Ads 468x60px

.

පේ‍්‍රම රංගනය ගැස්සී පෙම් යුවල පොලිසියේ

මහියංගනය, තිස්සපුර මහා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු ශිෂ්‍යාවක් කිසියම් පිරිසක් විසින් ඊයේ (19) දහවල් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තාවූ සිද්ධිය පැහැර ගැනීමක් නොවන බවට මේ වන විට තොරතුරු අනාවරණයවී තිබේ.

අදාළ ශිෂ්‍යාව නාඳුනන පිරිසක් විසින් ති‍්‍රරෝද රියකින් පැහැරගෙන ගිය බවට ඊයේ මහියංගනය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි.

එම පැමිණිල්ල අනුව පරීක්‍ෂණ පැවත්වූ මහියංගනය පොලිසිය මෙසේ පැහැරගත් බවට සැක කළ ශිෂ්‍යාව සිය පෙම්වතා සමඟ ස්වකැමැත්තෙන් ගොස් ඇති බවට මේවන විට තහවුරු කරගෙන තිබේ.
සිසුවිය සහ ඇගේ පෙම්වතා ඇතුළු සැකකරුවන් තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇත.

මෙම සිද්ධිය පැහැරගැනීමක් ලෙස සිය නැඟණියට ඒත්තු ගැන්වීම සඳහා මෙලෙස රඟපෑමක් ඉදිරිපත් කර ඇතැයි පැවසේ.
 
Related Posts with Thumbnails