Ads 468x60px

.

ගීතාගේ කෝල් එකෙන් සිල්මාතාව උපවාසය අතහරී...

සාකච්ඡා කර දින තුනක් ඇතුළත පිළිතුරක්...

නැතිනම් මාරාන්තික උපවාසයක්...

ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්‍ෂුන් වහන්සේ දෙනමකට ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට විරෝධය පළකරමින් ඊට විරුද්ධව වහාම පියවරක් ගන්නා ලෙස රජයට බල කරමින් ඇල්පිටිය බස් නැවැතුම් පොළේදී පසුගියදා (19දා) උදෑසන සිට උපවාසයක් කළ ඇත්කඳුර පාඹරවත්ත සුජාත ආරාමයේ සුගුණමිත්ත දසසිල් මාතාව පසුගියදා (19දා) සවස 6.00ට පමණ උපවාසය අවසන් කළා.

ජනාධිපති සමඟ සාකච්ඡා කර දින තුනක් ඇතුළත පිළිතුරක් ලබාදෙන බවට බෙන්තර - ඇල්පිටිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය දුරකතන මාර්ගයෙන් සිල් මාතාවට පොරොන්දුවක් ලබා දීමෙන් පසු සිල් මාතාව උපවාසය අත්හැරීය. එහෙත් දින තුනක් ඇතුළත නිසි පිළිතුරක් නොලද හොත් යළි මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව දස සිල් මාතාව ප්‍රකාශ කළා.


උපවාසය අත්හැරීමෙන් පසු සිල් මාතාව ඇල්පිටිය රෝහලට ඇතුළත් කරනු ලැබීය. මේ අවස්ථාවට ඇල්පිටිය විහාරමහා දේවි පිරිවෙන් අධිකාරි අම්බලන්තොට සරණපාල, ඇල්පිටිය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති අමුගොඩ සෝමානන්ද, එම ලේඛකාධිකාරි නාවලපිටියේ ඥානානන්ද යන හිමිවරු ඇතුළු මහා සංඝයා වහන්සේද ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති අමිල කාරියවසම් මහතා ඇතුළු පක්‍ෂ විපක්‍ෂ සියලු මන්ත්‍රිවරුන්ද පොලිසියද ප්‍රදේශවාසීහු විශාල පිරිසක්ද එක්ව සිටියහ.

දසසිල් මාතාවගේ උපවාසයට සහයෝගය දක්වමින් විශාල තරුණ පිරිසක්ද එක්ව සිටි අතර ඔවුන් විවිධ සටන් පාඨ කියමින් විවිධ වැකි ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පැය කිහිපයක් විරෝධතා දක්වනු ලැබීය.
 
Related Posts with Thumbnails