Ads 468x60px

.

යළි නිර්මාණය වූ නිරෝෂාගේ ‘සිත හඬයි’

මීට වසර විස්සකට පමණ පෙර ජනපි‍්‍රය ගායිකා නිරෝෂා විරාජිනී විසින් ගායනා කරන ලද ‘සිත හඬයි’ගීතය ප‍්‍රති නිර්මාණය කර තිබේනිරෝෂා සිය ගායන දිවිය ආරම්භ කළ ගීතය ලෙස ද මෙය හැදින්වේ.කෙසේවුවද නිරෝෂාට වර්තමානයේ මේ ගීතය ශ‍්‍රවණය කරන විට හැගෙන්නේ චූටි නංගි කෙනෙක් ගීතයක් ගායනා කරනවාවගේ යැයි ඇය මාධ්‍යට පවසා තිබේ.

ආධුනික ගායිකාවක් ලෙස තමා මුල් කාලයේ එම ගීතය ගායනා කිරීමේදී අවශ්‍යවූයේ ශ‍්‍රැතියට ගායනා කිරීම පමණක් බවත්,එහිදී එම ගීය හැගීම් බරව ගායනා කිරීමක් සිදු නොවූවා යැයි හැගෙන බැවින් මෙය නවත ගායනා කිරීමට තීරණය කළ බවද ඇය පවසන්නීය.මෙලෙස යළි නිර්මාණය වූ  නිරෝෂාගේ ‘සිත හඬයි’ ගීතය පසුගිය සති අන්තයේදී හිරු එෆ් එම් නාලිකාව තුළින් පළමුවරට විකාශය විය. 
 
Related Posts with Thumbnails