Ads 468x60px

.

දරුවන්ට මොකුත් නොවෙන්න දික්කසාදයකින් පස්සේ ලව් කලාට කමක් නෑ - නිල්මිණී කියයි.

දික්කසාද වුණා කියලා ලෝකේ කොහෙවත් නෑ දෙවැනි කසාදයක් කරගන්න එපා කියලා.

මට ෆේස් බුක් චැට් කරන්න වෙලාවක් නෑ මට වැඩ තියෙනවා.

නිල්මිණී තෙන්නකෝන් අපට සිටින චරිතාංග රංගණ ශිල්පිණියක්. ඇය ජීවිතයේ විවිධ කඩ ඉම් පසු කරමින් අද එක් ඉසව්වක් වෙත සේන්දුව සිටිනවා. මහපොළවේ පය ගසා දෙපයින් නැගී සිටීම ඕනැම අයෙකුගෙ අභිලාෂයක්. නිල්මිණීටත් එය අදාලයි. 

ඒ නිසාම ජීවිතයේ මුහුන පැ සියල්ල අභියස අද ඇය පොළවෙ ශක්තිමත් ලෙස දෙපයින් හිටගෙන ඉන්නේ ඇගේම ව්‍යාපාරයක් ආරම්භ කරමින්. මේ නිල්මිණීගේ ජීවිතය සහ වර්තමාන ටෙලිනාට්‍ය කලාව පිළිබදව කළ සාකච්ජාවකි.

ආදරය ජීවිතයට ලැබෙනවද? දුවගෙන් පවුලෙ අයගෙන් ඇරුණහම..?

ඔව් මට මුඵ රටේම ආදරය හම්බවෙනවා මගේ රසික රසිකාවියෝ මගේ මිත‍්‍රයෝ මගේ ක්‍ෂේත‍්‍රයේ අයගෙන් ඊට අමතරව මම නොදන්න අය ගොඩක් ඇති මට ආදරය කරන.

ආදරය සහ විවාහය කියන කාරණා සහ දික්කසාදය ගැහැනියකට දරුවෙක් සමග බලපාන්නෙ කොහොමද මානසිකව සහ සමාජීය වශෙයන්..?

මානසිකව බලපාන ගැටඵවක් තමයි. කව්රුත් විවාහ වෙන්නෙ දික්සාද වෙන්න නෙමෙයි. හැමෝම හරි කැමතියි තමන්ගේ විවාහ ජිවිතය රැකගෙන ජිවත් වෙන්න. 

මුඵ ලොකේම ගත්තොත් ළමයෙක් කසාද බැදගෙන එක වහලක් යට හැමවේලේම රණ්ඩු වෙමින් ආතතියන් හදාගෙන ජිවත් වෙනවට වඩා හොදයි දරුවෝ ඉන්නවනම් ඔවුන්ගේ අනාගතය ගැන හෝ සිතා හෝ දෙදෙනා දෙපැත්තකට වෙන එක.නැතිනම් දරුවෝ මේ දේවල් දුටවිට ඔවු උත්සහා කරනවා තමන්ගේ දෙමාපියන් විදිහට ජිවත් වෙන්න.

ඊට පස්සෙ ඔවුන් හිතනවා ඒක තමයි ජිවිතේ කියලා ඊට පස්සෙ ඒ ජිවිතේ ඔවුන් ජිවත් වෙන්න උත්සහකරනවා. එහෙම උනාම වෙන්නෙ ළමයිනුත් ඒ අඩි පාරේ යාම පමණයි හොදම දේ තමයි නොගැලපෙන දෙන්නෙක් මානසීක ආතතීන් මත එක වහලක් යට ජිවත් වෙනවට වඩා දෙපැත්තකට වෙන එක.


මේක මනෝවෛද්‍යවරු පවා කියන දෙයක්. නොගැලපෙන දෙන්නෙක් එක වහලක් යට රණ්ඩුවෙමින් ජිවත් වෙනවට වඩා, සමාජයට ලැජ්ජ වෙමින් සිටිනවට වඩා වෙන්වීම හොදයි කියලා තමයි මම දකින්නෙ. නමුත් කවුරුත් කැමති වෙන්නෙ නැහැ කසාදයක් බැන්දට පස්සෙ දික්කසාද වෙන්න

දුව ගැන තිබෙන අපේක්‍ෂා මොනවද?


අපේක්‍ෂාවන් ගොඩක් තියාගෙන ජිවත් වෙන්න මම කැමති නැහැ. දුව අධ්‍යාපනය පැත්තෙන් හොද තැනකට එයි කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාසය විතරක් තියාගෙන මම ජිවත් වෙනවා. ඒ සදහා ලොකු සහයෝගයක් ඇයට මගෙන් තියෙන්න ඕන. මම ඒක ඒ විදිහටම ඇයට ලබාදෙනවා .

අම්ම කෙනෙක් හැටියට ගැහනියක් හැටියට දරුව සම්බන්ධයෙන් අවශ්‍ය සියඵමදේවල් මම තනියම ඉටු කරමින් කාගෙන්වත් සතපහක්වත් නොගෙන ඇයගේ අනාගතය වෙනුවෙන් මගේ ජිවිතය කැපකමින් ඇයට සහයෝගයක් වෙමින් ජිවත් වෙනවා.


නිල්මිණීගේ හෙට දවසෙත් තනිකඩද?
 
අපෝ නෑ මං තනිකඩ නෑ මට මං ඉන්නවා මට වැඩ තියෙනවා

දික්කසාද වූ පමණින් පේ‍්‍රම කිරීම නොකළ යුතු දරුවන් සහ සමාජ කාරණා නිසා ?

 
දික්කසාද වුණ කියලා ලෝකේ කොහොවත් නෑ දෙවැනි කසාදයක් කරගන්න එපා කියලා. අදරයක් නැතිව මිනිසුන්ට ජිවත් වෙන්න මිනිසුන්ට අමාරුයි. පේ‍්‍රම කිරිමේ දී දික්කසාදයකින් පස්සේ පේ‍්‍රමකිරිමේදී දෙවැනි කසාදයකට යාමේදී සැළකිලිමත් විය යුතු කරුණු කාරනා ගොඩක් තියෙනවා. 


අනිවාර්යෙන්ම දෙවැනි විවාහයේදී පළමු විවාහයට වඩා අමාරුවේ වැටෙන්න පුඵවන්. මොකද බොහෝ වෙලාවට අපි දෙවැනි කසාදයෙදි අපි විවිධ ගැටළු වලට මුහුණ පාන්න පුඵවන් .මොකද අපි ඊට පෙර සිදු වු සියලූම දේවල් ඔවුන්ට පවසන්න ගියාට පසු අපි බොහෝ අපහසු තාවයට පත් වෙනවා. 

මේ කෙසේ වෙතත් දික්කසාදයකින් පසු පේ‍්‍රම කිරිමට හා කසාද බැදීමට හැකියාවක් නිදහසක් තියෙනවා. මොකද තනිකඩව ජිවත් වෙන්න බැහනේ. තමන්ගේ දරුවන්ට අසාධාරණයක් නොවෙන විදිහට එවැනි දෙයක් සිදු කරගැනිම අසාධාරණයි කියලා මම හිතන්නෙ නැහැ.

ජීවිතය සතුටින් තියාගැනීමට කරන කියන දේවල් මොනවද?

 
මම හොද බෞද්ධ කෙනෙක් . මම දෙයියෝ අදහනවා. සිත සතුටින් තියා ගන්න මම ගොඩක් දේවල් කරනවා. සින්දු අහනවා, ඊට අමතරව මම මගේ දුවත් එක්ක බොහෝම ලගින් ඉන්නවා. එයා එක්ක කාලය ගත කරනවා. ගොඩක් චිත‍්‍රපටි බලනවා. විඩියෝ බලනවා .විවිධාකාර හොද නිර්මාණ බලනවා .පිටරට සංචාරයේ යෙදෙනවා. නංගිලා එක්ක ගමන් බිමන් යනවා. මගේ ව්‍යාපාරය ,මගේ සැලෝන් එක ඉතා සතුටින් කරන දෙයක්. රංගනයත් එහෙමයි. මම ගොඩක් කැමතියි ඩ‍්‍රයිව් කරන්න.

ෆේස්බුක් සම්බන්ධයෙන් නඩු මගට බැහැල තියෙන්නෙ ඇයි.?

 
විකෘති මනසින් ජිවත් වෙන විකෘති කාරයන් ඉන්නකොට මේ සමාජේ දියුණු වෙන්නෙත් නෑ මේ සමාජයේ අපරාධකම් වැඩි වෙනව එක විතරයි වෙන්නෙ මට ෆේස් බුක් එකක් නෑ කිසිම අයුරකින් එවා එක්ක ගණුදෙනු කරන්න මම කැමති නෑ ඒ තුළින් හොද දේවලූත් සිදුවෙනවා. 


නමුත් නරක දේවල් වැඩි නිසා හොද දෙවල් සිදු වෙන්නෙ නෑ. මට ෆේස් බුක් චැට් කරන්න වෙලාවක් නෑ මට වැඩ තියෙනවා. ඊටත් වඩා මට දියණියක් ඉන්නවා. ඊට පස්සෙ මං කරපු දේවල් එයා කරන්න පටන් ගන්න පුඵවන් .අපේ ගෙදර කම්පියුටර් එකක් වුණත් යුස් කරන්නේ හරිම පරිස්සමින් . 

මට ගොඩක් අය කතා කරලා කියනවා අපි ෆේස් බුක් බැලූව, මැසේජ් කලා ඇයි රිප්ලයි නැත්තේ කියලා. මට ෆේස් බුක් එකක් නෑ කියලා මම එයාලට කියන්න කැමතියි. එක්වරක් ෆේස් බුක් එකක් නිසා මට විවිධ ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වුණා .ඒක නිසා මම දන් නඩු මගටත් ගිහින් ඉන්නෙ.
 
Related Posts with Thumbnails