Ads 468x60px

.

පවිත‍්‍රා නිලධාරියෙකුගෙන් අහලා මෙගාවොට් ද ලොකු ගිගාවොට් ද ලොකු කියලා.

පවිත‍්‍රාට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ...

පවිත‍්‍රාට ඇමතිකම දුන්නේ බැසිල්ට ඕන විදිහට...

එයාට දැන් ලොකු එක හොයා ගන්නත් බැරි වෙලා...

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව මුලින්ම ගෙනාවේ හිටපු ඇමති චම්පික රණවක බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය පවිත‍්‍රා දේවි වන්නිආරච්චි පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කිරීම තවත් අර්බුදයකට හේතුවක් වුණා.

පවිත‍්‍රාගේ කතාවෙන් වේදනාවට පත් චම්පික රණවක අමාත්‍යවරයා විදුලි ගාස්තු වැඩි කිරීම කුමන්ත‍්‍රණයක් බවත්,  ඒ පිටුපස සිටින්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් බවත් නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කළා.


මේ නිවේදනය නිකුත් කළ දිනම කැබිනට් මණ්ඩලය ද රැස් වුණා. එහිදී විදුලි ගාස්තු වැඩි කිරීමට ගනු ලැබූ තීරණය ගැන සාකච්ඡා කළ යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා යෝජනා කළා.

‘‘විදුලි ගාස්තු වැඩිකිරීම මේ වනවිට ලොකු ප‍්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ගැන අපි කතා කරලා තීරණයක් ගමු.’’ වාසුගේ යෝජනාවට ජනාධිපතිවරයා ක්‍ෂණිකව ප‍්‍රතිචාර දැක්වූවා. ‘‘නෑ නෑ ඒක ප‍්‍රශ්නයක් නෙමෙයි. පවිත‍්‍රා ඔයාට හොඳ ඇමතිකමක් නෑ කියලා නාහින් අඬ අඬ හිටියා. දැන් ඔයාට හොඳ ඇමතිකමක් දීලා තියනවා.


ඔයා ඒක හරියට කරන්න. හිටපු ඇමතිවරුන්ට දොස් කියන්න යන්න එපා. ඔයාගේම දැක්මකට වැඩ කරන්න. එක එක අමාත්‍යාංශ ලේකම්වරු ලියලා දෙන ඒවා පාර්ලිමේන්තුවේ කියවන්න යන්න එපා. ඔයා හොඳට අධ්‍යයනය කරලා කියන දෙයක් කියන්න. ’’

ජනාධිපතිවරයා ඒ විදිහට පවිත‍්‍රාට උපදෙස් දුන්නා. කැබිනට් මණ්ඩලය රැස් වූ දින පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරු ඉටිපන්දම් දල්වමින් විදුලි ගාස්තු වැඩිකිරීමට විරෝධය පළ කළා.

එහිදී ආණ්ඩු පක්‍ෂයේ අය වතුර බොතල් වලින් ගහන්න පටන් ගැනීමත් සමග පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් දමන්න වුණා. මේ වෙලාවේ ඉදිරිපෙළ අසුන්ගෙන හිටපු ඇමති මෛතී‍්‍රපාල වට කරගත්ත  විපක්‍ෂයේ ඉටිපන්දම් පත්තු කරගත්ත මන්තී‍්‍රවරු ‘‘අනාගත අගමැතිතුමා ඔබතුමාවත් සහනයක් ලබා දෙන්නකෝ’’ කියලා වටකර ගත්තා.

ඒ වේලාවේ සභාගැබෙන් එලියට එන ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්තී‍්‍රවරයාට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් මුණ ගැහුණා.

පවිත‍්‍රාට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. පවිත‍්‍රාට ඇමතිකම දුන්නේ බැසිල්ට ඕන විදිහට අමාත්‍යාංශය කරන්න ඕනේ නිසා. පවිත‍්‍රා නිලධාරියෙකුගෙන් අහලා තිබුණා මෙගාවොට් ද ලොකු ගිගාවොට් ද ලොකු කියලා. එයාට දැන් ලොකු එක හොයා ගන්නත් බැරි වෙලා. ජ්‍යෙෂ්ඨ ඇමති පවිත‍්‍රාව මෙහිදී පුදුම විදිහට උපසාහයට ලක් කළා.
 
Related Posts with Thumbnails