Ads 468x60px

.

මල් 1,725ක් යොදාගෙන නිර්මාණය කල වැලන්ටයින් ගවුම

මල් යනු පෙබරවාරි මාසයේ උදාවන ආදරවන්තයින්ගේ දිනය හා ඉතා සමීප වන්නකි. ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්ම නිමවන ලද මෙම ගවුමසාදා ඇත්තේ මල් වලිනි.මල් 1,725ක් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී ගවුම, බි‍්‍රතාන්‍යයේ ඇස්ඩා සුපිරි වෙළඳසැල් ජාලය හා නිර්මාණකරු මසී ගේ හවුලක ප‍්‍රථිපලයකි.


විවිධාකාරයේ
රෝස, ජර්බෙරා, කානේෂන් හා කි‍්‍රසැන්තිමම් වැනි මල් වර්ග වලින් සැදුනු මෙම ගවුම සෑදීම සඳහා පැය 170ක් ගතවී ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.මෙහි බර රාත්තල් 28ක් පමණ වන අතර, මීටම ගැලපෙන පාවහන් යුගයක්ද රෝස පෙති වලින් නිර්මාණය කර ඇත.

මේ
වසරේ පැවති පැරීසියේ මෝස්තර නිරූපණ සතියේ එළිදැක්වුනු ගවුම් මෝස්තරයක් ඇසුරෙන් මෙම නිර්මාණය සකසා තිබේ.



Asda Valentine's DressThe entire look was completed with a pair of rose petal covered stiletto shoes.
 
Related Posts with Thumbnails