Ads 468x60px

.

ප‍්‍රභාකරන් අධ්‍යක්‍ෂක තුෂාර පීරිස් ප‍්‍රංශ ආණ්ඩුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලයි

ආණ්ඩුවේ ඇණවුම පිට නිෂ්පාදනය කරනු ලැබූ ‘ප‍්‍රභාකරන්’ චිත‍්‍රපටයේ අනභිභවනීය අධ්‍යක්‍ෂක තුෂාර පීරිස්, ප‍්‍රංශ ආණ්ඩුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව වාර්තා වේ. ‘ප‍්‍රභාකරන්’ගේ කෲරත්වය දැක්වෙන වාර්තා චිත‍්‍රපටයක් ලෙස හැඳින්විය හැකි මෙම චිත‍්‍රපටයේ, දේශමාමකත්වය පිළිබඳව ආණ්ඩුවේ මාධ්‍ය මඟින් බයිලා ගැසූ තුෂාර පීරිස්, තමන්ට ආරක්‍ෂක අමාත්‍යංශයේන් එල්ල වී ඇති මරණ තර්ජන දේශපාලන රැකවරණ ඉල්ලීමට හේතුව ලෙස ප‍්‍රංශ රජයට දක්වා ඇත.
යුද ජයග‍්‍රහණ සම්බන්ධයෙන් ‘රෙදි නැතුව රජයට කඬේ ගිය’ ප‍්‍රභාකරන් අධ්‍යක්‍ෂවරයා, ‘දේශසීමා රහිත වාර්තාකරුවන්’ (Reporters Without Borders) නමැති සුප‍්‍රකට ප‍්‍රංශ මාධ්‍ය සංවිධානය ගොනාට අන්දමින් එම සංවිධානයේ ආධාර හා උපකාරය තම දේශපාලන රැකවරණ ඉල්ලීම සඳහා උපයෝගී කර ගෙන තිබේ.
 
Related Posts with Thumbnails