Ads 468x60px

.

පිච්චමල් පූජාව අද ශ්‍රී මහා බෝධිය අබියසදී

වාර්ෂිකව පවත්වන සමන්පිච්ච මල් පූජාව මෙවර 22 වැනි වතාවටත් ශාන්ති පදනමේ අනුග්‍රහයෙන් අද (09 වැනිදා) දින ප.ව. 3.00 ට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී සහ හෙට (10 වැනිදා) උදැසන කිරිපිඬු බුද්ධ පූජාව හා පලතුරු පූජාව රුවන්වැලි සෑය අබියසදී කොටපොල අමරකිත්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මග පෙන්වීම යටතේ පැවැත්වේ.

මෙයට විසි එක්‌ වසරකට පෙර ඉතා සීමිත ජනතාවකගේ සහභාගිත්වයෙන් අනුරාධපුරයේදී ආරම්භ කරන්නට යෙදුන සමන්පිච්ච මල් පූජා මහෝත්සවය මේ වන විට විසි දෙවසරක්‌ සපුරා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අති දැවැන්ත මහා පුෙණ්‍යාත්සවයක්‌ බවට පත්ව ඇත. වසරින් වසර නොකඩවා පියවරෙන් පියවර අති සාර්ථකත්වයෙන් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ විශ්වාසයට පත්වූ මෙම පුණ්‍ය උත්සවයේ නිර්මාතෘවරයා වන්නේ කොළඹ 07, සේරුවිල බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති අතිපූජ්‍ය කොටපොල අමරකිත්ති මහා ස්‌ථවිරයන් වහන්සේය. උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මඟ පෙන්වීමෙන් මෙම පිංකම ශ්‍රී ලංකාව පුරා පමණක්‌ නොව බෞද්ධ ලෝකයාගේම නොමද භක්‌ත්‍යාදරයට පාත්‍රව ඇත. ලක්‌ෂ සංඛ්‍යාත බෞද්ධ අබෞද්ධ ජනී ජනයාගේ සිත් පහන් නිවා සනහන මහා බෞද්ධ පුනරුදයක්‌ ඇති කිරීම සඳහා පිටිවහලක්‌ වී ඇත. වසරින් වසර ව්‍යාප්තව ඇති මෙම සමන්පිච්ච මල් පූජා පිංකම ශ්‍රී ලංකාව පුරා සිසාරායමින් මුළු මහත් අනුරාධපුරයම එක්‌ දිනක්‌ තුළ එකම හිස්‌ ගොඩක්‌ බවට පත්වෙන අතර, මෙවර ලක්‌ෂ 12 ක්‌ 15 දක්‌වා ජනතාවක්‌ පැමිණීමට නියමිතය. පිංකම සංවිධානය කිරීමේදී එක්‌ කාර්ය භාරයක්‌ සඳහා එක්‌ කමිටුවක්‌ බැගින් කමිටු 35 ක ශ්‍රම දායකත්වයක්‌ ගනිමින් ක්‍රමාණුකූලව සහ විධිමත් අයුරින් පිංකම සංවිධානය වේ. එලෙස 22 වන සංවත්සර පිංකමේදී තව තවත් විවිධාංග පිංකමට උපයෝගීකර ගනිමින් මෙවර තම ගෙවත්තේම වගාකරන ලද පලතුරු ගසකින් පලතුරු ලබා ගෙන රුවන්වැලි මහ සෑය අභියස පලතුරු පූජාව හා කිරිපිඬු පූජාවක්‌ ජුලි මස 10 වෙනි දින උදැසන තැබීමට කටයුතු යොදා ඇත.

අද (09 දා) පැවැත්වෙන පිච්චමල් පූජා පිංකම වෙනුවෙන් බෞද්ධ කොඩි දස දහසකින් පූජා භූමිය අලංකාර කිරීමටත්, රුවන්වැලි මහ සෑය විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීමටත් කටයුතු යොදා ඇත. පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා දිවා රෑ දන්සල් 52 ක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම පිංකමේ සුවිශේෂි දසුනක්‌ වන්නේ සහභාගිවන සියලුම දෙනා මස්‌ මාංසයෙන් වැළකී සුදු ඇඳුමෙන් සැරසී මනා සංයමයකින් යුතුව මුළු පහන් පිංකමේ අවසානය දක්‌වා සහභාගි වීමය.
 
Related Posts with Thumbnails