Ads 468x60px

.

ලොව මිල අඩුම නිවසත් නැනෝ

ලෝකයේ මිල අඩුම මෝටර් රථය වන නැනෝ රථය නිපදවූ ටාටා සමාගම ලෝකයේ මිල අඩුම නිවසද නිපදවීමට සැලසුම් කරන බව වාර්තා වේ.

නැනෝ නිවස ලෙස නම් කර ඇති මෙය, ඉන්දියානු රුපියල් 32,000 ක් වැනි අඩු මුදලකට සෑදිය හැකි බව ටාටා සමාගම පවසයි.

වර්ග මීටර 20ක් පමණ වන මෙම නිවසේ බිත්ති පොල් කෙඳි මිශ‍්‍රිත සංයෝගයක් යෙදාගෙන ඇති බවත් එහි ආයු කාලය වසර 20ක් පමණ වන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම නිවසට අනුව වර්ග මීටර 30ක නිවසක්ටාටා සමාගම විසින් නිපදවා ඇත.
ඉදිරි මාස 6-8 දක්වා කාලයක් තුළදී මෙම නැනෝ නිවස වෙළඳපොලට ඉදිරිපත් කරන බව ටාටා සමාගම වැඩිදුරටත් පවසයි.
 
Related Posts with Thumbnails