Ads 468x60px

.

ලියම් ෆොක්ස් දිවයිනට පැමිණෙයි

එංගලන්තයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා දිවයිනට පැමිණ තිබේ.

ලියම් ෆොක්‍ස් මහතා ඊයේ(08) රාත්‍රී දිවයිනට පැමිණි බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ‍ගුවන්තොටුපල ප්‍රකාශකයෙකු පැවසුවේය.

නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියොමාල් පෙරේරා මහතා විසින් එංගලන්තයේ රාජ්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් මහතා පිළිගෙන ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුළ දී ලියම් ෆොක්ස් මහතා මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බව වාර්තා වේ.

ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය ද ඔහු විසින් සිදුකිරීමට නියමිත බව පැවසෙයි.
 
Related Posts with Thumbnails