Ads 468x60px

.

සමලිංගිකයෙකු වීම කිසිදිනක අපරාධයක් නොවේ - හිලරි ක්ලින්ටන්


විදෙස් රට වල සිටින සමලිංගිකයන්ට සිදුවන වෙනස්කම් වලට එරෙහිව සටන් කරන බව ඇමෙරිකාව ප‍්‍රකාශ කරයි.මේ සඳහා විදේශ ආධාර මගින් හා රාජතාන්ත‍්‍රික මට්ටමින් කටයුතු කරන බව ඇමෙරිකාව පවසා ඇත.ආධාර හා රැකවරණ ලබාදීමේදී සමලිංගික අයිතීන් ද සලකාබලන මෙන් ඇමෙරිකානු රජය විසින් එරට රාජ්‍ය ආයතන වලට නියම කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.පසුගියදා ජිනීවා හි රැස්වුනු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල රාජතාන්ති‍්‍රකයන් පිරිසක් අමතමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසා ඇත්තේ සමලිංගික අයිතීන් ද මානව හිමිකම් වන බවයි.

සමලිංගිකයෙකු වීම කිසිදිනක අපරාධයක් නොවිය යුතු බවත් රටක සංස්කෘතික හෝ ආගමික සම්ප‍්‍රදායන් මෙලෙස වෙනස්කම් සිදුකිරීම සඳහා නිදහසට කරුණක් නොවිය යුතු බවද ක්ලින්ටන් පවසා ඇත.කෙසේ වෙතත්ඇමෙරිකාවේද සමලිංගික භාවය පිළිබඳව මිශ‍්‍ර පිළිවෙතක් අනුගමනය වී ඇති බව ද ඇය පවසා ඇත.සමලිංගික භාවය අපරාධයක් කොට සලකන රටවල් කිහිපයක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටි බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.තවද, ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ ක්ලින්ටන්ගේ කථාව අවසන් වීමත් සමග රාජතාන්ති‍්‍රකයින් බොහෝ දෙනෙකු හදිසියේ පිටව ගොස් ඇති බවයි.
 
Related Posts with Thumbnails