Ads 468x60px

.

වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල...

අපිත් මේවා කෑවා තොපිත් දැන් මේවා කාපිය...

පුරුෂ ලිංගය තට අරගෙන ස්වයං වින්දනය කරපිය...

ලිංගය ප්‍රාණවත් කරගැනීමට නොහැකි වූ සිසුන්ට දිගින් දිගටම අපහාස... 

ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල පිළිබඳව සමහරු අර්ථ කථනය කරන්නේ මුදා නොගත් භුමි ලෙසටය. ලංකාවේ විශ්ව විද්‍යාල අරාජිකය. ලංකික විශ්ව විද්‍යාල වල සෑම වසරකම නවක වදය ලෙසින් බරපතල ලෙස මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කෙරේ. 

මේවා ගැන මානව හිතවාදීයැයි කියා ගන්නා කලාකාරයන් ඉදිරිගාමීයැයි කියා ගන්නා දේශපාලකයන් අවංක කාර්ය ශුර සහ උගත් යැයි කියා ගන්නා විශ්වවිද්‍යාල බලධාරීන් කථා කරන්නේ නැත. 

අප පිලි නොගන්නා කටුක සත්‍ය නම් මානව හිමිකම් වලට ගරු කරන, හිංසනය ප්‍රතික්ෂේප කරන උසස් සදාචාරයක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාල වලට සාපේක්ෂව ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල තවමත් පවතින්නේ තිරිසන් මට්ටමකිනි. සමහර විදේශ රටවල සරසවි සිසුන්ට සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට ලංකාවේ විශ්වවිද්‍යාල වල සිදුවන හිංසනයන් අදහා ගත නොහැක. 

පසුගිය කාලයන් පුරා අපගේ විශ්වවිද්‍යාල වල සිදු වූ බරපතල මානුෂික අයිතිවාසිකම් කඩවීම් උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලයක සිදුවූවා නම් එම විශ්ව විද්‍යාල කුලපතිවරුන් සිටින්නේ සිර ගෙවල්වලය. 

ඒ හිංසනයට නිහඬ ලෙස අනුබල දීම නිසාවෙනි. හිංසනයට නිහඬ ලෙස අනුබල දෙන්නාද අපරාදකරුවෙක් බව මෙවැනි රට වල විශ්ව විද්‍යාල බලධාරින් අවබෝධ කරගෙන සිටියද අපගේ විශ්වවිද්‍යාල බලධාරින් තුල තවමත් එවැනි උසස් චින්තනයක් පහල වී නොමැත. 

ඊට හේතුව අපගේ විශ්වවිද්‍යාල බලධාරීන්ද ශිෂ්‍ය සමයේදී නවක වදයේ වින්දිතයන් හෝ වදකයන් වී සිටීමය. එම නිසා මෙම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වරදක් සේ දැකීමට ඔවුනට තවමත් හැකියාවක් නොමැත.

ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් පිරි පවතී. එවැනි හිංසනයක් නැති බව පවසන්නේ හිංසනය සිසු දේශපාලන අවියක් කරගත් අන්තවාදී සිසු සංවිධාන සහ හිංසනය යට ගසමින් වදකයන්ට උඩ ගෙඩි දෙන විශ්වවිද්‍යාල බලධාරින්ය. මේ හිංසනය ඇති වුයේ අද ඊයේ නොවේ. 1960 ගණන් වලදීද මෙම තත්වය ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල වල තිබුණි. 

පේරාදෙණියේ ජයතිලක ශාලාවේ වැසිකිළිවල බඩගෑමට 1963 කණ්ඩායමට ද සිදු වූ බව පැරණි සිසුහු පවසති වර්තමාන විශ්ව විද්‍යාල බලධාරීන්ගෙන් 99% නවක වදය අනුන්ට සිදු කල වධකයන් හෝ නවක වදයට ලක් වූ වින්දිතයන් වෙති. නවක වදය නැති කිරීම සදාචාරාත්මක වශයෙන් ඔවුන්ට අභියෝගයකි.

එම නිසා ඔවුන් ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින අමානුෂික නවක වදය ගැන දරන්නේ උදාසීන පිළිවෙතකි. මේ නිසා ඔවුන් මේ හිංසන නැවැත්වීමට විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය නොකරති. ඔවුන් මෙම ප්‍රශ්නය දකින්නේ විශ්ව විද්‍යාල සමාජයේ සිදුවන සාමාන්‍ය සිද්දීන් ලෙසටය. 

අපිත් මේවා කෑවා තොපිත් දැන් මේවා කාපිය යන්න මෙම බලධාරීන් බහුතරයකගේ චින්තනය වී තිබේ. එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් නවක වදය තුරන් කිරීමට නම් මුලින්ම කල යුත්තේ නවක වදය පිලිබඳ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරීමයි.

මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව අප විසින් ලියන ලද විමර්ශනාත්මක ලිපියට මල්, ගල් , තර්ජන සහ අපහාස නොඅඩුව ආවේය. විමර්ශන වාර්තාකරණයේ යෙදෙන අපට මෙවැනි ප්‍රතිචාර පුරුදුය. මෙම ලිපිය බොහෝ වෙබ් අඩවි වල පළ විය.

මෙම ලිපිය සම්බන්ද කරුණු පිළිබඳව පරීක්ෂණ කිරීම වෙනුවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බලධාරීන් කලේ එම වෙබ් අඩවි වලින් මෙම ලිපිය ඉවත් කරන ලෙස අයදිම, බලපෑම් කිරීම සහ තර්ජනය කිරීමය. පණිවිඩයේ අඩංගු කරුණ පිළිබඳව සොයා බැලීම වෙනුවට පණිවිඩකරුවාට වෙඩි තබන ලංකික සමාජයේ මේවා සුපුරුදු සිදුවීම්ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හෝ ලංකාවේ වෙනත් විශ්ව විද්‍යාලයකට අපහාස කිරීම හෝ බොරු චෝදනා නැගීම අපගේ අභිලාශය නොවේ. අපට අවශ්‍ය ලංකාවේ විශ්ව විද්යාල පද්දතිය තුල දිගු කාලයක් පුරා පවතින නවක වදය , ලිංගික අපයෝජන වලට තිත තැබීමටය. 

ලංකාවේ විශ්ව විද්යාල වල අධ්‍යාපනික ගුණාත්මක භාවය ගරා වැටී ඇත. වර්තමානයේ දී ලංකාවේ විශ්වවිද්යාල අධ්‍යාපනික වශයෙන් සහ ගුණාත්මක භාවයෙන් අප්‍රිකානු විශ්ව විද්‍යාල වලටද වඩා පසුපසින් සිටිති. ලංකාවේ කිසිම විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1500 අතර නැත. 

මේ නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වලින් දෙන උපාධිවල අන්තර්ජාතික වටිනාකම දැන් තඹයකට නොවටී. ඉදිරියේදී මෙම තත්වය තවත් දරුණු විය හැක. අවසානයේදී පිළිගත් උසස් අධ්‍යාපන ආයතන නොමැති නුගත් රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වීමට ඉඩ තිබේ.

එම නිසා ලංකාවේ විශ්ව විද්‍යාල වල පසුගාමී තත්වය සිසුන් සහ බලධාරීන් අවබෝධ කරගෙන ලංකාවේ විශ්ව විද්යාල වල ගුණාත්මක භාවය ඔසවාලීමට ක්‍රියා කල යුතුය. ලංකාවේ විශ්ව විද්‍යාලවල ගුණාත්මක භාවය ඉහල දැමීමට මුලින්ම විශ්ව විද්‍යාල තුල මානව අයිතිවාසිකම් ස්ථාපිත කල යුතුය. 

නමුත් මානව අයිතිවාසිකම් යනු අධිරාජ්යවාදී කුමන්ත්‍රණ , එන්.ජී.ඕ ඩොලර් කථා , ලෝක බැංකු , බටහිර කුමන්ත්‍රණ ලෙස විශ්වාස කරන පසුගාමී ශ්‍රී ලාංකික සමාජය විශ්ව විද්‍යාල පද්දතිය තුල මානව අයිතිවාසිකම් ඇති කිරීම ගැන සැලකිලිමත් නොවීම ස්වභාවිකය.

මානව සාරාර්ථ වලට සලකන උසස් චින්තනයක්, සංස්කෘතියක්, සහ උසස් සදාචාර පද්දතියක් ඇති රටවල විශ්ව විද්‍යාල යනු ශුද්ධ වස්තුවකි. එය පාර්ලිමේන්තුවට වඩා උත්තරීතරය. එවැනි ඉදිරිගාමී සමාජයක විශ්ව විද්‍යාල යනු නිදහස් චින්තනයේ , සමාජ දියුණුවේ මාර්ගෝපදේශකයාය. එවැනි විශ්ව විද්‍යාල වලින් රටට වැඩදායක , ඉදිරි ගමනට සහය දෙන පුරවැසියන් බිහි කරති. 

නමුත් අපගේ විශ්වවිද්යාල වැඩිපුර බිහි කරන්නේ සිසු මැරයන්, අසහනය සහ හීනමානයෙන් සපිරි පර පිඩක වධකයන් , නිර්මාණශීලි චින්තනයක් නැති ගොලුබෙලි කටුවල ඔලුව සඟවාගන්නා නාමික උගතුන් සහ තමන්ගේ මඩිය පුරවා ගැනීමට මාන බලන ආත්මර්ථකාමින්ය. 

එම නිසා අපගේ විශ්වවිද්‍යාල වලට නිසි නායකත්වයක් දිය හැකි උගතෙකු ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල පද්දතිය තුලින් සොයා ගැනීම කළුනික සොයන්නාක් වැනි වැඩකි.

එස් .බී ගේ නායකත්ව පුහුණුව අසාර්ථකයි

නවක වදය නැවැත්වීම සඳහා සරසවියට ඇතුළුවන ශිෂ්‍යයා ශික්ෂිත ශිෂ්‍යයෙක් බවට පත්කොට, නායකත්ව හැකියාවන් සහ ශාරීරික යෝග්‍යතාවයෙන් ද යුක්ත පුද්ගලයෙක් වශයෙන් සරසවියට ඇතුළු කිරීම සඳහා කියමින් තෝරා ගත් යුද හමුදා කඳවුරු 28 ක් තුළදී සරසවි සිසුන්ට ලබාදුන් නායකත්ව පුහුණු වැඩසටහන අසාර්ථක බව බොහෝ සරසවි සිසුන් ප්‍රකාශ කරති. 

නවක වදය නැවැත්වීම සඳහා බොහෝ සරසවි ආචාර්යවරුන්ට , බලධාරීන්ට අවශ්‍ය නොවීම, ඒ සඳහා මැදිහත් වීමට ඇති බිය , පැමිණිලි යට ගැසීම වැනි ක්‍රියා නිසා නායකත්ව පුහුණුවෙන් පසුද සරසවි වලදී තමන් විවිධ කායික , ලිංගික , මානසික අතවර වලට මුහුණ දුන් බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරති. මේ අනුව බලන විට උසස් අධ්‍යාපන අමාත්ය එස් බි දිසානායකගේ නායකත්ව පුහුණුව අසාර්ථකය. 

ලංකාවේ විශ්ව විද්‍යාල වලින් නවක වදය තුරන් කිරීමට නම් මුලින්ම කල යුත්තේ නවක වදය පිලිබඳ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආකල්ප වෙනස් කිරීම බව අප පැවසුවෙමු. මේ දේ නොකොට වෙනත් පිළියම් දීම මගින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලින් මේ අමානුෂික මානව අයිතීන් පාගන නවක වදය තුරන් කල නොහැක. මේ සඳහා ලබන වසරේවත් එලදායි ක්‍රියා මාර්ගයක් ගැනීම කාලෝචිතය.

පේරාදෙණිය විශ්ව විද්යාලයේ සිදුවන නවක වදය.

අප විසින් ලියන ලද පේරාදෙණිය විශ්ව විද්යාලයේ සිදුවන ලිංගික හිරිහැර පිලිබඳ ලිපිය පළ වීමෙන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සහ අනෙකුත් විශ්ව විද්‍යාල වල සිදුවන නවක වද , හිරිහැර සහ ලිංගික අපයෝජන ගැන සහ බොහෝ දුක්මුසු කතා සහ අත්දැකීම් අතවරයන්ට ලක් වූ සිසු සිසුවියන් අප වෙත එවා තිබුණි. එක සිසුවෙක් මෙසේ පවසා තිබුණි.

" කියන්න ලැජ්ජයි මමත් පේරාදෙණියෙ. මේ කතාව සත්‍යයි කියල මම විශ්වාස කරනව. මගේ අවසාන වසර තමයි මේ යන්නෙ. art එකේ චාටර් වැඩ තියෙනව කියල අහල තිබුනට ඊයේ පෙරේද උන සිද්ධිය වෙන කන් අපි කවුරුවත් දැනගෙන හිටියෙ නෑ ඔය වගේ චාටර් වැඩ වෙනව කියල.

art එකේ ඇරෙන්න අනිත් faculties වල ඔය වගේ වැඩ වෙන්න නැති බව වගකීමෙන් කියන්න පුලුවන්. art එකේ ඔය ක්‍රියා වලට අනිත් faculties වලින් පැහැදිලි විරෝධයක් දැනටමත් එල්ල වී තියෙනව. ඔබ හරි ඔය කියන දේවල් හරිම රහසිගත විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නෙ. මොකද අපි ඕව ගැන හරියට දැන ගන්න අවුරුදු 4ක් ම ගියා.

ඇත්ත art එකේ girls ලා මේවා ගැන ප්රකාශ කරන්න හරිම බයයි. ඔවුන් ව බය කරගෙන ඉන්නෙ. campus එකක් වුනහම නවකයින් අඳුර ගන්න මොකක් හරි වැඩ පිලිවෙලක් තියෙන්න ඕන. මම කියන්නෙ නෑ එක rag එකක් විය යුතුයි කියල. නමුත් අද වෙන මේ දේවල් දැක්කහම සසර කල කිරෙනව."

තවත් සිසුවියක් මෙසේ පැවසුවාය

"පේරාදෙණියේ සමලිංගික හිරිහැර , දරුණු නවක වදය තියනවා නමුත් පරිපාලනය පැමිණිලි යට ගහන නිසාත් , ළමයි පැමිණිලි කරන එක පරිපාලකයෝ අදහිරියමත් කරන නිසාත් , නවක වද කරන ජේෂ්ඨයෝ තර්ජනය කරන නිසාත් අතවරයට ලක් වන ගැහැණු සහ , පිරිමි ළමයි පැමිණිලි කරන්නේ නැහැ. මේ රටේ ස්ත්‍රී දුෂණයට ලක් වන කාන්තාවන් කීයෙන් කීදෙනාද පොලිසියකට යන්නේ?

පේරාදෙණියේ ලිංගික හිරිහැර වල තත්වයත් ඕකයි. නවක වදයට ලක් උන ළමයෙක්ට විශ්ව විද්යාල පරිපාලනයෙන්වත් සහනයක් නැහැ. ඒ අයත් කියන්නේ මේවා තව ටික කාලයයි නේ තියෙන්නේ ඕවා ඉවසලා ඉන්න කියලා. මේ නිසා අතවරයට ලක් වූ ළමයා කොන් වෙනවා , ඒ නිසා මේවා පැමිණිලි කරන්න කවුරුවත් ඉදිරියට එන්නේ නැහැ. 

පැමිණිලි කල කෙනාට ඉන් පස්සේ විශ්ව විද්යාලේ ඉන්න බැහැ. සීනියර්ස්ලා එයාට රවනවා, ගොරවනවා, සීනියස්ලාගේ උදහසට ලක් වෙයි කියලා එයාගෙම බැච් එකේ නවකයන් එයා එක්ක කතා කරන්නේ නැහැ , අලයෙක් කියයි , නොයෙකුත් අපහාස කරයි. පරිපාලකයෝ වැනෙනවා, ළමයට ආරක්ෂාවක් දෙන්නේ නැහැ. 

ලංකාවේ හැම විශ්ව විද්‍යාලයකම තත්වය ඕකයි. ඒ නිසා සෑම වසරකම ළමයි මේ නවක වදය කියන දරුණු හිරිහැරය නිහඬව විඳ දරා ගන්නවා. මේ නිසා හිරිහැරයට ලක් වන 99.9% කාටවත් පැමිණිලි කරන්නේ නැහැ. ඉතින් බලධාරීන් කියනවා නවක වදයක් තියනවනම් පැමිණිලි කෝ කියලා."

බොහෝ සිසුන් අපට පැවසූ පරිදි පේරාදෙණිය විශ්වවිද්යාලයේ නවක වදය ලබා දෙන්නේ නවක අනුරූපිතාව නමින් වැඩසටහනක් පවත්වමිනි. මුලින්ම සිදු කරන්නේ කුණුහරුප කියා පරුෂ වචනයෙන් බැණ වැදී සිසුන් භීතියට පත් කිරීමයි. ඉන්පසු කායික සහ මානසික පිඩා ඇති කරවති. මෙම නවක වද ක්‍රම වලට විවිධ නාම තිබේ. 

තෙල් හින්දනවා,බෝංචි කඩනවා,හීටරේ ගහනවා,අංජනම් බලනවා යනාදී වශයෙන් මේවා නම් කර ඇත. ජේෂ්ඨයන් කියන කරන දේට විරුද්ධ වෙන්නන් වෙනුවෙන් නිමවුනු දඬුවම් පවා තිබේ. මනෝ පුටුව, අඟල ගැසීම, බලහත්කාරයෙන් නිරුවත් කරවීම වැනි විවිධාකාර දඬුවම් යොදා ගනිති. 

උදාහරණයක් ලෙස සෙක්කු පදිනවා යනුවෙන් නම් කොට ඇති නවක වද ක්‍රමයේදී වැලි උඩ නිරුවතින් සිසුවෙකු වාඩි කොට තවත් සිසුවෙකුට වාඩි වී සිටින සිසුවාගේ කකුල් දෙක අල්ලාගෙන කරකැවීමට බල කරයි. මෙම වදයට ලක් වන සිසුවාගේ පශ්චාත් ප්‍රදේශය හම යන අතර සතියක් පමණ යන තෙක් ඔහුට වැසිකිලි යාමද අසීරු වේ. සෙක්කු පැදීම ජේෂ්ඨයන්ගේ එන නොපිළිපදින සිසුන්ට කරන දඬුවමකි.

පේරාදෙණිය විශ්වවිද්යාලයේ නවක වදය ගැන පැමිණිලි යට ගසයි

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ යටිගල ලොකුගම්මාච්චාරිගේ රජිත් ලක්ෂිත ශිෂ්යයා ශාස්ත්‍ර පීඨයේ ජේෂ්ඨයන් කිහිපදෙනෙකු විසින් මාක්ස් ප්‍රනාන්දු ශාලාවට ගෙනගොස් නිරුවත්කොට ඇත.ඉන් අනතුරුව රාජිතට අණ ලැබී ඇත්තේ බිම බඩ ගෑමටයි.නිරුවත්ව බඩගාමෙන් පසුව ඔහුගේ දෑත් බාල්කයක ගැටගසා පහර ගැසීමකට ලක්ව ඇත. මේ අතවර නිසා රජිත කායික මෙන්ම මානසික රෝගියෙක් බවට පත්විය.

පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවක සිසුවකුට නවක වදය සහ ලිංගික අතවරයක් සිදු කල එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ජේෂ්ඨ සිසුන් තිදෙනෙකු වන චරිත් ලක්මාල්, රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන අය මහනුවර ප්‍රධාන මහේත්‍රාත් රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් රක්ෂික බන්ධනාගාර ගත කරන ලදි.

එසේම මෑතකදී ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසුවියන් තිදෙනෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු විශ්ව විද්‍යාල වැසිකිළියක් තුලට ගාල් කොට ඔවුන්ව අඩනිරුවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය ලබා දී ඇත.

නමුත් විශ්ව විද්‍යාල බලධාරීන් මේ බරපතල වරද කල සිසුවියන් තිදෙනාට දී ඇත්තේ නාමික සුළු දඬුවමකි. ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව නිරුවත් කිරීමක් යනු බරපතල කාම අපරාධයකි. 

මෙවැනි බරපතල වරදක් කල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසුවියන් තිදෙනාට විශ්ව විද්‍යාල බලධාරීන් ලබා දී ඇත්තේ සති පහක පන්ති තහනමකි. මේ සිසුවියන් තිදෙනා මිට පෙර නවක සිසුවියක් බලහත්කාරයෙන් මුඛ සංසර්ගයේ ද යොදවාගෙන ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවියන් පවසති. 

විශ්ව විද්‍යාල බලධාරීන් වින්දිතයන් කෙරෙහි එතරම් සැලකිලිමත් නොවීමත්, පැමිණිලි යට ගැසීමට ක්‍රියා කිරිම නිසාත් , පැමිණිලි කරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට අපොහොසත් වීම නිසාත් මෙම අතවරයට ලක් වූ සිසුවිය තමන්ට සිදු වූ අතවරය ගැන පැමිණිලි කොට නොමැත.

පේරාදෙණිය විශ්ව විද්යාලයේ විවිද ආකාරයේ ලිංගික හිංසන (නවක වද මුවාවෙන්) සිදුවන බව ප යලි සඳහන් කරමු. ඒවා නම් පෑන් ගැසීම හෝ ඉටිපන්දම් ගැසීම යනු නවක සිසුවියකගේ යෝනි මාර්ගයට බොල්පොයින්ට් පෑනක් හෝ ඉටිපන්දමක් ඇතුළු කිරීම හෝ එසේ කිරීමට තර්ජනය කිරීමයි. 

අලුත් පැල වලට වතුර දැමීම යනු නිරුවත් හෝ අඩ නිරුවත් කොට බිම දිගා කර සිටින නවක සිසුවියකගේ ශරීරයට (විශේෂයෙන් මුහුණට) ජේෂ්ඨ සිසුවියක් විසින් මුත්‍රා කිරීමයි. කැටයට සල්ලි දැමීම යනු ජේෂ්ඨ සිසුවියක් විසින් නවක සිසුවියකගේ භගමනිය අවට ප්රදේශය දබර ඇඟිල්ලෙන් සම්භාහනය කිරීමයි. 

කාම සුත්‍ර ඇක්ෂන් කිරීම යනු අඩ නිරුවත් කල නවක සිසුවියන් දෙදෙනෙකුට විවිධ ලිංගික ඉරියව් වලින් රැඟුම් පෑමට බල කිරීමයි. මේ හැර රහස් ප්‍රදේශයේ මාමයිට් ගෑම , ටුත් පේස්ට් ගෑම ද ජේෂ්ඨ උත්තමාවියන් සිදු කරති.

මාධ්‍යවේදිනී සමන්මලී ප්‍රියශාන්ති වාර්තා කල අන්දමට අමානුෂික නවක වදය නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුහු රැසක් මාරුවීම් ඉල්ලා තිබේ. එසේම සමහර සිසුන් සරසවි අධ්‍යාපනය අතහැර ගොසිනි. මෙම තත්වය වෙනස් කිරීමට විශ්ව විද්යාල බලධාරීන් අපොහොසත් වී ඇත.

පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවක සිසුන් පනස් දෙනෙකු පමණ නිරුවත් කොට අක්බාර් ශාලාවේ කාමරයක ගාල් කොට පැය එක හමාරක් පමණ සිර කොට තැබීම පිළිබඳව එම අතවරයට ලක් වූ විශ්ව විද්යාලයේ නවක සිසුන් වන සංජිව බණ්ඩාර සහ සමන් එකධීර යන සිසුන් මාධ්යට ප්රකාශ කරති ( http://www.youtube.com/watch?v=sc4wXW-jfYs ) නමුත් පේරාදෙණිය විශ්ව විද්යාලයේ බලධාරීන් මෙවැනි අතවර වලට එරෙහිව කිසිදු ක්රියා මාර්ගයක් ගෙන නොමැත.

පේරාදෙණිය ඉන්ජිනේරු පීඨ්යේ නවක වධයට විරුද්ධ සිසුවෙක් මෙසේ කියයි.

පේරාදෙණිය ඉන්ජිනේරු පීඨ්යේ නවක වධයට විරුද්ධ සිසුවෙක් විදියට මට කියන්න තියෙන්නෙ මෙහෙම දෙයක්. පහුගිය අවුරුදු 12 තිස්සෙ නිදහසේ හිතපු සිසුන් සෑහෙන පිරිසක් විසින් අපේ පීඨයේ නවක වධය තුරන් කරන්න විශාල කෑපවීම් කරල තියෙනව. මම ඒ දේවල් දකින්නෙ හරියට අපේ හමුදාව ත්‍රස්තවාදීන්ට එරෙහිව කරපු සටන වගේ. 

ත්‍රස්තවාදීන් අපේ රටට කරපු විනාසෙ වගේ තමයි මේ 'රෑග්' එක අපේ සරසවි වලට කරල තියෙන්නෙ. රටේ දියුණුවට දායක වෙන්න ඉන්න කොයිතරම් නම් පිරිසක් රටට බරක් වුණු නිකමුන් බවට පත් කරල තියෙනවද? නවක වධය මෙහෙයවන අය අපි ගෑන කියන්නෙ 'අලයො හීන ලෝක වල ජීවත් වෙන පිරිසක්' කියලනෙ. 

ඒ කතා වල ඈත්ත නෑත්ත අපි ඔප්පු කරල පෙන්නල තියෙනව. මහ පොළොවත් එක්ක ජීවත් වෙලා ඒක අස්වද්දල, ඒ අස්වෑන්නෙන් රටට වෑඩක් කරන්නෙ කොහොමද කියල බොරු පුරසාරම් දොඩන්නෙ නෑතුව අපි පෙන්නල තියෙනව. 

මේ වගේ උතුම් වෑඩකට දායක වෙන පිටකොන්දක් ඈති වර්තමාන පරපුරේ කොටසක් වීම ඈත්තටම ආඩම්බරයක් අපිට. එහෙම නෑතුව පුහු මාන්නයක් කරපින්නාගත්තු, අන්තවාදී දේශපාලනයකට කඩේ යන පඹයන් අතරින් එකෙකු වෙනවාද කියන එක සරසවියට පිවිසෙන සියලෝම සිහි නුවණින් කල්පනා කළ යුතුයි.

නවක වදය යනු සැලසුම් සහගතව කරන ක්‍රියාවක් බව අක්ෂරය වෙබ් අඩවිය කියයි

බොහෝ විශ්ව විද්යාල නවක ශිෂ්ය /ශිෂ්යාවන් විශ්ව විද්යාල වලට පියනගනුයේ සුවහසක් බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම උදෙසා වුවද,බොහෝ විශ්ව විද්යාල වලට පිය නගන සිසුන් හට සිදුවනුයේ ජ්යේෂඨ උත්තමයන් ලෙස පෙනී සිටින වධකයන් රැළකට මුහුණ දීමටය.මෙම ලිපිය ලියන මාද මොවුන්ගේ හිංසනයන්ට ගොදුරුව සිට ඇති බැවින් මෙම කරුණ පිළිබඳ වඩ වඩාත් හොදින් කරුණු ලිවීමට හැකියාවක් වනු ඇත.

බොහෝ සරසවි වල නවකයින් පැමිණ දෙවන දිනයේ සිට මෙම නවක වධ ක්‍රියාවලියට මුහුණ දීමට සිදුවේ.මේ සදහා ජේෂ්ඨ සිසුන් සැලසුම් සකස් කරනුයේ නවකයන් පැමිණීමට මාස කීපයකට පෙරය.

මේ සඳහා ක්‍රියාකාරී කමිටුව නැමැති විවුහයක් ශිෂ්ය සංගමය විසින් සකස් කරනු ලබයි.මෙම කමිටුවේ නිල කාර්යභාරය වනුයේ නවක සිසුන් විශ්ව විද්යාලයට හුරු කර ගැනීම සඳහා පරිපාලනයට සහාය වීමයි.එය එසේ වුවද අභ්‍යන්තරයේදී එය එසේ නොවේ. 

එමෙන්ම මෙම කමිටු සාමාජිකයන් ඊළග වසරේ ශිෂ්ය සංගම් වල නිල තල සඳහා පුහුණු කිරීමක් ද සිදුවේ.(එය ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත් ව සිදුවේ),මෙලෙස සිදු වන ක්‍රියාදාමයේදී නවකයන් සදහා පහසුකම් සැලසීමද අඩු/වැඩි වශයෙන් සිදුවේ. 

මේ සදහා පවත්වන රැස්වීම් ආදිය රෑ බෝ වන තුරු පැවතීම මෙම කාලයේදී සුලභ දසුනකි.ඒවායේ ද බොහෝ විට කථා කරනුයේ විකාරය,ඉන්පසු ඔවුන් නිවස්න කරා පැමිණේ ,පසුදාට ද එසේමය.දෙවන දවසේදී නවක ශිෂ්යයන් වෙත ජේෂ්ඨ සිසුන් විසින් සුලු සුලු අඩම්තේට්ටම් කරනු ලැබේ. ඒවායේ අරමුණ වනුයේ නවක සිසුන් බිය වද්දා ගැනීමය.

ඉන් පසු මෙම හිරිහැර පිළිවෙළින් දරුණු කරණු ලැබේ.තමන් මුලු ජීවිතයටම අසා නොතිබුණු කුණුහරුප මෙහිදී අසන්නට ලැබේ.ඉන් පසු කායික හිංසනයද පටන් ගනී.මුලින්ම එය කළිසම /සාය පිටින් බිම දණ ගෑම ඇරඹේ.තව ටික දිනකින් වැළි දමන ලද සිමෙන්ති බිමේ ද , ඉන්පසු තාර පාරවල් වලද ඉන් පසු වැලි සහිත බිම් කොටස් වලද දණ ගෑමට සිදුවේ. 

මෙම ක්‍රියා වලදී සිසුන් තුවාල වීම ජේෂ්ඨයන්ට ගණනක් නැත.ඔවුන් කෙමෙන් කෙමෙන් නවක සිසුන් මානසිකව මෙන්ම කායික වද හිංසනයට බදුන් කරති.තවද නේවාසිකාගාර වල සිසුන් අදින සරම් ආදිය තිබෙනුයේ හිසේ ජඨාවක් ලෙසය. නිරුවත් සිසුන් ලිංගික හිංසනයන් වලට පත් කිරීම මෙහිදී සිදු කරයි.

ඔවුන් මේවා නවක සිසුන්ට ලබා දීම සදහා හේතු රාශියක් පෙන්වයි ඉන් කිහිපයක් නම් , අසැබි වදන් වලින් බැන වදිනුයේ ඔවුන් ඉදිරියේදී සමාජයේදී ,කැට වලට යාමේදී මිනිසුන් ගෙන් අසන කුණු බැණුම් වලට ඔරොත්තු දීමටය, නිරුවත්ව සිටිනුයේ ඔවුන් ට එය හුරු කිරීමටය. මෙම කාලයේදී නවක සිසුන්ට කිසිදු අයුරකින් තම ඇදුම් සේදීම තහනම්ය. එමෙන්ම ඉනෙන් පහළ කොටස හැරෙන්නට ශරීරයේ ඉතිරි කොටස සේදීම තහනම්ය.

මෙයට හේතුව වනුයේ ඉදිරියේදී සිදුවන උද්ඝෝෂණ වලදී ඇඟ පත සේදීමට නොහැකි වන බැවින් ඒවාට නවකයා හුරු කිරීමය. මේ කාලයේදී නවකයන්ගේ මොළ ශෝධනය brain wash ඇරඹේ. ජේෂ්ඨයන් පවසන දෑ පරම සත්‍ය ලෙස සිතන බොහෝ අය සමාජය සමග යහමින් මුහු වී නැති අය බව පෙනී යයි. 

තවද මේ අතර මෙම කුළකයට අයත් නොවන ජේෂ්ඨයන් පවසන දෑ පරම සත්ය යැයි ලෙස සිතන නාගරික අයද අතලොස්සක් සිටිති!(ඔවුන් මානසික රෝගීන් යැයි සිතේ).මොවුන් දෙපිරිසම අනාගත (අ)ශිෂ්ය සංගම් වල නිල තල පසු කාලයේ උසුලනු ඇත. එපමණක් නොව නවක ශිෂ්ය නව්‍යකරණය ක්‍රියාත්මක කරනුයේ ද අන්තරයේ ප්‍රධාන අනුමැතිය හා අනුදැනුම යටතේ වීම නොරහසකි.

මෙමගින් බොහෝවිට සිදු කරන මොළ ශෝධනය (Brain Wash) කාවදිනුයේද/ හසුවනුයේද ජවිපෙ ඉලක්ක කළ තරුණ කොටසට බැව් පසක් වී යයි.මෙයින් සිදුවනුයේ අංහිසක දෙමාපියන්ගේ බලාපොරොත්තු සුණු විසුණු වී යාමයි මන්ද මෙම කථාවලට හසුවන බොහෝ අය සිතනුයේ ජේෂ්ඨ උත්තමයන් කියන්නේ පරම සත්ය යැයි සිතීමය.

ඉන් පසු ඔවුන් ක්‍රියා කරනුයේ ලාංකීය පුරවැසියන් තම ධනය යොදා රටේ අනාගතය වෙනුවෙන් කළ මහගු ආයෝජනය අපතේ යාමයි. මෙයට හොදම උදාහරණය මේ සදහා සහභාගි වන බොහෝ ශිෂ්යයන්ගේ අවසන් විභාග ප්‍රතිඑල අතිශයින් ඛේද ජනක තත්වයක පැවතීමයි.ඔවුන් බොහෝ විෂයන් සදහා නැවත නැවත පෙනී සිටියි!

මෙම විකාර ක්‍රියාදාමය හරිහැටි තේරුම්ගත් සිසුන් පිරිසක්ද සිටි.හොදම උදාහරණය නම් මේ වනවිට බොහෝ සරසවි වල ව්ද්‍යා පීඨ අන්තරයෙන් ඉවත් වීමයි.වයඔ සරසවියේ බහුතරයක් පීඨ මේ වන විට අන්තරයේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත.

මෙම ඉවත් වීම අයෙකුට හොද දෙයක් යැයි කිව හැක නමුත් ශිෂ්ය ව්යාපාරයක් නැසීමද සිදු නොකළ යුත්තකි.අප පවසනුයේ වත්මන් ලාංකිය ශිෂ්ය ව්‍යාපාරය කිසිවෙකුට කඩේ නොයන ලෙස ස්වාධීන එකමුතුවක් ලෙස පැවත්වීමයි.(ගැලවිය යුත්තේ ලෝක බැංකුවේ PLUG එක නොව අන්තරයේ හා ජවිපෙ PLUG එකය). 

බොහෝ විට අන්තරයට මුදල් සැපයෙනුයේ එයට සම්බන්ධ මහා ශිෂ්ය සංගම් වල අනුග්‍රහකත්වයෙනි. සම්ප්රදායක් ලෙස නවක වධයෙන් පසු නවකයන් හිගා කන පලමු කැටය අන්තරයට ලබා දේ.(පළමු කැටය එම සිසු කණ්ඩායමේ විශාලතම ආදායම උපයන අවස්ථාව වේ.

මෙය බොහෝ විට රු100000 ට වඩා වැඩිය. එය එම පිරිස මත රදා පවතී) පුදුමය නම් මෙම මුදල් වල අයවැය නම් කිසිදාක එළියට නොපැමිණීමයි.මෙමගින් උපයන ආදායම් වල නම් කිසිදු විනිවිද භාවයක් නම් නැත්තේමය.(උපුටා ගැනීම http://aksharayaa.blogspot.com/2009/11/iii.html වෙබ් අඩවිය)

නවක නවක වදයට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වක්‍රාකාරයෙන් සහය දෙති

නවක නවක වදයට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ද වක්‍රාකාරයෙන් සහය දෙන බව රහසක් නොවේ. හේතුව නම් ඔවුන්ද මේ තිරිසන් ක්‍රමයේ නිෂ්පාදනයන් වීමය. අපිත් මේවල රැග් උනා උඹලත් රැග් වෙයල්ලා යනුවෙන් සිතන පිරිසක් ද සිටිති. 

එසේම ඇතැම් දේශපාලන පක්ෂ වලට කඩේ යන ආචාර්යවරුන් නවක වදය අනුමත කරති. සමහරු අනවශ්‍ය ගැටළු වලට මැදි වීමට ඇති බිය නිසා නවක වද නොදැක්කා සේ සිටිති. පසුගිය කාලයේ පේරාදෙණියේ කලා පීඨයේ මහාචාර්යවරයෙක් නායකත්ව පුහුණුව ගැන අදහස් දක්වමිනි. 

"දවස් 21 කට නායකත්ව පුහුණුව දුන්නට විශ්වවිද්යාලයට ආවහම ජේෂ්ඨ ශිෂ්යයන් ඔවුන් අඹරවා ගනියි" කියා පවසා තිබුණි. එසේම පේරාදෙණිය විශ්ව විද්යාලයේ පළමු වසර සිසුන්ට නවක වදය ලබාදෙන අවස්ථාවේදී ඒ බව දුටු ආචාරයවරයෙකු එය වැළැක්වීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවද වාර්තා වේ. 

පිටරට විශ්ව විද්‍යාල වල සේවය කොට තිබෙන සුළුතරයක් නවක වදයේ ඇති අමානුෂික , මිනිස් අයිතිවාසිකම් සිඳ හෙලන ස්වභාවය දකිති. ඔවුන් නවක වදයට දේශපාලන මති මතාන්තර වලින් තොරව එක හෙලාම විරුද්ධ වෙති.

නවකයන්ට කුණුහරප කීම

ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම නවකයන්ට ජේෂ්ඨයන් විසින් කුනුහරපයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම කරන බව වගකීමෙන් සහ අවදාරණයෙන් යුතුව අප ප්‍රකාශ කරමු. මෙය අසත්‍යක් නම් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රකාශය අභියෝගයට ලක් කල හැකිය. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ සහ ජේෂ්ඨයන් ගෙන් කුණුහරප නොඇසූ මහත්මයෙකු හෝ මහත්මියක සිටි නම් කරුණාකර ඉදිරිපත් වන්න. 

මෙම කුණුහරප කීමේ සම්ප්රදාය දැනට අවුරුදු 30 අධික කාලයක් පුරා ලංකාවේ විශ්ව විද්‍යාල වල ස්ථාපිත වී තිබේ. මෙය ලංකාවේ විශ්ව විද්‍යාල බලධාරීන්ගේ අවදානයටවත් ලක් නොවන කරුණකි. හේතුව ඔවුන්ද නවකයන් ලෙස කුණුහරප හා තර්ජන අසා ජේෂ්ඨයන් ලෙස නවකයන්ට කුණුහරප කියා තර්ජනය කල අතීතයකට හිමිකම් කීමය. ඒ නිසා මෙය බරපතල වරදක් ලෙස ඔවුන් නොදකිති.

උසස් සදාචාරයක් සහ අධ්‍යාපනික සංස්කෘතියක් ඇති ලෝකයේ වෙනත් විශ්වවිද්යාලයක සරසවි සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වැදීම , තර්ජනය කිරීම වැටෙන්නේ අපරාද හෙවත් ක්‍රිමිනල් වර්ගයේ වරදකටය. 

සංවර්ධිත අධ්‍යාපන සංස්කෘතියක් ඇති පිටරට විශ්ව විද්‍යාලයකට අඩියක් තබා ඇති ඕනෑම ලාංකිකයෙක් එය දනියි. එවැනි ක්‍රියාවක් කල තැනත්තාට එරෙහිව පොලිසියට හෝ අධිකරණයට යාමට පහසුකම් තිබේ. 

සරසවි බලධාරීන්ද මෙවැනි වර්ගයේ සුළු අපරාදයක් වුවද යට නොගසා නිතිය ක්‍රියාත්මක කරති. නමුත් තවමත් එවැනි අන්දමේ උච්ඡ අධ්‍යාපනික සහ සංස්කෘතික මට්ටමක් නැති ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල වල කුනුහර්පයෙන් බැනීම, අසභ්‍ය වචන කීම, තර්ජනය කිරීම සාමාන්‍ය සිදුවීම්ය. 

ජේෂ්ඨයෙකු විසින් තමන්ට ශාරීරික හිංසනයක් , ලිංගික අපරාදයක් නොකොට කුනුහරපයෙන් බැනීම ශ්‍රී ලංකික විශ්ව විශ්ව විද්‍යාලයට ඇතුළුවන නවකයා සලකන්නේ වාසනාවක් හැටියටය. නවක වදයෙන් ලත් බේරීමක් ලෙසටය. 

මෙවැනි පුළුල්ව පැතිරී ගිය වාචික හිංසනයක් ඇති ග්‍රී ලංකික විශ්ව විද්‍යාල ජගත් විශ්ව විද්‍යාල මට්ටමෙන් කොතරම් පහත් ද සහ කොපමණ තිරිසන් මට්ටමක තිබෙන්නේද යන්න අවබෝධ කර ගත හැක්කේ සංවර්ධිත රටක විශ්ව විද්‍යාලයකට අඩිය තැබූ ලාංකිකයෙකුට පමණි.

එවැනි අත්දැකීමක් නොලද , බාහිර ලෝකය ගැන අවබෝධයක් නොමැති ලංකික සරසවි සිසුවා තමා අධ්‍යාපනය ලබන්නේ මඩ ගොහොරුවක බව නොදැනීම කෙතරම් අභාග්‍ය සම්පන්නද ?

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී දී කුණුහර්ප අත්දැකීමකට මුහුණ දුන් සිසුවියක් මෙසේ පවසන්නීය. (උපුටා ගැනීම නවක වදයෙන් තොර සරසවි දිවිය)

එදින සඳුදාවකි. රැග් නොවන මාගේ මිතුරියන් 5-10ක් පමණ හා එක් මිතුරෙක් විශ්ව විද්‍යාලයට පැමිණියේ එදා විශේෂ ප්‍රවේශය යටතේ සිසුන් ඇතුළත් කරගන්නා දිනය වූ බැවින්ම පමණක් නොවේ, දෙවන වර උසස් පෙළට මුහුණ දී සරසවි වරම් ලබා ගත් අපගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක්ද එදා පැමිණීමට නියමිතව තිබූ බැවිනි. 

උසස් පෙළ උපකාරක පන්තියකදී මුණ ගැසුනු මිතුරියක මට අවුරුදු දෙකකට පමණ පසුව මුණ ගැසුණි.අවුරුදු ගණනකට පසුව ඇයගේ මව හා පියාද මුණ ගැසුණු නිසා සුහදව ඔවුන් සමග කතා කලෙමි.

ටික වේලාකින් මාගේ මිතුරියන් දෙදෙනෙක්ද එතැනට පැමිණි නිසා දෙමාපියන් මඳකට ඉවතට ගියේ අපට ඕනෑ දෙයක් ඕනෑ ආකාරයකට කතා කරගැනීමට නිදහස ලබා දෙමිනි.විනාඩි දහයක් ගතවන්නට ඉඩ ලැබුනේ නැත. දෙවන වසර සිසු සිසුවියන් පිරිසක් රුදුරු ඇස් දල්වා අප වටකරගත්හ. ඇඟේ මයිල් කෙලින් වූයේ ඔවුන් ගේ හැටි දන්නා නිසාවෙනි. 

එනපොට හොඳ නැති බව තේරුණු නිසා නවක සිසුවියගේ දෙමාපියන් නැවත අප අසලට කැඳවා ඔවුන්ට නිවෙස් බලා යෑමට කීවෙමු. ඔවුන් විශ්ව විද්‍යාලයෙන් පිට වන තුරු එක්තරා ශිෂ්ය කණ්ඩායමක් ඔවුන් පසුපසින් පැමිණි බව පසු දිනක ඈ මට පැවසීය. සමහර විට ඒ ඇය නැවතත් රැග් නොවන සිසු සිසුවියන් සමඟ කතා කරනවාද යන්න නිරීක්ෂණය කිරීමට විය හැක.

නවක සිසුවිය පිටවී ගිය පසු මගේ මිතුරෙක් මා සිටි තැනට පැමිණියේ ඒ වනවිට මා වටකරගෙන සිටි සිසු සිසුවියන්ගේ මුහුණු වල හැගීම් එතරම් දරුණු වූ නිසාවෙනි.ඔහු සමඟ මා එම සිසු සිසුවියන්ගෙන් ඈතට ආවෙමි. එසේ පැමිනෙණ විට විට එක් ශිෂ්යාවක් "ආ දැන් වැඩේ හරි කියලද හිතං ඉන්නේ" යැයි ඇසුවේ මන්ද කියා මට තාම සිතාගත නොහැක. 

මා කලේ මාගේ මිතුරියක් සමඟ කතා කිරීම පමණක් බැවින් ගත හැකි එකම තීරණය නම් නවක සිසුන් සමග කතා කිරීම ඇන්ටි- රැග් සිසු සිසුවියන්ට තහනම් බවයි.නමුත් එසේ නීතියක් නම් විශ්ව විද්‍යාලීය නීති පද්ධතියේ මා දන්නා තරමින් ඇතුලත් වී නොමැත. ටික වේලාවක් ගතවන විට ටිකින් ටික අප සිටි තැනට පෙර මා වට කරගත් සිසු සිසුවියන් පිරිස ළංවිය.

අප ඔවුන්ව නොසළකා සිටින බව වැටහුණු විට ඔවුන් කලේ අපගේ අවධානය ඔවුන් වෙත යොමු කරගැනීමට කුණුහරුප යොදා ගැනීමයි.අමුතිත්ත කුණුහරුප කීවද අප ඒවා එක් කණකින් අසා අනික් කණින් පිටකිරීම ඔවුන්ට දරාගත නොහැකි බව පසක් වුයේ ඉන්පසු එක් එක් සිසුවියට පෞද්ගලිකව අපහාස කිරීමෙනි.

රූමත් සිසුවියෙක් දෙස බැලූ එක් ජේෂ්ඨ උතුමකු "උඹේ හම සුදු වුනාට වැඩක් නෑ තන් පොඩියි. උඹලාගේ කොල්ලෝ දන්නේ නෑ ඕවා ලොකු කරල හදලා ගන්න. වරෙන් අපි හදලා දෙන්නම්" යැවි පැවසීම කෙතරම් උත්තම කමක්දැයි තෝරා බේරා ගැනීම කියවන ඔබට භාර කරමි.

එසේම "උඹලා අරූට විතරක් පෙන්නනවා නම් අපි බැලුවාම මොකද" කියා අප ඉදගෙන සිටින විට අපට පිටිපසින් පැමිණ සිටගෙන අපගේ පපු ප්‍රදේශය දෙස බලන උතුමන් සමග පෙම් සබදතාවක් ආරම්භ කිරීම පිලිබඳව දෙවරක් සිතා බලන මෙන් ආදරණීය සහෝදරියන්ගෙන් ඉල්ලා සිටිමි.

සිසුවන් මෙසේ අපට අපහාස කරද්දී සිසුවියන් අප සමග සිටි මිතුරාටද මෙසේ අපහාස කර ඇති බැව් දැන ගත්තෙමි. ඔහුට එම උත්තමාවියන් පැවසූ වදන් බ්ලොග් සටහනේ යෙදීමට කෙසේවත් සුදුසු නොවන නිසා නොලියමි.

සියලුම කුණුහරුප පවසා අවසාන වන තුරු නිශ්ශබ්දව සිටි ඔවුන් අපෙන් ඇසූ ඊලඟ ප්‍රශ්නය

"උඹලට අපි කියපුවා තේරුනාද?"
අපගේ පිළිතුර "නිශ්ශ්බ්ද තාවය"
නිශ්ශබ්දතාවයට ඔවුන්ගේ පිළිතුර
"මුන් මේවා දන්නේ නෑ මචං. අපිවත් කියලා දෙමු"
ඉන්පසු ආරම්හ වූයේ කුනුහරුප කියා දීමේ පන්තියකි

යකෝ, **** කියන්නේ කොල්ලොන්ට තියන එකට, ***** කියන්නේ කෙල්ලොන්ට තියන එකට. ***** කියන්නේ ******ක ******කට දාන එක. එයින් නොනැවතී තම ඇඟිලි පාවිච්චි කරමින් අදාල කටයුතු සිදුකරන ආකාරයද පැහැදිලි කිරීමට තරම් පරාර්ථකාමී මේ උතුමන් ඉදිරියේ තව දුරටත් රැදී සිටීම නුවණට හුරු නැති නිසා,මුවින් නොබැන සරසවියෙන් පිටවීමට සුදානම් වීමු.

ශාරීරික නවක වදය

Physical Ragging හෙවත් ශාරීරික නවක වදය සෑම ශ්‍රී ලංකික විශ්ව විද්‍යාලයකම ක්‍රියාත්මක වෙයි. ඉන්දියාව හැරුණු කොට බරපතල ශාරීරික නවක වද සිද්ධීන් වැඩිපුරම වාර්තා වන්නේ ශ්‍රී ලංකික විශ්ව විද්‍යාල පද්ධතිය තුල පමණි. 

මෙය ඉතා දරුණු අන්දමේ මානව අයිතීන් උල්ලන්ඝනයකි. නවක සිසුන්ට ශාරීරික අභ්‍යාස බලෙන් කරවීම, අවනත නොවන සිසුන්ට පහර දීම, තර්ජනය කිරීම අපහාස කිරීම, කොන් කිරීම, අලයන් , අපතයන් ලෙස නම් කොට ලේබල් ගැසීම බහුලව කෙරේ. මෙවැනි ශාරීරික නවක වදය නිසා 1997 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වරප්‍රගාෂ් නම් ඉංජිනේරු පිඨයේ සිසුවා මිය යන ලදී.

මෙම යූ ටියූබ් විඩීඕ පටයෙන් ශ්‍රී ලංකාවේ විශ්ව විද්යාල සිසුන් පිරිසකට ජේෂ්ඨයන් විසින් ශාරීරික නවක වදය දීම නැරඹිය හැක. (http://www.youtube.com/watch?v=nuMCsBx2FyI )

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී බලහත්කාරයෙන් ස්වයං වින්දනයේ යෙදවූ අයුරු හිටපු සිසුවා හෙළි කරයි.

මිට වසර කීපයකට පෙරදී තමන් නවක සිසුවෙකු ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වූ කාලයේදී ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් අක්බාර් ශාලාවට තමා ඇතුළු තවත් සිසුන් පිරිසක් බලෙන් ගෙන ගොස් කලිසම් පහත් කොට තම තමන්ගේ පුරුෂ ලිංග හස්තයට ගෙන ස්වයං වින්දනයේ දීමට බල කල බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු සිසුවෙකු හෙළි කරයි. 

ඔහු පවසන පරිදි ස්වයං වින්දනයේ දීමට අකමැති වූ සිසුන්ට සහ ලිංගය ප්‍රාණවත් කරගැනීමට නොහැකි වූ සිසුන්ට නපුන්සක වාදයෙන් ජේෂ්ඨ සිසුන් විසින් අපහාස කොට ඇත. මෙම හිටපු සිසුවා පවසන පරිදි මුලදී බියට පත්ව සිටි සමහර නවක සිසුන් ටික වෙලාවකට පසුව ජේෂ්ඨ සිසුන් සමග එකඟතාවකට එමින් සහ ඔවුනට කීකරු වෙමින් ස්වයං වින්දනයේ දී තිබේ. සමහර නවකයන් ස්වයං වින්දනය කලේ සිනාසෙමිනි. 

ඔවුන් ධාතු පිට පිටකරගනිමින් ජේෂ්ඨ සිසුන්ගේ ප්‍රසාදය දිනා ගත්හ. ස්වයං වින්දනයේ දීමට අකමැති වූ සිසුන්ට සහ පිරිසක් ඉදිරියේ ලිංගය ප්‍රාණවත් කරගැනීමට නොහැකි වූ සිසුන්ට දිගින් දිගටම අපහාස වලට ලක් වීමට සිදු විය. 

මෙම සිසුවා නිරීක්ෂණය කල පරිදි ජේෂ්ඨ සිසුන් සමග එකඟතාවකට එමින් ස්වයං වින්දනයේ යෙදුනු සිසුන් ඉන්පසු එළඹී වසරේදී අලුතින් පැමිණි සිසුන්ට නවක වදය දීමේදී දරුණු වදකයන් ලෙස ක්‍රියා කොට තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේදී නවකයන්ට සිදු කල ලිංගික හිංසන ගැන අනෝමා ජනාදරී කියයි.

පුනරුක්ති නම් තම ස්වයං චරිතාපදානයේ කොළඹ විශ්වවිද්‍යාලයේදී නවක සිසුවියන්ට මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසන පිළිබඳව අනෝමා ජනාදරී හෙලිකරන්නීය. මෙම ලිංගික හිංසන අතර සිසුවියන්ට අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කිරීම, කුණුහරප කීමට බල කිරීම , කුණුහර්ප පදවැල් ඇති ගීත ගැයීමට බල කිරීම මෙන්ම සිසුවියන්ට වතුර ගසා ඇඟට ඇලුණු ඔවුන්ගේ වස්ත්‍ර දෙස කාමුකව බැලීම සිදු කොට තිබේ. 

(මෙවැනි ලිංගික හිංසන තවමත් කොළඹ විශ්වවිද්‍යාලයේදී සිදුවේ) නවක වද අවසන් අදියරේදී පැවති ෆ්රෙෂස් නයිට් සාදයේදී එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ සිසුවෙකු වූ කහවත්ත නොහොබිනා අන්දමට ලිංගික බලපෑම් කල අයුරු ගැනද අනෝමා ජනාදරී පවසයි. 

මෙම කහවත්ත නම් පුද්ගලයා අනෝමාගේ අත බලෙන් ගෙන ඔහුගේ රහසඟ උඩ තබාගැනීමට තැත් කොට තිබේ. 1980 දශකයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සහ ඝාතනය කරන ලද දයා පතිරණ ගේ සමකාලිනයෙකු වූ කහවත්ත දැන් රජයේ දෙපාර්තමේන්තුවක උසස් නිලයක් දරයි. 

මෙවැනි පුද්ගලයෙකු අද ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කලේ නම් ඔහු නවක වදය නැවැත්වීමට ක්‍රියා කරයිද ? ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරු , අංශ ප්‍රධානින් ලෙස සේවය කරන බහුතරයක් කහවත්ත වැනි අතීත කියාකලප තිබූ පුද්ගලයන්ය. එම නිසා ඔවුන් නවක වදය නැවැත්වීමට පෙරට නොඑති.

කොළඹ විශ්වවිද්‍යාලයේ නවකයන්ට මිනිස් අසුචි සහ කුණු මස් දියර බකට් කල අයුරු

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යනය ලැබූ සිසුවෙකු හෙළි කල පරිදි නවකයන්ට බකට් කිරීම සඳහා ජේෂ්ඨ සිසුන් විසින් කොළඹ රීඩ් මාවතේ පිහිටි රහිමා හෝටලයේ කුස්සියට ගොස් ඉවත් කරන ලද කුකුල් මස් හම් කෑලි ඉවත ලූ බත් ගෙන ආවේය. 

මේවා විශාල බැරල් එකකට දමා වතුරද එකතු කොට පල් කරන ලදී. දින දෙකකට පමණ පසු මෙම බැරල් එකේ වතුර වලින් දුර්ගන්දයක් හමන්නට විය. එක් ජේෂ්ඨ සිසුවෙකු එයට මළපහ කළේය. 

ඉන්පසු එය කිව නොහැකි තරම් දුගඳ විය. පසුව මේ කුණු දියරය ප්ලාස්ටික් භාජන වලට දමා නවක සිසු සිසුවියන් බකට් කරන ලදී. දුර්ගන්දය සහිත දියර ශරීරයට වැදීම නිසා ඔවුන්ගේ ඇඳුම පවා යලි භාවිතා කල නොහැකි තත්වයට පත් විය. එක සිසුවියක් සැරසී සිටියේ ඇයගේ බෝඩිමේ අයිතිකරියගෙන් ඉල්ලාගත් සාරියකිනි. 

එම සාරිය කුණුවී ගිය මස් කැබලි සහ අසූචි වැදී කළු වර්ණ විය. එම සිසුවිය බොහොවෙලාවක් යනතුරු කඳුළු සැලුවාය. මෙම සිද්දිය හෙළි කල සිසුවා වර්තමානයේදී ඇමරිකා එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධියට ඉගෙනුම ලබයි. ඔහු පවසන පරිදි මෙවැනි සිදුවීමක් ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක සිදු වුයේ නම් එවැනි අමානුෂික ක්‍රියාවක් සිදු කල සිසුන් නවතින්නේ හිර ගෙදරය. 

ඇමරිකානු විශ්වවිද්‍යාල සිසුන්ගේ හැසිරීම් , ඔවුන්ගේ ආකල්ප, සිසුන් එකිනෙකා කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන් තුල ඇති මිනිස් වටිනාකම් ගැන සලකන විට තමන් මුලික උපාධිය නිමා කල කොළඹ විශ්ව විද්‍යාලය කොතරම් ප්‍රාථමික ස්ථානයක්ද යන්න කියා දැන් තමන්ට වැටහෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි. තමා ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ බව කීමට පවා ලැජ්ජා වන බව ඔහු පවසයි.

රජරට විශ්වවිද්‍යාලයේ නවක වදය සහ දේපල හානි කිරීම්

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට 2011 දෙසැම්බර් මස 12 වැනිදා ඇතුළත් කර ගන්නා ලද නවක සිසු සිසුවියන් හට ජේෂ්ඨ ශිෂ්ය ශිෂ්යාවන් විසින් බරපතල ලෙස නවක වදය ලබා දුන් බව වාර්තා විය. මෙම නවක වද අතර අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කිරීම, ශාරීරික පිඩා , ඉඳුල් බත් අනුභව කිරීමට බල කිරීම, වැසිකිලි යාමට නොදී රඳවා ගැනීම, සිසුවියන්ට කුණුහරුප කවි කීමට බල කිරීම වැනි ක්‍රියා සිදු වූ බව නවක සිසුහු පවසති. 

නවක සිසුන් ලවා ජෙෂ්ඨයන්ට බලහත්කාරයෙන් උතුමා යැයි කියවා ගැනීම සහ එසේ නොකියන සිසු සිසුවියන්ට අඩන්තේට්ටම් කිරීමද රජරට විශ්ව විද්‍යාලයේ සිදු වූ බව වාර්තා වේ. එසේම රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අනුරාධපුර සාලියපුර පිහිටි වෛද්‍ය පීඨ පරිශ්‍රයේ බලහත්කාරයෙන් රැඳී සිටිමින් එහි දේපළවලට හානි සිදු කරන ලදී. එසේම එම විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් උපකුලපති හා ලේඛකාධිකාරී බලෙන් රඳවා ගත්හ. 

උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන මහතා ප්‍රකාශ කල අන්දමට නවක වදය ඉතා දරුණුවට සිදු වීම නිසා ද රජ රට විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට පිහියකින් ඇන තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබුවන්ට ද මෙලෙස පන්ති තහනම පැන වු බවයි. 

පන්ති තහනමට ලක්වු සිසුන් අතර රජරට විශ්වවිද්යාලයේ වෛද්‍ය පිඨයේ දෙවන වසරේ සිසුන් සිසුන් 7 දෙනෙකු සහ රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්ය සංගමයේ සභාපතිවරයා ද සිටින බව වාර්තා විය. මෙම පන්ති තහනමට ලක් වූ පිරිස අතර සිසුවියක ද සිටින්නීය. 

ඔවුන්ට එදිරිව අධිකරණ ක්‍රියා මාර්ගයක් ගනු ලැබිය. පසුව මෙම රජරට සරසවියේ ශිෂ්ය සංගම් ක්‍රියාකාරීහු හය දෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේත්‍රාත් රුවන්තිකා මාරපන මහත්මිය ඉදිරිපිට උපකුලපති මහාචාර්ය කේ.ඒ නන්දසේනගේ දෙපා මුල දණ ගසා වැඳ සමාව ගත්හ. 

මෙම නවක වද සිද්ධීන් වලින් පසුව ජේෂ්ඨ සිසුන් පිරිසක් විසින් රජරට විශ්ව විද්යාලයේ නවක සිසුන් ලවා ජේෂ්ඨයන් තමන්ට කිසි විටකත් නවක වදය ලබා නොදුන් බව කියමින් පළමු වසර සියලු සිසුන්ගේ අත්සන් සහිත ලිඛිත ලිපියක් පාලනාධිකාරියට ලබා දී තිබේ. 

මෙම ලිපියට අත්සන් කරන ලෙසට නවක සිසුන්ට දැඩි බලපෑම් එල්ල විය. මෙම ලිපියට අත්සන් නොකරන නවක සිසුන්ට විශ්ව විද්යාලයේ ඉගෙන ගැනීමට ඉඩ නොතබන බවට තර්ජනය කිරීම නිසා රජරට විශ්ව විද්යාලයේ නවක සිසුන් බොහෝ දෙනෙකු මෙම ලිපියට අත්සන් තැබුහ.





 
Related Posts with Thumbnails