Ads 468x60px

.

දිලන්තට ලංකාවට පැමිණීමේ තහනම තාවකාලිකව ඉවත් කරයි

ශ්‍රී ලාංකිකයෙකු වන අන්තර්ජාතික රේසින් ශුරයෙකු වන දිලන්ත මාලගමුවට ශ්‍රීලංකාවට පැමිණීමට පනවා තිබු තහනම උසාවිය විසින් තාවකාලිකව ඉවත්කොට තිබෙනවා.මෙම තහනමට හේතු වී ඇත්තේ දිලන්ත විසින් සිදුකරන ලද නොමනා ගනදෙනුවක් සම්බන්ධයෙන් නැගුනු චෝදනා හේතුවෙනි.දිලන්ත විසින් ලංකාවේ ව්‍යාපාරිකයෙකු වන ගනදිපම් සිවජෝති නම් පුද්ගලයෙකු ජපානයේ යෝශියුකි හයාෂි වෙත හදුන්වා දී ඇත්තේ ලංකාවේ ආයෝජන කටයුත්තක් සඳහායි.

එහිදී හයාෂි විසින් සිවොජෝති වෙත ඇමරිකානු ඩොලර් 600,000 මුදලක් ලබාදී ඇත්තේ මාස තුනක් ඇතුලත ඇමරිකානු ඩොලර් 840,000 ගෙවීමේ පොරොන්දුව මතය.නමුත් එම ව්‍යාපාරිකයා එය ගෙවීමට අසමත් වී ඇති හෙයින් හයාෂි විසින් ජපානයේ රහස් පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් කර ඇත.එහිදී ජපානයේ රහස් පොලිසිය විසින් දිලන්තට චෝදනා කර ඇත්තේ ඔහු මෙම ගනදෙනුවට සම්බන්ධ වී සිවජෝති මහතාගෙන් රුපියල් මිලියන 15 ක් ලබාගෙන ඇති බවයි. 

නමුත් පෙත්සමක් ඉදිරිපත් කරමින් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන දිලන්ත තමා ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය වෙනුවෙන් බොහෝ සෙයින් කැපවී කටයුතු කල අයෙක් බවත් කිසිදු මුදල් ගණදෙනුවකට සම්බන්ධ නොවූ බවත් කියා සිටිනවා.මෙම මස 14 වනදා ඔහු අධිකරණයේ පෙනී සිටීමේ පොරොන්දුව මත ඔහුට ලංකාවට පැමිණීමට අවසර ලබාදුනි.ඔහු දැනට ජිවත් වන්නේ මලයාසියාවේය.මෙම මස 16 හා 17 කොළොඹ පැවැත්වෙන ස්ට්‍රීට් රේසින් තරඟාවලියට සිය ලැම්බෝගිනි රථය සමගින් සහභාගිවීමට නියමිතයි.
 
Related Posts with Thumbnails