Ads 468x60px

.

MTV නාලිකාව අද සිට නව මුහුණුවරකින්


සිරස මාධ්‍ය ජාලයේ සහෝදර නාලිකාවක් වන CHANNEL ONE MTV නාලිකාව අද සිට නව මුහුණුවරකින් ප්‍රේක්ෂකයින් අතරට ගෙනඒමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අද සිට CHANNEL ONE MTV ඔබ වෙත සමීප වනුයේ MTV SPORTS ලෙසිනි.


දේශීය හා ජාත්‍යන්තර තලයේ ක්‍රිඩා වැඩසටහන්වලට සහ ක්‍රීඩා නාලිකාවන්ට මේ ඔස්සේ ඔබට සමීපවීමට අවස්ථාව උදාවනු ඇති.විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව හසුරවන ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගත් විවිධ වැඩ සටහන් ද MTV SPORTS නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

ඒ අනුව YES SUPER STAR සහ WHO WANTS TO BE A MILLIONAIRE , රියැලටි ටිවි වැඩසටහන් වැනි විශේෂාංගයන් ද MTV SPORTS නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට සුදානම්ව සිටී.
 
Related Posts with Thumbnails