Ads 468x60px

.

ගොසිප්9 වෙබ් අඩවිය තහනම් කරලාද..?

මෙරට මාධ්‍ය දඩයම කොතරම් වේගවත්ද...

මෑත කාලීනව ලංකාවේ සැඟවුණු පුවත් හෙලිකල ආකර්ශණීය පුවත් වෙබ් අඩවියක් වූ ගොසිප්9 වෙබ් අඩවියට ඊයේ (20) සවස් භාගයේ සිට ටෙලිකොම් සබඳතා වලින් හැර අන් කිසිඳු අන්තර්ජාල සබඳතාවකින් පිවිසිය නොහැකි බවට වාර්තා වී තිබෙනවා. මෙය සැබෑ ලෙසම අදාල වෙබ් අඩිවිය  තහනම් කිරීමක්ද නැතහොත් එහි තාක්ෂණික දෝෂයක්ද යන්න නිසියාකාරව දැනගන්නට ලැබී නැත.

කෙසේ වෙතත් මෙය පිලිබඳව සැකමුසු ආකාරයෙන් බැලීමට ආසන්නම සිදුවීම වන්නේ ප්‍රභාකරන්නේ බාල පුත්‍රයාගේ යයි කියන ඡායාරූ
කීපයක් ඊයේ දිනයේ අදාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ඉදිරිපත් කිරීම හා ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති මගින් අදාල ගොසිප්9 වෙබ් අඩවියට ඊයේ කොටි ලේබලය ඇලවීමද සිදුවූ බැවිනි. 

කෙසේ වෙතත් අද උදෑසන එම වෙබ් අඩවිය ස්වාධීන රූපවාහිනියේ පලවූ චෝදනාව ගැනද ලිපියක් ඉදිරිපත් කර තිබිනි. මෙම වෙබ් අඩවිය යම් අකාරයකින් තහනම් කර ඇත්නම් මෙරට මාධ්‍ය දඩයම කොතරම් වේගවත්ද යන්න සිතාගත යුතුය.

මේ වනවිට ශ්‍රී ලංකා මිරර්, ලංකාවේ නිවුස් වැනි වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කොට ඇත. සැබවින්ම පසුගිය සිකුරාදා රාත්‍රියේ ගොසිප් 9 වෙබ් අඩවියට ශ්‍රී ලංකා ටෙලිකොම් තුලින් පිවිසීම බාධා කර තිබුන අතර සෙනසුරාදා වන විට යථා තත්වයට පත්ව තිබුණි.


ගොසිප් 9 ලංකාව තුල තහනමට ලක් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පතද වාර්තා කොට ඇත. මෙම තහනම දැනට අපට බලපා නැතත් අපගේ වෙබ් අඩවිය "රාජ්‍යය විරෝධී" වෙබ් අඩවියක් ලෙස හංවඩු ගසනවාට අපගේ කිසිදු කැමැත්තක් නැත.

මන්ද පක්ෂපාට භේදයකින් තොරව අගය කල යුත්ත අගය කිරීමටත් වංචා දුෂණ හෙළි කරීමටත් අප ක්‍රියාකර ඇති බැවිනි.ඒ බව පාඨක ඔබට අපගේ වෙබ් අඩවියේ මේතාක් පළවූ ලිපි කියවීමෙන් තේරුම්ගත හැක.

මේ අතර ශ්‍රී ලංකාව හෝ ශ්‍රී ලාංකික ජනතාව සම්බන්ධයෙන් පුවත් පළ කරන වෙබ් අඩවි හැකි ඉක්මනින් ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලියාපදිංචි කරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා නිවේදනයක් නිකුත්කරමින් ප්‍රකාශ කොට ඇත.

ඒ අනුව තහනමට ලක්වූ වෙබ් අඩවි හා අනෙකුත් පුවත් වෙබ් අඩවි ඉදිරියට පවත්වාගෙන යන්නේනම් ඒවා ප්‍රවෘති අමාත්‍යංශයේ ලියාපදිංචි කල යුතුය.

මුල් පිටුව තුලින් ගොසිප් 9 බ්ලොක් කල ආකාරය ප්‍රකාශ කල අයුරු  



 
Related Posts with Thumbnails