Ads 468x60px

.

සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා කිව්වැයි සේමිනි කෝටි 50 ක්‌ ඉල්ලා දමිතාට නඩු දමයි...

හෝටල් ගැන හොයන්න ගියොත් ලංකාව වටේම ඇවිදින්න වෙයි...

සේමිණි දමිතාට "පව් ඒ බැල්ලි" කියලා...

දමිතා හින්දා නිවේදකයෙකුට රැකියාවත් අහිමි වෙයි...

චිත්‍රපට හා ටෙලි නාට්‍ය ජනප්‍රිය නිළි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියට ජනප්‍රිය නිළි දමිතා අබේරත්න මහත්මිය විසින් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී අපහාසකළේ යැයි රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේදී ඊයේ (21) නඩුවක් පවරා තිබෙනවා.

2013 ජනවාරී 13 වැනිදා දමිතා අබේරත්න සහභාගී වූ එකී සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළැයි කියන ප්‍රකාශයක් නිසා තමාගේ චරිතයට වූ හානිය වෙනුවෙන් අදාළ වන්දිය ඉල්ලා තිබෙනවා.


තමාට අපහාස වන ප්‍රකාශයක්‌ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකට කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළි දමිතා අබේරත්න මහත්මිය ඉකුත් ජනවාරි 13 දා ගුවන්විදුලි නාලිකාවක්‌ ඔස්‌සේ තමා සම්බන්ධ කර කළ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් ඉන් තමාගේ පෞද්ගලික ජීවිතයට හා කීර්ති නාමයට බලවත් හානියක්‌ සිදුවූ බවත් සේමිණි ඉද්දමල්ගොඩ කියා සිටිනවා.

මෙයට පෙර දෙදෙනා විසින් පුවත්පත් මගින් දෙදෙනාට බැන ගනු ලැබූ අතර එක්වරක් සේමිණි විසින් දමිතාට "පව් ඒ බැල්ලි" යනුවෙන්ද පවසා තිබුනේය.

මෑතකදී දමිතා ගුවන් විදුලි වැඩසටහනකට පැමිණ සේමිණි හට ප්‍රසිද්ධියේ අපහාස වන අයුරින් සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් සේමිණි ඉද්දමල්ගොඩ
ඊයේ කොළඹ දිසා අධිකරණයට සිය නීතීඥයින් මාර්ගයෙන් පැමිණිල්ලක් ගොනු කළ අතර ටෙලි නිළි සේමිණි ඉද්දමල්ගොඩ සඳහන් කර තිබෙන්නේ ටෙලි නිළි දමිතා අබේරත්න පසුගිය ජනවාරි 13 වන දින රන් එෆ් එම් පුද්ගලික ගුවන් විදුලි නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් ප්‍රසිද්ධියේ තමන්ට අපහාස වන ප්‍රකාශයක් සිදු කළ බවයි.

එම පැමිණිල්ලේ දැක්වෙන ආකාරයට ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවේදී දමිතා සිය වචන වලින් කියා ඇත්තේ..

සේමිණි රට වටේම හෝටල් ගානේ යනවා. එයා යන හෝටල් ගැන හොයන්න ගියොත් මට ලංකාව වටේම ඇවිදින්න වෙයි..යනුවෙනි.

වසර 16ක් පුරා වෘත්තිය ගරුත්වය රැකගෙන ක්ෂේත්‍රයේ රැඳී සිටි තමාට මෙම ප්‍රකාශය නිසා අපහාසයක් වූ බවත් මෙම අපහාසයෙන් තමන් ගොඩනගාගත් කීර්ති නාමයට හානියක් සිදුවූ බවත් ඒ නිසා එයට වන්දි වශයෙන් දමිතාගෙන් මිලියන 500 ක වන්දි ඉල්ලා දෙන ලෙසත් මෙම පැමිණිල්ලේ සඳහන් කර තිඛෙනවා.මේ සම්බන්ධයෙන් නඩු විභාගය කැඳවන දිනය ඉදිරියේදී නමි කරනු ඇත.

දමිතා කළැයි කියන ප්‍රකාශයේ සම්පූර්ණ පිටපතක්‌ද පැමිණිල්ල සමඟ අමුණා උසාවියට ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥ මයෝමි රණවක මහත්මිය මගින් නඩුව ගොනු කර තිබුණා.


එම සිදුවීමෙන් අනතුරුවත් දමිතා ගුවන් විදුලු වැඩසටහනකට සහභාගී වීමට සිය පෞද්ගලික හිවත්වත්කම් භාවිතා කිරීම් තුලින් අද දිනය වන විට එෆ්. එම් නාලිකාවක රැකියාවේ නියුතු නිවේදකයෙක් හට රැකියාව අහිමිවී තිබෙනවා.

සිද්ධිය වාර්තා වන පරිදී මෙසේය. 


දමිතා විසින් එක්තරා ගුවන් විදුලි වැඩසටහනකට තමාව සම්බන්ධ කරගන්න මෙන් එම වැඩසටහන මෙහෙයවන නිවේදකයාගෙන් ඉල්ලා තිබෙනවා.

එවිට නිවේදකයා පවසා ඇත්තේ දැනට පටිගත කල වැඩසහටන් කිහිපයක් ලයින් අප් කර ඇති බැවින් ඉදිරියේදී දමිතා එයට සහභාගි කරගන්නා බවයි.

නමුත් දමිතාට එය ඉක්මනින්ම කරගැනීමට අවශ්‍යව ඇත. නිවේදකයා එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව දමිතා එම ගුවන් විදුලියේ ඉහල අධ්‍යක්ෂවරයෙකුට තම දුක්ගැනවිල්ල ඉදිරිපත්කොට
තිබෙනවා.

දමිතාගේ දුක්ගැනවිල්ල ඇසු අධ්‍යක්ෂකවරයා නිවේදකයා හට දමිතා එම වැඩසටහනට සහභාගී කරගන්න ලෙස බළකොට
තිබෙනවා. නමුත් එම නිවේදකයා කරුණු පැහැදිලි කිරිමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව නිවේදකයාට සිය රැකියාව අහිමි වී තිබෙනවා.

 
Related Posts with Thumbnails