Ads 468x60px

.

Google ට නඩුවක් File වෙයි

ප්‍රංශ වෙළෙඳ වෙබ් අඩවියක් වන ට්වෙන්ගා සමාගම විසින් සුප්‍රසිද්ධ ගූගල් සමාගමට එරෙහිව යුරෝපියානු කොමිසම හමුවේ නඩු පවරා ඇති බව විදෙස් වාර්තා පවසයි.


ට්වෙන්ගා සමාගම සිය සේවාදායකයින්ට අන්තර්ජාලය තුළ භාණ්ඩ මිළ ගණන් සසඳා බැලීමට ඉඩ ප්‍රස්ථාව සලසන සමාගමක් වන අතර ගූගල් සමාගම තමන්ගේ වෙබ් අඩවිය තුළ අදාල භාණ්ඩ මිල ගණන් ඇතුළත් නොකිරීම මහත් ගැටළුවක් බව ට්වෙන්ගා සමාගම පවසයි.

ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බව පවසා ඇති අතර ගූගල් සමාගමට ගූගල් ෂොපින් වැනි වෙබ් අඩවියක් පවත්වාගෙන යාම එවැනි තරඟකාරීත්වයක් පවතින වෙබ් අඩවිවලට කරන හානිදායක තත්ත්වයක් බවද ඔවුන් පෙන්වාදෙයි.
 
Related Posts with Thumbnails