

එහෙත් අද නම් ගෞරීට සැමියාගේ ඒ කතාවලින් සිත සනසා ගෙන සුවදායක නින්දකට යාමට නොහැකිය.ඒ ඇයගේ සිහින මන්දිරයම ප්‍රියංකා චොප්රා විසින් විනාශ කරමින් පවතින බවට පැතිරී යන පුවත් නිසයි.

සිසිල් සුළං දසත පැතිරෙන අලුයම කාලයේදී හරියටම පාන්දර 3 ට, ප්‍රියංකා චොප්රා ෂාරුක්ගේ රෙඩ් චිලීස් කාර්යාලයෙන් නික්ම ගොස් තිබේ.මෙය කාගේත් ඇහි බැම ඉහළ නංවන පුවතක් බවට පත් වී අවසානය. කාර්යාලයට රාත්‍රී 11 ට පැමිණි ප්‍රියංකා පිටව ගොස් ඇත්තේ පාන්දර තුනටය.

සී සිනේ සම්මාන උළෙලේ නිවේදක යුවළ වන්නේත් මේ දෙපළයි. උළෙල පැවැත්වෙන්නේ හොංකොං හි මැකෝ නුවරයි.ෂාරුක් - ප්‍රියංකාටම නිවේදන කර්තව්‍ය පැවරීම පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් හා සමාන වෙයිද? 

ප්‍රියංකා ෂාරුක්ගේ කාර්යාලයට පැමිණියේ සම්මාන උළෙල ගැන කතා කිරීමට විය හැකි බවට ද රාවයක් පවතී.පිගි චොප්ස්ගේ (පි‍්‍රයංකාගේ) ‘තෙරි මෙරි කහානි’ නම් ඉදිරියට තිරගත වීමට නියමිත සිනමා පටය නැරැඹීමට ප්‍රේක්ෂකයන් උනන්දු කිරීමේ කටයුත්ත ද ෂාරුක්ගෙන් ඉටු වෙමින් පවතී. 

සහෝදර නළු නිළියන්ගේ අලුත්ම නිර්මාණ ප්‍රවර්ධනය කිරීමට ෂාරුක් කවදත් එක පයින් ඉදිරිපත් වන්නෙකි. ඔහු ප්‍රියංකා වෙනුවෙන් ද පෙනී සිටින්නේ ඒ හොඳ හිත නිසා විය හැකියි.

කෙසේ වුවත් ගෞරී මේ සියල්ල හමුවේ මුනිවත රකින්නීය.බොලිවුඩයේ ආදර්ශමත් වු කැදැල්ලට කණ කොකා හඬන්නේ නැතිවේවායි යන්න ගෞරිගේ මෙන්ම රසිකයන්ගේ ඒකායන පැතුමයි.

 
Related Posts with Thumbnails