Ads 468x60px

.

ධනුෂ්ගේන් තෙන්ඩුල්කාර්ටත් “කොලවරි ඩී“ ගීයක්

පසුගිය නොවැම්බර් 16 වැනිදා සිට පළමුව ඉන්දියාවත්, දෙවනුව අනෙකුත් බොහෝ රටවලත් තරුණ පරම්පරාව එකම ගීතයක් මුමුණන්නට පටන් ගත්තේය.  ගීතයෙන් ඇසුවේද එකම සරල පැනයකි. ‘වයි දිස් කොලවරි ඞී?’


මේ කොලවරි උමතුව බිහි කළේ ජනපි‍්‍රය දමිළ නළුවකු වන ධනුෂ් ය.
ඔහු සිය නවතම චිත‍්‍රපටය ‘3’ වෙනුවෙන් ගායනා කළ ‘කොලවරි’ ගීතය සැබැවින්ම අහම්බයකි.මෙම ගීතයේ සංගීත නිර්මාපකායා දහඅට හැවිරිදි අනිරුද් රවිචන්ද්‍ර පළමුව සංගීතය නිර්මාණය කළ ගීතය මෙය බව පැවසේ.

ඒ සඳහා ඔහු භාවිත කළේ දකුණු ඉන්දියානු ජන ගායනා රටාවන් සහ බටහිර සංගීත භාණ්ඩයන්ගේ සම්මිශ‍්‍රණයකි.එමෙන්ම පැරැණි දකුණු ඉන්දියානු සංගීත භාණ්ඩ බොහොමයක් ද අනිරුද් භාවිතයට ගෙන තිබුණි.

කෙසේ වෙතත් මේ ගීතයත් සමඟ ලැබුනු ජනප්‍රියත්වයත් සමඟ ධනුෂ් හට බොහෝ නිර්මාණ සඳහා දායක වීමට දැන් අවස්ථාව ලැබි ඇත. ජනප්‍රිය ගීත අතරට එක්විය හැකි යැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටින ධනුෂ්ගේ මීළඟ නිර්මාණය ලබන සති අන්තයේදී නිකුත් වීමට නියමිතයි.

One plus one-u two-u two-u, if not Sachin who-u who-u…’ ලෙස ගැයෙන මෙම ගීතය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුර්කාන්ට ප්‍රණාම පිණිස නිර්මාණය වූවකි.සචින්ගේ රසිකයෙක් වන ධනුෂ් මෙම ගීතය නිර්මාණය කර ඇත්තේ ශක්තිජනක පානයක් සඳහා නිපැයුනු වෙළඳ දැන්වීමකට යි. 
 
Related Posts with Thumbnails